කදෙන් හිස වෙන්කර හතර මං හන්දියේ පිලිමයක ගහයි...


 අම්බලන්තොට, බෝකුටුයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ හිස කඳින් වෙන් කර ප්‍රසිද්ධ ස්ථානයක දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. 

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි තිදරු පියෙකි. තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳගේ පියා (මාමණ්ඩිය) බව පොලීසිය තහවුරු කරයි.

පුද්ගලයන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවසට පැමිණ මෙම ඝාතනය සිදු කර ඇති අතර, පසුව මියගිය පුද්ගලයාගේ හිස කඳින් වෙන් කර මාමඩල මංසන්දියේ ඇති පිළිරුවක ගසා ගොස් තිබේ.

මියගිය පුද්ගලයා මීට පෙර ඇලේගොඩ ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු වන අතර, ඔහු පසුගිය මාර්තු 30 වැනිදා ඇප මත නිදහස්ව පැමිණි අයෙකි.

එම පැරණි ත්‍රිත්ව ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

පොලීසිය විසින් ඝාතනය සිදුවූ ස්ථානයේ තිබී ඝාතකයින් විසින් දමා ගිය මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සොයාගෙන ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය මේ වන විට පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

2 Comments

  1. ඉස්සර දැකපු දේවල් නැවත සිහිවෙනවා මේවා ඇහුවම.
    මිනීමරුවා තමන්ගේ NIC එක දාලා ගිහින් නැද්ද?

    ReplyDelete
  2. ජේවීපී අප්පුහාමිලගෙ වැඩ ආයෙත් පටන් අරගෙන

    ReplyDelete
Previous Post Next Post