විදුලි බල මණ්ඩලයේ පැවැත්ම උදෙසා විදුලි ඒකකයක් විකුණනු ලබන මිල එහි නිෂ්පාදන පිරිවැයට අනුකූලව තීරණය විය යුතු බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් එම ප්‍රතිපත්තිය තමන්ද පිළිගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (29) එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැය අඩු කිරීම රජයේ මූලික සැලසුම බවයි.
ඒ සඳහා දැනටමත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු අනාවරණය කළේය. ඒ අනුව සුළං බලයෙන් මෙගාවොට් 70ක් දැනටමත් ආරම්භ කර ඇති අතර, තවත් මෙගාවොට් 250ක ව්‍යාපෘතියක් සඳහා ස්ථාන හඳුනාගෙන ඇත. මීට අමතරව සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සහ මෙගාවොට් 108ක බැටරි ගබඩා පද්ධති ස්ථාන 16ක ස්ථාපිත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ රුපියල් බිලියන 112.4ක වියදමින් ඉදිවන රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස, මීට පෙර මෙරට පැවති ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය හමුවේ අතරමග නතර වී තිබූ බවයි.
රජයේ ආර්ථික දැක්ම පිළිබඳව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ ඕනෑම බාහිර කම්පනයකට හෝ අර්බුදයකට නොසැලී මුහුණ දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවයි.
ලංකා ඉතිහාසයේ අඩුම අයවැය හිඟය වාර්තා කිරීමට වත්මන් රජයට හැකි වී ඇති බවත්, ජාතික ආදායම දශක තුනකට පසුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු මට්ටමකට ඉහළ නැංවීමට සමත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ වුණාට ඔබ තුමා ඒවා කියන්ඩ යන්ඩ එපා, ඔබ තුමා ඇත්ත කියන් නෑ නෙ.
ReplyDeleteඑදා IMF එකට විරුද්ධව සිංහ පාට්, දැන් නැට්ට දෙපරන්ද අස්සේ 🤦♂️
ReplyDeleteඇයි උඹලා මහින්ද රාජපක්ෂ ගැන දන් නැද්ද? එතුමත් සිංහ පාට් තමා දැම්මේ. අන්තිමේදී නැට්ට ඔය ස්ථානයේම ගහගෙන අයි.එම්.එෆ්. ගියා. ඒ විතරක් නෙවේ මල්ලි ගෝඨා ජනාධිපති වෙලා විනාසම වෙලා ගියාට පස්සේ, රනිල් ට කියලා අයි.එම්.එෆ්. ගියා. ඔයිට කලින් ඔය පරිප්පුව කෑවේ චන්ද්‍රිකා. එතුමියත් කලින් යූ එන් පී ආණ්ඩුවට දෙස් දෙවොල් තිබ්බා අයි.එම්.එෆ්. පදේට නටනවා කියලා. අන්තිමේදී ගියා බලු කික්කි වගේ. මෙහෙමයි, ලංකාවේ කවුරුත් දේශපාලන වේදිකාවේ මොන බහුබූත කිව්වත්, කොරන්ඩ තියෙන්නේ එකම විදියයි. ඒ විදියට තමා ඔය කොරන්නේ.
DeleteIMF එකෙන් ණය ගන්ඩ ජනාධිපති කෙනෙක් මොකටද කියල අහනව, අහනව වගේත් යන්තම් මතකයක් තියෙනව.
