ළමා අපයෝජන ලක්ෂය පනී...


පසුගිය වසර දහයක කාල සීමාව තුළ මෙරටින් වාර්තා වී ඇති ළමා අපයෝජන සිදුවීම් සංඛ්‍යාව අවම වශයෙන් ලක්ෂය ඉක්මවා ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

ළමා හා කාන්තා කාර්යාංශය, ජාතික ළමාරක්ෂක අධිකාරිය මෙන්ම රෝහල්ගත වූ සහ නීතිය හමුවට වාර්තා නොවූ සිදුවීම්ද ඇතුළුව මෙරට තුළ සැලකිය යුතු ළමා අපයෝජන ප්‍රමාණයක් සිදුවෙමින් පවතින බව පෙන්වා දෙන ඒ මහතා, මේ සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම අත්‍යවශ්‍ය වී ඇතැයි අවධාරණය කරයි.

ගැහැනු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ද මෙලෙස ළමා අපයෝජනවලට ලක්වන බවත්, බොහෝ දුරට අපයෝජකයා බවට පත්වන්නේ දරුවාට ඉතා සමීප පුද්ගලයකු වීමට වැඩි ඉඩකඩක් පවතින බවත් වෛද්‍යවරයා පවසයි.

නිවස, ආගමික සිද්ධස්ථාන, පුනරුත්ථාපන මධ්‍යස්ථාන, පාසල් හා විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ මෙවැනි අපයෝජන ක්‍රියා බහුලව සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි. වර්තමාන සංකීර්ණ සමාජය තුළ සමාජ මාධ්‍ය ප්‍රචලිත වීම, සමාජ-ආර්ථික හා දේශපාලන අර්බුද මෙන්ම, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ගොදුරු වන පිරිස් ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති බව හෙතෙම සඳහන් කරයි.

ළමා අපයෝජන වැළැක්වීම සඳහා සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම වැදගත් වන අතර, අපයෝජකයන්ට එරෙහිව පවතින නඩු විභාගයන්හි ප්‍රමාදයන් මඟහරවා ඒවා කඩිනමින් අවසන් කිරීමට පියවර ගත යුතු බව ද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

"දරුවකු කුඩා අවධියේදී අපයෝජනයට ලක් වූ විට, ඔහු හෝ ඇය වැඩිහිටි වියට පත් වූ පසු අපයෝජකයෙකු වීමට ඇති ප්‍රවණතාව ඉහළයි."

එබැවින්, ළමා අපයෝජන ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම හෝ දේශපාලන බලතල නොබලා, තරාතිරමකින් තොරව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

9 Comments

  1. අවුරුදු 10ටම ලක්ශයයි. ඇමරිකාව එංගලන්තෙ වගේ කාලකණ්නි සදාචාරයක් නැති ර්ද්ටවල මාසෙට ලක්ශ සීයට වඩා අපචාර වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. විකිපීඩියාවේ උඩින්ම ඉන්නේ එංගලන්තේ කියල තියෙනවා. ප්‍රංශය, නවසීලන්තය, ‍ෆින්ලන්තය උඩින්ම ඉන්නවා අප්‍රිකානු රටවල් පවා ඉක්මවමින්.
      ඒ රටවල් වල පල්ලියේ පූජක සෙට් එක කරපු සෙල්ලම් එලි වෙලා පාප්පයා සමාව ගත්තා ජනතාවගෙන්.

