IMF ඊළග වාරිකය ගන්න ඉන්ධන මිල සංශෝධනයක්..


 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මීළඟ ණය වාරික දෙක ලබා ගැනීමට පෙර, මෙරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීම කෙරෙහි ඉහළ පෙළේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා ප්‍රකාරව, භාණ්ඩ හා සේවා සැපයීමේදී ශ්‍රී ලංකා රජය විසින් පිරිවැය නොපියවෙන පරිදි සහනාධාර මත ඒවා අලෙවි නොකළ යුතුය.

ඒ වෙනුවට සැබෑ පිරිවැය නිරූපණය වන පරිදි මිල නියම කළ යුතු බවට එම ගිවිසුම්වල අවධාරණය කර ඇත.

මේ පිළිබඳව මෑතකදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ප්‍රකාශ කළේ ඩීසල් ලීටරයක සැබෑ මිල මේ වන විට රුපියල් 720ක් පමණ වුවද, ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට එය ලබා දෙන්නේ ඊට වඩා බෙහෙවින් අඩු මිලකට බවයි. එහිදී රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් සියයකට ආසන්න සහනාධාරයක් දරන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හා එකඟතාවලට අනුව භාණ්ඩවල මිල නියම කිරීමේදී සැබෑ පිරිවැය නිරූපණය විය යුතුව තිබේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එළැඹෙන 27 වැනිදා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ණය වාරික සමාලෝචන රැස්වීමට ප්‍රථම, මෙම ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

3 Comments

  1. බොරු. පිට රටවල සිල්ලර මිල වෙන්නේ 500-600 විතර. බදු ඔක්කොම ඇතුළුව. එතකොට ඉතිරි 120 පචකුමාරය පිල්ලි ගහනවද?

    ReplyDelete
  2. අපි ආවම අධිරාජ්‍යවාදී අයි එම් එෆ් එක ලංකාවෙන් එලවනවා

    ReplyDelete
    Replies
    1. Born to lie , live by lie, lead by lie. That's what they are. It's too late when rice eating cows realize this.🤣

      Delete
Previous Post Next Post