Deleteඑතකොට චන්දෙට කලින් අංර ලොක්ක කර අඹර අඹර කිව්වෙ IMF එකෙන් එලියට යනවය ඔය මොකුත් නැතුව අපිට මාස හයෙන් රට හදන්න පුළුවන්ය කෙහෙල්ගෙඩියෙ නැට්ට හයි කරනවය මිනිරන් වලින් ග්‍රපයිට් හදනවය අරකය මේකය කියල
Deleteදැන් ඌ නිදිද රස්සාවකට රට ගිහින්ද
ඔව් ඔව් කිව්ව කිව්ව, ඊට කලින් කිව්වෙ චන්ද්‍රිකා, එතුමි කිව්වෙ අයි.එම්.එෆ්. එකේ ප්ලග් එක ගලෝනව කියලා. එතුමි ගලෝල ප්ලග් එක හයි කර ගත්තා ටොප් එකට. ඊට පස්සෙ මහින්ද රාජපක්ෂ කිව්ව අයි.එම්.එෆ්. එකට ඕනෑ ඕනෑ විදියට මේ මහින්ද රාජපක්ෂ එක්ක සෙල්ලම් කරන්ඩ ලැහැස්ති වෙන්ඩ එපා කියලා, අන්තිමේදී මහින්ද රාජපක්ෂ අයි.එම්.එෆ්. එක එක්ක සෙල්ලම් කෙරුව, කොරල කොරල මල්ලි ගෝඨාවත් සෙල්ලමට අහු කරලා, අන්තිමේදී මල්ලිට තේරෙන් නැතුව ආපහු රනිල් ගොයියා දාලා අයි.එම්.එෆ්. ගිහින් ජාමෙ බේර ගත්තා.
Deleteමෙතන නම් රනිල් ගිය අයි.එම්.එෆ්. එකඟතා අඛණ්ඩව පවත්වා ගැනීමක් හැර, අමුතුවෙන් අලුතෙන් අයි.එම්.එෆ්. ගියා නෙවේ නේ. ඒ නිසා මේ ආණ්ඩුව හොඳයි කලින් නායකයො කියපු කියුම් සහ කොරපු කෙරුම් එක්ක බලද්දි.
IMF පදේට නටන්ඩ ආණ්ඩුවක් මොකටද තියෙන්නෙ කියල කවුද කිව්වෙ කියල කෙබර කොටාට අමතකවෙලා.
ReplyDeleteඅපි IMF එකට රට භාර දෙමු. උන් කියන විදියටම නටනවනම් අර චන්න මහත්මයගෙ නැටුමි කණ්ඩායම පාර්ලිමේන්තුවට යවමු. මෙ ඉන්න ගොන්නු සෙට් එකට පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති තණ පිට්ටනිය බාර දෙමු.
ReplyDeleteIMF එක සාපයක් විදියට ජනතාවට පෙන්නලා, රනිල් කෙරේ වෛරයක් ඇති කරලා මුන් බලය ගත්තෙ බොරු කියලා. දැන් රනිල් හදපු පාරේම යනවා මුන් හැදුවා වගේ. ලැජ්ජාවක් නැති ජාතියක්.
ReplyDeleteමෝඩ ගොං බූරැ කෙටලු වෝ සියලූම නිදහස් වෙලද ගිවිසුම් වලින් වහාම ඉවත්වෙලා,..
ReplyDeleteදේශ සීමාවන් පසුකර යන සෑම නැවකින්ම,..
යාත්රාවකින්ම ගුවන්යානයකින්ම ,..
දේශ සීමා උල්ලංගනය කරනා සෑම ගුවන් ක්‍රියාකාරකමකින්ම..
නැවතත් බදු අයකිරීමට පටංගනිං මෝඩ මූසලයා,.!
කලාපය පසුකර යන සෑම නැවකින්ම ඩෙලර් හයසිය පනහක ආදායමක් ලැබූ බවත් දවසට නැව් හාර දහසත් අටදහසත් අතර ප්‍රමාණයක් මුහුදු කලාපය හරහා ගමන් කරනා බවත්,.
යම්කිසි කූඨ දේශපාලුවෙකු මෙම මුදලින් හරි අඩක් ඵකල සොරකම් කල බවටත්,..
සාකෂි පවතින අතර, වහාම සියලු නිදහස් වෙලද ගිවිසුම් වලින් ඉවත්වී කිසිදු බලපෑමකට යටත් නොවී වහාම නැවතත් බදු අයකිරීම සිදුකරනාලෙස මුග්ධ වහල් පාලකයන්ගේ අවධානයට,.!
අම්මටසිරි.... ඒ උඹ මොනවද බං ස්මෝක් කරන්නේ? මං ගහන ඒවා එකක්වත් ඔය තරම් වදින් නෑ.
DeleteBalusinha
ReplyDeleteANE KAMAK NA HORU ALLANAWANE
ReplyDelete