ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩුකරයි...


 මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් උද්ගතව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යමින් පවතින පසුබිමක, මෙරට ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජයේ මැදිහත් වීමෙන් රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.

ආනයනික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම සැලකිල්ලට ගෙන ජනතාවාදී රජයක් ලෙස ජනතාවට සහන සැලසීම සඳහා රජය සතු රාජ්‍ය යාන්ත්‍රණය උපරිම අයුරින් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඒ අනුව, රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන  ලංකා සතොස ආයතනයේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වය ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර  ජනතාව මුහුණ දෙන පීඩනය අවම කිරීම වෙනුවෙන්, (10) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය මඟින් අලෙවි කරනු ලබන භාණ්ඩ 18ක මිල, පිටකොටුවේ තොග මිලටත් වඩා අඩු මිල ගණන්‍ යටතේ පහත හෙළීමට අවශ්‍ය තීන්දු තීරණ ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙන ලදී.



1 Comments

Previous Post Next Post