මාලිමාණ්ඩුව නොතිබ්බනං තෙල් ලීටරේ 750 වෙනවා.. අපි මිල වැඩිකලේ බලපෑම අවම වෙන්න...


 වර්තමාන රජය මැදිහත් වී මිල පාලනයක් සිදු නොකළේ නම්, මෙරට ජනතාවට ඩීසල් ලීටරයක් රුපියල් 750 ක වැනි ඉහළ මිලකට මිලදී ගැනීමට සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසයි.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ පෞද්ගලික තෙල් සමාගම් පාඩු ලබන අවස්ථාවලදී තෙල් නිකුත් කිරීම සීමා කරන බවත්, පසුගිය දිනවල දක්නට ලැබුණු ඉන්ධන පෝලිම්වලට එක් හේතුවක් එය වූ බවත්ය.

"සංස්ථාවේ වෙළඳපල කොටස මීට පෙර පැවතියේ 53%-54% ක් වැනි අගයකයි. නමුත් පෞද්ගලික සමාගම් තෙල් නිකුත් කිරීම අඩු කිරීම නිසා දැන් එම අගය 75%-80% දක්වා ඉහළ ගොස් තිබෙනවා" යැයි ඔහු සඳහන් කළේය. පෞද්ගලික සමාගම් පාඩු නොලබන බවත්, ඔවුන් එම බර රජය මත පටවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පෙර රජයන් විසින් පෞද්ගලික සමාගම් සමඟ ඇති කරගත් ගිවිසුම් විවේචනය කළ සභාපතිවරයා, එමඟින් තරඟකාරීත්වයක් ඇති වී මිල අඩු වේ යැයි පැවසුවද එය අසත්‍යයක් බව දැන් ඔප්පු වී ඇතැයි පැවසීය.

වත්මන් රජය තෙල් මිල ඉහළ දමනු ලැබුවේ ආර්ථිකයට සිදුවන බලපෑම අවම වන අයුරින් බවත්, රුපියල් 100 ක පමණ බදු සහනයක් ජනතාවට ලබා දෙමින් මිල පාලනය කිරීමට රජය මැදිහත් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

"අපි කොහොමද මේ මිල ඉහළ යාම උරාගන්නේ සහ ජනතාවට සහන දෙන්නේ කියන එක තමයි මෙහි ඇති වැදගත්ම කරුණ. දූෂණය නැති කිරීම හරහා ඉතිරි කරගත් විශාල මුදලක් රජය සතුව පවතින අතර, එම මුදල් මෙවැනි අවස්ථාවලදී ජනතාවට සහන සැලසීමට යොදා ගන්නවා" යැයිද ජනක රාජකරුණා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අවශ්‍ය වුවහොත් ජනතාව වෙනුවෙන් යළිත් සහනාධාර ලබා දී මිල පාලනය කිරීමට රජය පසුබට නොවන බවද ඔහු අවධාරණය කළේය

15 Comments

  1. වශ්‍ය වුවහොත් ජනතාව වෙනුවෙන් යළිත් සහනාධාර ලබා දී මිල පාලනය කිරීමට රජය පසුබට නොවන බවද ඔහු අවධාරණය කළේය


    oya kiwwe nane ara world record priced oli seller name?

    cheap coal seller is as we know that blacklisted india guy.

    ReplyDelete
  2. මාලිමාව කියන්නෙ සාපයක්

    ReplyDelete
  3. පතිරණ ගලප්පත්තිJune 3, 2026 at 7:50 PM

    දැන්වත් තේරුම් ගන්ඩ. රනිල් හිටියා නම් මේ වෙනකොට පෙට්‍රල් රුපියල් 1200 යි. රොල්ස් රොයිස් යන්නේ පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහගෙන උඹලට හෝන් ගහගෙන, උඹලා පයින් යනකොට.

    ReplyDelete
    Replies
    1. Ira batahirin pawwa nam?

      රනිල් හිටියා නම්

      Delete
    2. හහ් මම රෝල්ස් රොයිස් එක අරං දුන්නේ නැත්තං ගහයි පැට්‍රොල්

      Delete
  4. හොර උගුඩුවා ඵලයන් යන්න.

