මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා ඇමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගෙන තිබේ.
නිලධාරියෙකු සඳහන් කළේ, සයිබර් ප්‍රහාර සහ දත්ත සොරකම් හඳුනාගැනීම පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ඇමෙරිකානු සයිබර් ආරක්ෂණ සමාගමක සහාය ද මේ සඳහා ලබාගෙන ඇති බවය.
මීට අමතරව, ඕස්ට්‍රේලියානු බලධාරීන් ද මෙම පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාවට සහාය දක්වන අතර, ඒ අනුව මෙය ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම වංචනික විද්‍යුත් පණිවිඩ නිකුත් වූ මූලාශ්‍රය, සොරකම් කරන ලද මුදල් මේ වන විට පවතින ස්ථානය හෝ මෙම ජාලය පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත.
මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ද මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමර්ශනය කරමින් සිටියි.
මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය ජනවාරි මාසයේ සිට දැනුවත්ව සිටියද, ඒ පිළිබඳ පළමු පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ පසුගිය මාර්තු 28 වනදාය. ඒ අනුව විධිමත් පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ ඉන් අනතුරුව බව වාර්තා වේ.
වෙනත් රටවලට ගෙවිය යුතු ණය වාරිකවලට අදාළ ලිපිලේඛන ද මෙම සයිබර් ප්‍රහාරය මගින් සොරාගෙන හෝ පිටපත් කර ඇති බවට භාණ්ඩාගාර නිලධාරීන් සැක පළ කරයි. මේ හේතුවෙන් මින් ඉදිරියට ඕනෑම මුදල් හුවමාරුවකට පෙර විද්‍යුත් පණිවිඩ සහ දත්ත දැඩි ලෙස පරීක්ෂා කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.
මේ අතර, ප්‍රංශයෙන් ලබාගත් ණය මුදලකට අදාළ ලේඛන ද අතුරුදන් වී ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි. එම පුවත සාවද්‍ය බවත්, ණය ගෙවීමේ කටයුතු නියමිත පරිදි සිදුවන බවත් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෝඩ ජෙප්පො රට කනවා.
ReplyDeleteඉදිරිපත් කර ඇත්තේ පසුගිය මාර්තු 28 වනදාය
DeleteHanagan INNA haduwe, podi um chu giyahama wage
bari una
තඹුත්තේගම FBI එකෙන්ද ආවේ ?
ReplyDeleteරැවටීම වංචාව ජීවිතය බවට පත්කරගත් ,නූගත් කටහැකර වහල් කලු කොට වසලයා මහබැංකුවේ ඉතිරැටික සුද්දකරන්න, නාසිවාදී මිනීමරැ අැස්පහට, "අයි ඵම් ඵෆ්" මාපියාවට,මහබැංකුවේ හතරමායිම මැනගෙන යන්නට, කූඨ කලු කැත වසලයා හොරා අගුරැ කුමාර සහ මාලිමාවුන් සහයෝගය දක්වන්නේ
ReplyDeleteනැවත ලංකා රාජ්යේය කිසිවක් කිසිවෙකුට ඉතුරැ නොකරනා වෙෙරීය චේතනාවෙන් බවට පැහැදිලියි,.
වසල මුග්ධ අනන්තයටම පචකොටා, නූගත් මාලිමා හොර හැත්ත ද අැතුලුව ඵකිනෙකා කාකොටාගෙන උනුන් මිනීමරාගෙන, නූගත් වසල අගුරැ කොටාද මරාදමා විනාශවී යෑම නුදුරැ අනාගතයේදීම සිදුවීම අහබුවක් නොවනා බව සබුද්ධික සැමගේ අවධානයට,.!
නූගත් අගුරැකන කලු කොටා බටහිර සර්පපයින් රෙද්ද අස්සේ දමාගෙන,නියත ලෙසට, ස්ථීරලෙසටම "සියදිවි නසාගෙන" මියයන බවට සාකෂි සාදක සහිතවම ස්ථීර අනාවැකියක්,.!