2025 භාණ්ඩාගාර ශේෂය වැඩි වී ඇත්තේ බිලියන 110කින්.. ට‍්‍රිලියනයක් නෑ.. වාර්ෂික වාර්තාව මෙන්න..


මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද නවතම මූල්‍ය වාර්තාවලට අනුව, 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂය අවසන් වන විට මහා භාණ්ඩාගාරයේ අවසාන මුදල් ශේෂය (Closing Cash balance) රුපියල් බිලියන 110.72 කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වේ. 

නිල දත්තයන්ට අනුව, 2024 දෙසැම්බර් 31 වනදා වන විට මහා භාණ්ඩාගාරය සතුව පැවති අවසාන මුදල් ශේෂය රුපියල් බිලියන 805.11 කි.

එහෙත් 2025 වර්ෂයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයත් සමඟ 2025 දෙසැම්බර් 31 වනදා වන විට භාණ්ඩාගාරයේ සැබෑ අවසාන මුදල් ශේෂය රුපියල් බිලියන 915.83 ක් දක්වා වර්ධනය වී ඇත.

මෙය 2024 වසරට වඩා පැහැදිලි ඉහළ යාමකි. 

රාජ්‍ය මූල්‍ය වාර්තාවලට අනුව පසුගිය වසර කිහිපය තුළ එක් එක් වර්ෂය අවසානයේ භාණ්ඩාගාරය සතුව පැවති මුදල් ශේෂයන් මෙසේය.

  •       2023 දෙසැම්බර් 31 වන විට (සැබෑ ශේෂය): රුපියල් බිලියන 599.52 
  •       2024 දෙසැම්බර් 31 වන විට (සැබෑ ශේෂය): රුපියල් බිලියන 805.11 
  •       2025 දෙසැම්බර් 31 වන විට (සැබෑ ශේෂය): රුපියල් බිලියන 915.83 

භාණ්ඩාගාර දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ 2023 වසරේ සිටම රජයේ අවසාන මුදල් ශේෂය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවයි. 2023 වසරේ පැවති බිලියන 599.52 ක ශේෂය 2024 වන විට බිලියන 805.11 දක්වා ඉහළ ගිය අතර, 2025 වසර අවසන් වන විට එය තවත් රුපියල් බිලියන 110.72 කින් ඉහළ ගොස් බිලියන 915.83 ක මට්ටමක පවතී. 

මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව මෙතනින්




4 Comments

  1. ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මාලිමාවට ජයවේවා !

    ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

    ReplyDelete
  2. 1) ඇප නැතුව ණය
    (2) උගන්ඩාවේ සල්ලි
    (3) Arjuna Mahendran ලංකාවට ගේනවා
    (4) කුඩු පාතාලේ මාස 2න් ඉවරයි
    (5) ඩොලර් මිලියන stories
    (6) “යාලුවගේ account එක” කතා
    (7) ටිල්වින්ගේ ඩොලර් බිලියන 🤦‍♂️
    (😎 VAT අයින්
    (9) පළවෙනි සතියේම 70ක් ඇතුළට
    (10) පෙට්‍රල් 52ට ⛽
    (11) හාල් ඇටයක්වත් import නෑ
    (12) නිධානයක් හම්බුනා 😂
    (13) මන්ත්‍රී වරප්‍රසාද අහෝසි
    (14) Vitz ලක්ෂ 12ට
    (15) විදුලි බිල 1/3ට
    (16) පාස්කු මහමොළකරු එළියට
    (17) ලුණු නැත්තම් පහුගිය ආණ්ඩුව වැරදි
    (18) SMS එකට ලක්ෂ 980
    (19) උමා ඔයේ හිල
    (20) Port City පුරවන්න ගල් මදි
    (21) මුහුදු වතුරෙන් සල්ෆියුරික් 😅
    (22) මිනිරන් වලින් ග්‍රැෆයිට් 🤣
    (23) සුපෝකභෝගී වාහන වෙන්දේසි
    (24) ඇමෙරිකාවට / ඉන්දියාවට එරෙහි දේශප්‍රේමී ආණ්ඩුව
    (25) “අපි බොරු කියලා නෑ”
    (26) වී ගබඩා පුරවනවා
    (27) හාල් මිල අඩු
    (28) රිලවුන්ට දූපතක් 🐒
    (29) “පවුල් දේශපාලනය නෑ”
    (30) සංචිත ඩොලර් මිලියන 20යි කියපු කතා
    (31) හොරකම් කරපු දේවල් මාස 2න් ආපහු
    (32) ප්‍රෝටීන් මලු
    (33) ජපන් බයිසිකල් 🚲
    (34) හාල් 92ට
    (35) “ලංකාව බෞද්ධ රටක් නෙවෙයි” debate
    (36) පන්සල් video නෑ
    (37) IMF එකත් අපේ කොන්දේසි වලට 😂
    🟥 “අරගල cinematic universe” 🤣👇
    (38) අසූචි නැව
    (39) ඉන්දියාවේ බාල බෙහෙත් drama
    (40) Namal Rajapaksaට Lamborghini 19ක්
    (41) Mahinda Rajapaksaට රත්තරන් අස්සයෝ 🐎
    (42) helicopter 4ක්
    (43) ඩොලර් බිලියන 43 wealth story 😂
    (44) 16න් 18ක් හොරකම් logic 🤦‍♂️
    (45) සුදු වෑන් + කිබුල්ලු
    (46) Swiss නාට්ටිය
    (47) Lanka Hospital ගෝටගේ
    (48) Dubai Marriott නාමල්ගේ
    (49) හම්බන්තොට වරායේ “ගලක්”
    (50) rocket එක 🚀
    (51) බල්ලාගේ මාලේ පවුන් 90
    (52) cheque number දන්නවා
    (53) හානි වූ දේපළ compensation fantasy
    (54) ජනාධිපති ආරක්ෂාව විසුරුවනවා
    (55) තහඩුවක් ගියත් ලක්ෂ 10
    (56) ඉඩමට ලක්ෂ 50
    (57) ගෙදරට ලක්ෂ 50
    (58) ගංවතුර පාසල් හදන්න කෝටි 500
    (59) “අපි අරක්කු සිගරට් බොන්නෙ නෑ” 🍺🚬😂
    (60) ආචාර්ය උපාධි drama
    (61) පිළිකාවට නිට්ටාවට බෙහෙත
    (62) ඇමති බංගලා hotel කරනවා
    (63) පාසලට නොගියොත් SMS 📩
    (64) මාලු location SMS 🐟
    (65) “නීතිය කාටත් සමානයි”
    (66) ත්‍රීවීල් ලක්ෂ 4යි 20ට
    (67) හැමෝටම doctor කෙනෙක්
    (68) පාසල් උත්සව වලට දේශපාලකයෝ නෑ
    (69) 2km ඇතුළත super school
    (70) මාස 6න් 6ට පඩි වැඩි 😅

    ReplyDelete
    Replies
    1. ඕක රෝල් කරලා ගහගනින් ඈත් කරලා අධෝ මාර්ගේ

      Delete
  3. Maha Bankuwa oirila dore galanawa kiwwa. Onna boru eliwela. Me aya borukiyala tie kot dala pare yannta puluwan eka gena sathutu wenna oone.

    ReplyDelete
Previous Post Next Post