      Delete
  2. මාලිමාවට කෙලවීගෙන එනකොටම එක්කෝ රාජපක්ශලාගේ නඩුවක් ඇදලා ගන්නවා, එක්කෝ චෝදනා කරපු එකාගේ බල නහර කපනවා, එක්කෝ පාතාලේ දාලා ඌව මරණවා, නැත්තන් මාලිමා දොස්තරලා දාලා මිනී මරනවා. ඒත් බැරි නම් තිරුවානා ගල් පෙන්නලා අයිස් කියනවා. එහෙමත් බැරි නම් හාමුදුරුවොන්ට බොරු චෝදනා දාලා හිරේ දානවා. මාලිමාවේ උන් උඩ පැන පැන හාමුදුරුවොන්ට පහර දෙන්නේ ඇත්තටම හාමුදුරුවො එහෙම නැහැ කියලා හොඳින්ම දැනගෙන. ඒත් උන් උන්ගේ විලි වසාගන්නේ දැන් ඕවගෙන්. මේපාර තෙල් වැඩි උනාම උන්ගේ අමුඩෙත් ගැලවුනා. ඒකයි අධිකරණ විනිසුරුවො කැඳවලා තිබුනේ. ඉස්සරහට විනිසුරුවොන්ට තග දාලා, වැඩ තහනම් කරනවා කියලා, නඩු තීන්දු ගනිවි. මිනිස්සු ඒ තීන්දු විශ්වාස කරාවි.

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවොන්ට ශොට් එක දුන්නේ මාලිමාවට කෙල වෙන සීන් එකක් නිසා නෙමේ.

      සාම පා ගමනට ලංකාවෙන් ලැබුනු විශාල ජන ප්‍රසාදය පල්ලියට දිරවපු නැති නිසා.

      තාම හාමුදුරුවොන්ගේ පැත්තෙන් කිසිම ප්‍රකාශයක් කරන්න වත් ඉඩක් දුන්නෙ නැහැ.
      අඩු ගානේ ඔය චෝදනා කරන කෙල්ල වත් තමන්ට වුනේ මොකද්ද කියලා මාධ්‍යයට ප්‍රකාශයක් කරලා නැහැ.
      ඔක්කොම පල්ලියේ මාධ්‍ය වලින් නිකුත් කරන මඩ විතරයි.

      Delete
  3. එහෙනං ඕක 4න් 5න් විතර වැඩි කරලා ගනින්. මොකද මීගමුවේ කුරුස සෙට් එකේ දූශණයි, මඩකලපුවේ කොනකපාලලාගේ දූශණයි වාර්ථා වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හා හා. එයාලගේ චූටි හිත් රිදෙයි.
      උඹලා ජාතිවාදය ඇවිස්සුවා කියලා කියයි හොඳේ.

      Delete
  4. දූශණ වලට ප්‍රධානම හේතුව මත්ද්‍රව්‍ය. මත් ද්‍රව්‍ය පාවිච්චි කරන උන්ගෙන් තමයි වැඩිම හිරිහැර දරුවන්ට.
    අනිත් එක එක්තරා ආගමක්. අවුරුදු 12ට අඩු ලමයින්වත් බඳින්න පුලුවන් ඒ ආගමේ නාමයෙන්.
    යුරෝපෙ නම් ඒ සෙල්ලම් වානා. ලංකාවෙත් ඕවා තහනම් කරන්න ගිහින් ඥාණසාර හාමුදුරුවොන්ට ආන් කුරානෙට අපහාස කරා කියලා නඩු දාලා.

    ReplyDelete
  5. අල්මේදාJune 2, 2026 at 10:35 AM

    ලංකාවේ එකෙක් "පල්ලියගුරු" කියලා ඇමෙරිකාවේ ළමා අපචාරයක් කරලා එෆ්බිඅය් පොලිසියේ නොම්මර එකේ අපරදකරයෙක් වෙලා ඉඳල ඔන්න දැන් හිරබත් කනවා. මු ලංකාවේ නාමය ඉහලින්ම තිබ්බ එකෙක්...
    https://x.com/FBI/status/1263182848141516801

    ReplyDelete
  6. Post from InterPol: Have you seen this man? Chaminda Palliyaguru is wanted for allegedly raping a ​child on March 7 in Ohio. He has ties to New Albany, O​hio, ​and Anaheim, C​alifornia. He ​often t​ravels to Sri Lanka. Submit tips to http://tips.fbi.gov. #WantedWednesday http://ow.ly/359950zLAQU

    ReplyDelete
Previous Post Next Post