ඇමරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් 2025 වසරේදී මෙරටින් අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කර ඇති පිටු 143කින් සමන්විත වාර්තාවක් මගින් පෙන්වා දී ඇතැයි විපක්ෂයේ මන්ත්‍රිවරු හෙළි කරති.
ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරී හමුවකට එක්වෙමින් හිටපු ඇමැති පාඨලි චම්පික රණවකත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මේ බැව් හෙළි කරනු ලැබීය.
එමෙන්ම 2024 වසරේ දී එම හිඟය ඩොලර් සෘණ 254ක් ලෙස සටහන්ව ඇතැයි දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා පෙන්වා දෙනු ලැබීය. මෙම තත්ත්වය වර්ධනය වී 2025 වසරේදී එය සෘණ ඩොලර් 808ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවැසීය.
ඒ අනුව මහ බැංකුවේ ඩොලර් මිලියන 808ක් එළියට ගියාද, විනාශයක් සිදුවී තිබේද යන්න පිළිබඳව මහ බැංකුව රටට හෙළිකළ යුතු බවද ඔහු පවසයි.
මෙම වාර්තාවට අනුව පෙනී යන්නේ මහ බැංකුවේ ඩොලර් මිලියන 808ක් රටින් පිටවී ඇති බව යැයිද ජයසේකර මන්ත්‍රිවරයා සඳහන් කළේය.
මේ ආණ්ඩුව බලයට පත්වූ පසු මෙවැනි සිද්ධීන් දිගින් දිගටම වාර්තා වූ බවත් හෙතෙම කියා සිටියේය.
මෙම ඩොලර් මිලියන 808 සලකා බලන විට රටට එන ප්‍රේෂණ සම්පූර්ණයෙන්ම රට තුළට නොඒම අනියම් හෝ නීතිවිරෝධී ක්‍රම හරහා මෙම මුදල අහිමි වී තිබිය හැකි බවද ඔහු පෙන්වා දෙනු ලැබීය.
ශිරාන් රණසිංහ / කමල් සුරවීර

මල්පැල කියල වල්පැල 159ක් ගෙනාපුහම එහෙම තමා.
ReplyDeleteNikan pora talk deene nathuwa kiyapan uba dannawada monawada meke kiwwe kiyalawath...Buru gona ...Paraduna nam gihin chu karala nida ganin...Ubalata 2029 gedara inna thama wenne
Deleteමෙලොව නොනැසෙන එකම දේ සත්‍යය පමණයි. සත්‍යය කුමක් වුවද එය ඉක්මනින්ම එළි වේවා!
DeleteThis article is confusing.
ReplyDelete