    ReplyDelete
  5. වෙන්න පුලුවන්. දැනුත් ඔය අඩුයි කියල කිව්වාට බඩු මිල වැඩි වෙනවා. ටැක්ස් වැඩි කරනවා. වක්‍රව ගෙදර හිටියත් ඉන්ධන වලට ගෙවනවා සහනාධාර දෙනවා කියන ටික හරියට මෙයාල ගෙවල් වලින් ගෙනල්ල දෙනවා වගෙ කතාව.
    හැබැයි ගල් අගුරු ව0චාව නොවෙන්නට ඔයිට වඩා අඩුවට දෙන්න තිබ්බා. අඩුම තරමෙ සහනාදාර අඩු කරන්න තිබ්බ. තව කියන්න පුලුවන් වැඩක් නැ

    ReplyDelete
  6. මේ වේසා බල්ලො කියන කුපාඩි කතා කවදා ඉවරවෙයිද කියල කියන්න ගලප්පත්ති පකයාටවත් කියන්න බැරිද?

    ReplyDelete
  7. මුන් කට ඇරියොත් අපේ ලේ රත්වෙනවා

    ReplyDelete
  8. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්

    ReplyDelete
  9. බලශක්තියෙන් සූරාකන මහජනයා තලා පෙලා බදු ලෙස සමස්තයක් සූරාකන මුග්ධ මාලිමාවුන්ට විරැද්ධව වහා පෙළ ගැසෙනූ!!!June 3, 2026 at 9:16 PM

    රැසියානු බොරතෙල්,ගැස් ගල්අගුරැ, පොහොර ලබා නොගෙන ..
    ත්‍රීකුණාමලය බොරතෙල් ගබඩා පහසුකම් ඉන්දියාවට බයවී හකුලා දමා, බොරතෙල් නැවක් දෙකක් මිලට ගතහැකි මණය මුදලකට,''අයි ඵම් ඵෆ්'' ආර්ථික ඝාථකයන්ට සමස්ථ ආර්ථිකය පාවාදී, රජයට වරායෙන් ,ගුවන්තොටෙන් ලැබියයුතු දැවැන්ත විදේශ බදු මුදල් ආදායම ,කූඨ ගිවිසුම් තුලින් වංචාවට කොමිස්මුදලට යටවී විණාශ කර ගනිමින්සෝලා පද්ධති, ව්‍යාප්‍රථි අඩපණ කරදමා විණාශ කරමින්, වන්චනීකලෙස බලශක්තියෙන් සූරාකන මහජනයා තලා පෙලා බදු ලෙස සමස්තයක් සූරාකන මුග්ධ මාලිමාවුන්ට විරැද්ධව වහා පෙළ ගැසෙනූ!!!

    ReplyDelete
  10. පක තමය්ය්

    ReplyDelete
  11. ඈ පකෝ තෝ දන්නවද ලපය බලයට එන්න තොපි තෙල් කීයටද දෙන්නේ කීවේ කියල පකෝ

    ReplyDelete
  12. හැබැයි පෞද්ගලික තෙල් සමාගම් වෙළඳපොලේ ඩොලර් එකසිය අනූ තුනට තියෙද්දි හොරා කන්න ඕනේ කමට ගිනි ගහන හෙන ගහන ලෝක වාර්තාවක් තියල දෙසිය අසූහයට ගෙනල්ල නෑ.මතක තියා ගනින් උඹ පට්ට හොරෙක්. ඒවගේම පහුගිය අර්බුදය කාලෙ සංස්ථාවෙන් පිට වෙච්ච තෙල් බව්සර් ෂෙඩ් වලට යවන්නැතුව හොර පාරෙන් යාළුවෝ ගාවට යවලා ගිනි ගානට විකුණන් කාලා හොරා කාපු හොරෙක්.

    ReplyDelete
  13. සිනිමෝදර සංකJune 3, 2026 at 10:40 PM

    ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්

    ReplyDelete
Previous Post Next Post