පොල්පිටිය බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලේ පාලම මතින් පහළට පැන කෙසෙල්ගමු ඔයේ අතුරුදහන්ව සිටි පුද්ගලයාගේ සිරුර පොල්පිටිය පොලිසියේ නිළධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගොඩ ගෙන සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මූලික රොහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කල බව පොල්පිටිය පොලිිසියේ ස්ථානධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් කුමාර මහතා පැවසීය.
මෙසේ කෙසෙල් ගමුඔයේ සිට ගොඩ ගනු ලැබුවේ පල්ලේවත්ත පොල්පිටිය ප්‍ර දේශයේ පදිංචි කේ.එම්.අරුණ ප්‍රියන්ත නැමති 56 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු මානසික රෝගයකින් පෙලෙන අයෙකු බවත්, ඔහු නිවසේ සිට ජලාශ වේල්ල දිගේ දිව විත්, කෙසෙල්ගමුඔයට පැන ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොල්පිටිය පොලිිසියේ නිළධාරින් කිය සිටියෙ.
රංජිත් රාජපක්ෂ

පොඩ්ඩක් බලපං මහ බැංකුවේ එකෙක් ද කියලා.
ReplyDelete