උඩරට කෝච්චි පාර හදන්න ඩොලර් මිලියන 300ක් යනවා..


 ‘ඩිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස විනාශයට පත් වූ උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසර අවසන් වීමට පෙර සම්පූර්ණයෙන් නිම කිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ, මෙම ස්වභාවික ව්‍යසනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට සිදුව ඇති සමස්ත හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් ලෙස තක්සේරු කර ඇති බවයි.

ස්ථාන කිහිපයකදීම බරපතළ ලෙස හානියට පත් වූ දුම්රිය මාර්ග කොටස් මේ වන විටත් යථා තත්ත්වයට පත් කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, පේරාදෙණියේ සිට නාවලපිටිය දක්වා සහ කොටගල සිට නානුඔය දක්වා වූ දුම්රිය මාර්ග කොටස්වල ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල කඩිනමින් සිදුවෙමින් පවතින බව ද සඳහන් කළේය.

මේ අතර, නානුඔය සිට අඹේවෙල දක්වා වූ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ද මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය මත නාවලපිටියේ සිට හැටන් දක්වා සහ අඹේවෙල සිට බදුල්ල දක්වා දුම්රිය ධාවන කටයුතු මේ වන විටත් පුනරුත්ථාපනය කර නැවත ආරම්භ කර තිබේ.

එමෙන්ම බදුල්ලේ සිට නානුඔය දක්වා වූ දුම්රිය සේවාවන් ද ඉතා නුදුරේදීම සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

9 Comments

  1. Ubala dollers valin nemei ne ban hadanava kiwwe, high way hadanava kiwwe rupiyal valin, baandagaraya puravala kiwwa neda, apita paanda kiyanne hadapan ithin

    ReplyDelete
  2. These JVP/NPP IDIOTS will lose all future elections. No mercy for lying Basterds.

    ReplyDelete
  3. THIS COULD BE MINIMIZED IF GET READY WITH DITTA WARNING

    ReplyDelete
  4. බැරිනම් ඉල්ලා අස් වෙයන් බන්. ඩොලර් මිලියන 300ක් හොයා නොගෙන ඕක හදන්න බෑ කියන්නේ ආය උඩරටට කෝච්චියක් යන්නේ නැද්ද?

    ReplyDelete
  5. රත්තරං වලින් හදන්න ඕන නැහැ. යකඩෙන් හදාපිය. එතකොට ඔයිට වඩා සෑහෙන අඩුවෙන් හදන්න පුලුවන්. මූ කියන්නේ රත්තරන් වලින් අලුතෙන්ම නුවර පාර හදන්න වගේ. කැඩිච්ච තැන් ටික හදන්න එච්චර යනවද?

    ReplyDelete
  6. ඇද්ද තොපි ගෝඨා කියන රටට වැඩක් කරපු මිනිහ ලෝක අර්බුධ වලින් මිරිකිලා ඉන්න වෙලාවේ ඌට උදව් නොකර ඌට වලකපන්න නුවර ඉඳන් කෝච්චි අරගෙන ආවා. දැන් තොපිට නුවරට කෝච්චි නැහැ. මිනිස්සු කරපු සාප උඹලට වැදිලා, දෙවියන්ගේ කෝපය උඹලට ලැබිලා. කඩේ යන වල් පරයින්ටත්, දූශිත මාලිමා හැතිකරේටත් දෙවියන්ගේත්, මිනිසුන්ගේත් සාපයම පමණයි.

    ReplyDelete
    Replies
    1. අරගලේට ගියපු හැම එකාටම සාප වෙනවා, කරවපු උන්ට හෙන හත වදිනවා.

      Delete
  7. ගාන කිවිවේ කොමිෂන් එකත් එක්කද?නැතුවද?

    ReplyDelete
  8. වැලි කොට්ට ගහලා බැරිවෙයිද ? රතු තරුවේ කට්ටිය දාලා කරන්න බලමු.

    ReplyDelete
Previous Post Next Post