ඉහලම ලේකම් වරයෙකුට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි..


 රාජ්‍ය සේවයේ ඉහළම මට්ටමේ ලේකම් ධුරයක් දරන පරිපාලන නිලධාරියකුට එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස රජය විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මෙම නිලධාරියා මීට පෙර කිසිදු අමාත්‍යාංශයක ලේකම් ධුරයක් දරා නොමැති අතර, කනිෂ්ඨ රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී වත්මන් පාලනය යටතේ සෘජුවම රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක් සඳහා පත් කරනු ලැබූවකි. 

කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන ඔහු පසුව ආචාර්ය උපාධියක් ද ලබාගෙන ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, අදාළ තනතුරේ වගකීම් ඉටු කිරීමේදී අපේක්ෂිත මට්ටමේ කාර්යක්ෂමතාවයක් නොපෙන්වීම, පරිපාලන සේවා පළපුරුද්දේ මදිකම සහ ඔහුට එරෙහිව එල්ල වී ඇති තවත් චෝදනා කිහිපයක් මුල් කරගනිමින් රජය මෙම තීරණයට එළඹ ඇතැයි පැවසේ. 

ඒ අනුව ඔහුව වත්මන් ලේකම් ධුරයෙන් ඉවත් කර, විදේශයක තානාපති තනතුරක් සඳහා පත් කිරීමට නියමිත බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

මේ අතර, පුරප්පාඩු වන එම ලේකම් ධුරය සඳහා එම අමාත්‍යාංශයේම දැනට අතිරේක ලේකම් තනතුරක් දරන, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ බහුල අත්දැකීම් සහිත නිලධාරියෙකු පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. 

නව ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත මෙම නිලධාරියා, පසුගියදා දිවයිනට බලපෑ ආපදා තත්ත්වයේදී රජයේ සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ අයෙකු බව ද වාර්තා වේ.

19 Comments

  1. නිළධාරියා ගේ බල නහර වලට තෙරුවන් සරණයි

    ReplyDelete
    Replies
    1. මෙතන සිනිය්ර ජූනියර් කතාවක් වැඩක් නැහැ, ඔය පරිපාලන සේවයේ ඉන්න බහුතරය අමු මැට්ටෝ, වසර ගණනවාක් පළපුරුද්ද කිව්වාට තියෙන්නේ තැන් තැන් වලට වැඩ අනපු එක විතරයි, විෂය දැනුම නැහැ. ලංකාවේ විතරයි විෂය දැනුම නැති අය විෂය දැනුම අවහ්‍ය තැන්වල ලොක්කෝ බක්කෝ කරන්නේ, අර කාලගුණේ කිව්ව දේ ඇහැවනම් තේරෙයි

      Delete
    2. පරිපාලන සේවාවේ අය කැත විදිහට උසස්වීම් ගැනීම ලාභ ගැනීම හදාගෙන තියනවා, ඊ බී ඒකසෑම් උනත් ලොකු වාරගනනාවක් පාස් නොවී ඉන්න පුලුවන්, ස්ලීඩා කියලා එක අටෝගෙන බොරු MSc හදාගෙන තවත් ඉහලට යන්න හදනවා, ඒ අතර MSO ලාගේ MN3 වැටුප් කාණ්ඩය දෙන එකටත් විරුද්ධයි, පරිපාලන සේවය හිතන් ඉන්නේ සියල්ල දත් සහ සියල්ල තමන් ට පමනයි යන මතය. මෙයට අමතරව වෙනත් විධායක නිලධාරීන් සිටිනවා විෂය දැනුම සහිත, අප අත්දැකීමෙන් කියන්නේ, එවන් විධායක සේවා වල නිලධාරීන් බුද්ධිමත් නිසා ඒ අය කියන දේ මේ පරිපාලන අයට තේරෙන්නේ නැහැ. දක්ෂ මිනිසුන් ගැටුමට නොයන නිසා මෙම පරිපාලන නිලධාරින් උසස් කුලයකට පත්වෙන්න හදනවා, මේ ගැන හොයන්න ඔන

      Delete
    3. wimalayage bala nahara nam dan wada nahalu.gedarinuth yawalalu

      Delete
    4. බලනහර වලට වැඩේ දෙන්නෙ මහඑකාලගෙ හොරකම් ගැන පොලීසියට පැමිණිලි කලොත් විතරනෙ.

      මේ බූවා එහෙම නොකරපු හින්ද පොරට තානාපති අල්ලසක් දීල. 

      Delete
  2. වැඩබැරි එකාට උසස්වීමක් දීලනේ තානාපති කෙනෙක් කරනවා කියන්නේ

    ReplyDelete
    Replies
    1. කැළණි කැම්පස්

      Delete
  3. ආ ඔය අර රේගුවෙන් ගෙනා කෙනා ද? යකෝ කැළණි බැචා ල ත් හරි යන්නේ නැත්තං ඉතින් මුංට නිළධාරීන් මවලා තමයි ගන්න වෙන්නේ

    ReplyDelete
  4. කුමානායක නේ බං මම කියන්න ඔච්චර 5බය මොකද

    ReplyDelete
  5. කැලණි කැම්පස් එකේ අනුරගෙ රූමා

    ReplyDelete
  6. රේගුවේ ගූ කාපු එවුන්ට ලේකම් පදවි දෙන්න හොඳ නෑ කියල අපිට නම් හොඳට තේරුනා.

    ReplyDelete
  7. ලේකම් කම කොරන්න බැරි එකා තානාපති කම හරියට කරයි ද....ඔන්න විදේශ සේවයේ තරම...

    ReplyDelete
  8. ලේකම් ට වැඩ බැහැ....
    එයාගේ ලොක්ක ට ත් වැඩ බැහැ....

    ReplyDelete
  9. President Secretariat Chief of staff, additional secretary, secretary education, secretary to the Prime minister තනතුරු රැසක් දැරූ අනුර දිසානායක දක්ෂයි සහ හොඳයි.

    ReplyDelete
  10. ලොක්කගේ වැඩ බැරිකම ලේකම්ගේ පිටින් යවන්න හදන්නේ.
    කොහොමත් දෙන්නම "L" බෝඩ් නේ !

    ReplyDelete
  11. මේ ආණ්ඩුවේ කාටද වැඩ පුළුවන්? ඒක නේ පාරෙ පැච් එකක් දමපු මිනිහා මුව නොසෑහෙන්න ප්‍රශංසා කළේ. ගස් නැති රටේ එඬරු ගහත් ගහක් කිව්වා වගේ තමයි.

    ReplyDelete
  12. The blind leading the blind
    අන්ධයා තවත් අන්ධයෙකුට මග පෙන්වනවා

    ReplyDelete
  13. I 've been telling this for long time that this dickhead has no diplomatic skils. Appoint a top notch diplomatic with good PR and administrative skills. One thing, the existing SLS carders are no better. They are ridiculouly outdated and damn fools.

    ReplyDelete
  14. LEKAM VITHARAK NOWEI AANDUWAMA ILLa ASWUNOTH NARAKADA?

    ReplyDelete
Previous Post Next Post