කොළඹ කොටස් වෙළෙඳපොළ අද (04) දින ගනුදෙනු අවසානයේදී ප්‍රධාන දර්ශකයන්හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා කළේය. දිනය පුරා පැවති විකුණුම් පීඩනය හමුවේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) සහ S&P SL20 දර්ශකය යන දෙකම 1% කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටී තිබේ.
අද දින ගනුදෙනු නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 250.79 කින් (එනම් 1.14% කින්) පහළ බැස ඒකක 21,760.31 ක් ලෙස සටහන් විය.
මීට අමතරව, මෙරට ප්‍රමුඛතම සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකය ද අද දින ඒකක 66.10 කින් (එනම් 1.08% කින්) පහත වැටී ඒකක 6,031.73 ක් දක්වා පසුබැස ඇත.
ගනුදෙනු ප්‍රස්ථාර දත්තයන්ට අනුව, උදෑසන 09:30 ට වෙළෙඳපොළ ආරම්භයේ සිටම දර්ශකයන්හි ක්රමික පහළ යාමක් නිරීක්ෂණය වූ අතර, පස්වරු ගනුදෙනු කාලසීමාව තුළද එම මන්දගාමී ස්වභාවය එලෙසම පැවතුණි.
වෙළෙඳපොළ දර්ශක පහළ ගියද, අද දිනය තුළ රුපියල් බිලියන 2.78 ක (රු. 2,787,520,092.35) ඉහළ දෛනික පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.
එහිදී සමස්ත කොටස් 123,168,066 ක ප්‍රමාණයක් හුවමාරු වී ඇති අතර, සිදුකර ඇති සමස්ත ගනුදෙනු සංඛ්‍යාව 26,273 කි.

ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections
ReplyDelete