නැගෙනහිර පර්යන්තය ආයෝජකයෙකුට දුන්නොත් දෙන්නේ රටට ඉතාම වාසිදායක වන ලෙසයි..


 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බවට පැතිර යන මතයන් වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් රජය, වරාය අමාත්‍යාංශය හෝ වරාය අධිකාරිය තුළ කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් මේ සම්බන්ධයෙන් කළේ යැයි කියන ප්‍රකාශ පිළිබඳව කළ විමසීමේදී, අමාත්‍යවරයා පැවසුවේ කවුරුන් කුමන අදහස් පළ කළ ද එවැනි වැඩපිළිවෙළක් නොමැති බව වරාය අධිකාරියේ සභාපතිවරයා ද තහවුරු කර ඇති බවයි.

රජය පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතත්, විවිධ ආයෝජන යෝජනා ඉදිරිපත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. එම යෝජනා සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට රජය විවෘතව සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

යම් හෙයකින් මෙම පර්යන්තය ආයෝජකයෙකුට පිරිනැමීමට රජය අනාගතයේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නේ නම්, එය මහජනතාව සහ වරාය සේවකයන් සමඟ සාකච්ඡා කර සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය.

එවැන්නක් සිදු වුවහොත් එය රජයට, වරායට සහ ජනතාවට උපරිම වාසි සැලසෙන ව්‍යාපාරික සැලැස්මක් යටතේ පමණක් ක්‍රියාත්මක වන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

7 Comments

  1. මේ ඉන්දියාවේ ගූ සල්ලි වලින් නඩත්තු කරන පාදඩ වේසා බල්ලෙක් ... මේක මේ ඔක්කොම ඉන්දියාවට පවා දීල ඉවරයි ...

    ReplyDelete
  2. ආයේ බලයක් ලැබෙන්නේ නැති නිසා රටේ සම්පත් ඔක්මකො විකුනලා, පරම්පරා හතකට ගරාගෙන, පවුල් පිටින් රටින් පැනපං.

    ReplyDelete
  3. තොපි ඕක විකුණල ඉවරයි. තාම කෙප්ප කෙලිනව.

    ReplyDelete
  4. සම්පත් විකුණා kataya පිරවීම.

    ReplyDelete
  5. 77 වසරක සාපය තොපි. තොපි කිසි ආණ්ඩුවකට දෙන්න නොදී උද්ඝෝශන කරලා අන්තිමේ බලයට බොරු කියලා කියලා පත්වෙලා දැන් වටිනම සම්පත් ටික විකුනලා ඒකෙනුත් හොරාකන නේද යන්නෙ.

    ReplyDelete
  6. බටහිර අදානිට දුන්නනම් නැගෙනහිර විතරක් බැරි මොකද බන්? ඒකත් දීලා දාන්න.

    ReplyDelete
  7. idiyawa ekka gahapu hora givisum monada kiyala ratata eli karala hitapiya mulinma.ita passe minissu danaganaiu umbla me ratata kiyanne aththada biruda kiyala.

    ReplyDelete
Previous Post Next Post