විපක්ෂයේ මන්ත්‍රීවරුන් රජයට එක් කර ගැනීමේ වැඩපිළිවෙළක් තිබේ දැයි කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ජාතික ජන බලවේග රජය යනු ස්ථාවර හා ශක්තිමත් රජයක් බව පෙන්වා දුන් ඇමැතිවරයා, රජය ස්ථාවර කිරීමේ අදහසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට රජයට එක්වන ලෙස ආරාධනා කිරීමේ කිසිදු අවශ්‍යතාවක් වත්මන් රජයට නොමැති බවද ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙසේද පැවසීය.
"රට ගොඩනඟන වත්මන් රජයේ වැඩපිළිවෙළට විපක්ෂයට සහාය දීමට අවශ්‍ය නම්, තමන් සිටින ස්ථානවල සිටම ඒ සඳහා සහාය දීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම, රට ගොඩනැඟීමේ කටයුතු සඳහා හැකියාව ඇති, එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ඕනෑම අයකු රජයේ කටයුතුවලට දායක කර ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි."

උමා ඔයේ හිලා. කිහිල්ල කහ කහ කජු කාපු නුගත් මෝඩයා
ReplyDelete