023,2024,2025 ඩොලර් ගිණුම ධනයි... ඒත් 2026 අවුරුද්දේ සෘණයි...


"2023,2024,2025 ඩොලර් ගිණුම ධනයි. ඒත් 2026 අවුරුද්දේ ඒක සෘණයි" යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂය විසින් බොරලැස්ගමුවේදී සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවැසීය.

එහිදී හෙතෙම මෙසේද සඳහන් කළේය.

"ඇයි දැන් තෙල් තොගවල මිල අඩු කරන්න බැරි? මම හිටපු බල ශක්ති අමාත්‍යවරයෙක් හැටියට බොහොම වගකීමෙන් කියනවා කිසිම විදිහකට මේ තෙල්වලට ගෙවන්නෙ නෑ පරණ ගණන්. සෑම තෙල් තොගයකටම ගෙවන්නේ එක්කෝ දින තුනක සාමාන්‍ය, නැතිනම් දිනපහක සාමාන්‍ය. පෙට්‍රල් ලංකාවෙ මුදලින් රුපියල් 225 යි, ඩීසල් රුපියල් 240 යි. ඉතුරු ටික සියල්ලම අනුර කුමාර ගේත් පැලවත්තෙත් බදු"

දැන් මේ ආණ්ඩුව කියනවා යුද්ධය ඉවර වුණාට තෙල් මිල බස්සන්න බැහැලු. මේ යුද්ධය ඇරඹුණේ පෙබරවාරි 28. මාර්තු පළමුවැනිදා සභාපතිවරයා කිව්වා දවස් 35ට තෙල් තොග තියෙනවා පෝලිම්වල නාස්ති වෙන්න එපා කාලය කා දමන්න එපා කියලා. හැබැයි දවස් කිහිපයයි ගියේ, කලින් ගත්ත තෙල්වලට රුපියල් විසිතුනකින් මිල වැඩි කර කෝටි හයසියයකට වැඩි මුදලක් ලබා ගත්තා.

2023,2024,2025 ඩොලර් ගිණුම ධනයි. ඒත් 2026 අවුරුද්දේ ඒක සෘණයි. ගල් අඟුරු හොරකම නිසා ඩීසල් හෝ දැවිතෙල් ලීටර් දොළොස් ලක්ෂයක් දවසකට පුච්චනවා. අපේ මේ බස් 25000කටම තෙල් ගහන්න පුළුවන් ප්‍රමාණයක් දවසකට ගල් අඟුරු වංචාව නිසා පුච්චනවා. අන්න ඒක නිසයි මේ ඩොලර් හිඟය ඇතිවෙලා තියෙන්නේ එහෙම නැතුව ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙච්ච නිසා නෙවෙයි."

4 Comments


  1. ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මාලිමාවට ජයවේවා !

    ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. Brain-washed idiot. You know the kind

      Delete
    2. "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete

  2. "♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි"

    "කාල් මාක්ස් මෝඩයෙකි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

    ReplyDelete
Previous Post Next Post