මහවිරු දිනය යෙදුණු ඊයේ (27) සිකුරාදා දිනයේදී දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ඉටිපන්දම් දල්වා සැමරුමක් සිදු කර ඇති බව වාර්තා වේ.
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්‍යම් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂන්මුගම් කුගදාසන් යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ කාමරයක් තුළදී මෙම උපහාරය දක්වා ඇති බව රාසමාණික්‍යම් මන්ත්‍රීවරයා සිය Instagram ගිණුමේ වීඩියෝවක් පළ කරමින් සඳහන් කර තිබේ.
රතු සහ කහ පැහැති රෙදිකඩක් එළන ලද මේසයක් මත තැබූ නියඟලා මලක ඡායාරූපයක් ඉදිරිපිට ඔවුන් දෙදෙනා ඉටිපන්දම් දල්වා දෑත් බැඳ නිහඬව සිටින ආකාරය එම වීඩියෝවේ දැක්වේ.
"අපේ ජනතාවගේ අයිතිවාසිකම් සහ විමුක්තිය වෙනුවෙන් ජීවිත පූජා කළ මහවිරුවන් සහ යුද්ධයේ බිහිසුණු බවින් මියගිය අපගේ ඥාතීන් සිහිපත් කරන කාර්තිගෙයි 27 වන දින, අද මම පාර්ලිමේන්තුවේදී ඔවුන්ට මගේ හෘදයාංගම උපහාරය පුද කළෙමි," යනුවෙන් රාසමාණික්‍යම් මන්ත්‍රීවරයා සිය සටහනේ සඳහන් කර ඇත.
මෙම දිනය සිය ජනතාවගේ ඉතිහාසයේ ගැඹුරු වේදනාවක් සහ නොමැකෙන මතකයන් රැගත් දිනයක් බවත්, බොහෝ මව්වරුන්ට සිය දරුවන් අහිමි වී පවුල් රැසක් සිය ආදරණීයයන්ගෙන් වෙන් වූ බවත් ඔහු එහි වැඩිදුරටත් ලියා තිබේ.
මේ අතර, අයවැය සැසිවාර සඳහා කොළඹට පැමිණ සිටි තවත් දෙමළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද මීට පෙර සතිය තුළදී උපහාර දක්වා තිබේ. වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන් මහතා මියගිය සටන්කරුවන්ගේ සුසාන භූමියක ඡායාරූපයක් ඉදිරිපිට පහන් දල්වා මල් තබා උපහාර දක්වා ඇති අතර, මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට ඔවුන්ට ගෞරව දක්වා ඇති බවද වාර්තා වේ.
Memorial Tribute Marks Mahawiru Day in Parliament
On Friday, November 27, the solemn observance of Mahawiru Day took place within the Sri Lankan Parliament, led by two Tamil Members of Parliament who ignited candles in remembrance of those who made the ultimate sacrifice.
Shanakyan Rasamanickam, representing the Madakalpuwa District, and Shanmugam Kugadasan from the Trincomalee District, paid homage in a parliamentary chamber, as shared in a video posted on Rasamanickam’s Instagram account.
The footage captures the two standing united in solemn silence, hands clasped, with a table adorned with red and yellow fabric, where the candles were placed before a backdrop of floral arrangements.
“On this day, November 27, we remember the great heroes who sacrificed their lives for the rights and freedom of our people, as well as our loved ones who perished in the horrors of war,” Rasamanickam stated in his post, expressing his heartfelt tribute.
He elaborated that this date holds profound sorrow and enduring memories in the history of his community, highlighting the loss faced by many mothers who have mourned the deaths of their children, leaving countless families separated from their loved ones.
In the days leading up to this significant remembrance, other Tamil parliamentarians who had arrived in Colombo for the budget sessions also participated in tributes. Vanni District MP Thurairajasegaram Raviharan placed flowers and lit candles at a memorial site for fallen combatants, while Madakalpuwa District MP Gnanamuthu Srinathan also paid respect by honoring them from the podium of Parliament.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

"ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල්"... 😡🤮 මේ කල්ලතෝනි හැතිකරය (පහුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටි පොන්නයා ද ඇතුලුව) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින්, අපේ බදු මුදලින් නඩත්තු වෙමින් රට බෙදීමට ප්‍රසිද්ධියේ ක්‍රියාකාරීව කටයුතු කරමින්, රට බෙදීමට දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් බිහිකර සටනේදී මියගිය ඒ ත්‍රස්තවාදී පරයන් මේ විදියට සමරන්නට ඉඩදී තව දුරටත් අපි ඉවසා සිටිය යුතුද? 😡🤮 කෝ තොපි පාරම්බාන සැමට සමාන නීතිය? 😡 රටේ සාධාරණ නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් වහාම ක්‍රියාත්මක වන පරිදි මුන්ව අත්අඩංගුවට ගෙන, අධිකරණ ක්‍රියාමාර්ග තුලින් ප්‍රජා අයිතිය ද අහෝසි කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදිය යුතුය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ පරයන් ගේ නීති විරෝධී ක්‍රියා පිළිබඳව කටයුතු කරන ආකාරය පිළිබඳව අපි විමසිලිමත්ව බලා සිටුමු!
ReplyDelete