වෙන්දේසියේ විකුණන්න ලංසු කැඳවූ රජයේ වාහන 17 කට පොල්ලක්..


 වෙන්දේසියට තැබූ මධ්‍යම පළාත් සභාවේ V8 ප්‍රාඩෝ සුඛෝපභෝගී වාහන සදහා ගැණුම්කරුවන් විසින් ලංසු තැබීමෙන් අනතුරුව නියමිත ක්‍රියාපටිය අනුගමනය කළ වාහන ඉල්ලුම් කරුවන් පිරිසකට මාස තුනකට ආසන්න කාලයක් ගෙවී ඇතත් මේ දක්වා එම වාහන හිමි කර ගැනීමේ අවස්ථාව නොදී සැලසුම් සහගතව කල් මරමින් සිටින බව අදාළ වාහන සදහා ලංසු ඉදිරිපත් කළ ගැනුම් කරුවන් චෝදනා කරති .

එම වෙන්දේසියට ඉදිරිපත් කළ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මහ ඇමති පලාත් කැබිනට් ඇමති වරුන්ට ගෙන්වූ සුපිරි වාහන ඉල්ලුම් කරුවන්ට නොදී ලංසු ඉදිරිපත් කළ වෙනත් වාහන 17 ක් පමණ දැනට වෙන්දේසියේ විකුණා අවසන් කර තිබීමත් අදාල සුපිරි වාහන වෙන්දේසියේ විකිණීමට මෙතෙක් කටයුතු නොකිරීමත් බරපතල සැකයට ලක් වන බවත් ඔවුන් පවසති .

පලාත් සභාව සතු නාස්තිකාර අධි වියදම් සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ විකුණා මහා භාණ්ඩාගාරයට මුදල් බැර කිරීම මෙම වෙන්දේසියේ ප්‍රමුඛ අරමුණ වුවත් මධ්‍යම පළාත් සභාවේ බලධාරීන් එම අරමුණු කඩාකප්පල් වන අයුරින් කටයුතු කර ඇති බවද වාහන වෙන්දේසිය සදහා ප්‍රසිද්ධ කළ දැන්වීම් වල තිබූ කරුණු වලට මුලුමනින්ම පටහැනිව ක්‍රියා කරන බවද ඔවුන් පවසති .

අදාළ වාහනයක් මිලදී ගැනීම සදහා ලංසු තැබූ එක් ඉල්ලුම්කරුවෙකු මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා හට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පලාත් සභාව විසින් ප්‍රසිද්ධ කළ නියමිත ක්‍රියා පරිපාටිය අනුව ඉල්ලුම්පත් යොමු කර සියළු නීත්‍යනුකූල ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු සිදු කළ ද විවිධ හේතු හුවා දක්වමින් විගණන පරීක්ෂණ පවා පවත්වා පලාත් සභාවේ නිළධාරින් කටයුතු කිරීම තමන්ට සිදු කළ බලවත් අසාධාරණයක් බවත් එම ලිඛිත පැමිණිල්ලේ සදහන් වේ.

වෙන්දේසිට තැබූ එක් සුඛෝපභෝගී වාහනයක් මුදල ලක්ෂ 400 ක් පමණ ඉහළ මිලකට තක්සේරු කර ඇතත් අවුරුදු 10 ක් වාහනය පාවිච්චි කළ මෙම වාහන තවත් වැඩියෙන් තක්සේරු කිරීමට උත්සාහ දරන පෙනී යන බව ද විවිධ හේතු පවසා වෙන්දේසිය අවසන් නොකිරීම බරපතල ගැටලුවක් බවත් ඔවුන් පවසති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සදහන් කළේ වෙන්දේසියට ඉදිරිපත් කළ වාහන කිහිපයක් පිළිබඳව යම් ගැටළු සහගත තත්වයක් මතු වී ඇති බැවින් එම වාහන ලංසු කැඳවා යළි වෙන්දේසි කිරීමට තීරණය කර ඇති බවයි.

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය

1 Comments

  1. මේ කරන්නේ ඒක නොවෙයි වැඩි ම ලංසුවට දුන්න කියන්න දුන්නු ලංසු ඔක්කොම
    බලලා ඒ අනුව උන්ගේ එකෙක් ට බැක් date කරලා පොඩ්ඩක් වැඩියෙන් දාලා වාහනේ දෙන්න තමා යන්නේ සමහර විට මුන් වාහනේ මේ ගානට අරගෙන දෙන්නම් කියලා කාගෙන් හරි තව මිලියන් කිහිපයක් ගන්න බලන ව ඇති.car sale කාරයෙක් ගෙන්

    ReplyDelete
Previous Post Next Post