ශිරන්තිට ලොකු කේස් එකක්.. අල්ලසට පැමිණිලි..


2012 සහ 2013 වසරවල අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද ‘දැයට කිරුළ’ ජාතික ප්‍රදර්ශන මාලාවේදී මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද දින පැමිණිල්ලක් ගොනු කෙරුණි.

අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු කාමන්ත තුෂාර මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. එහි සඳහන් වන්නේ අදාළ ප්‍රදර්ශනවල ඉසව් කළමනාකරණ සේවා මෙන්ම ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු නිසි ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව සිදුකර ඇති බවයි.

මේ හරහා මහජන බදු මුදල් අවභාවිත කරමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය රුපියල් කෝටි 12 කට අධික මුදලක් ද, එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මහතා රුපියල් කෝටි 8 කට වැඩි මුදලක් ද වංචා කර ඇති බවට ඔහු චෝදනා කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැඳවුම්කරු කියා සිටියේ මෙම දූෂණ ක්‍රියාවලිය සනාථ කිරීමට අවශ්‍ය සියලුම ලිඛිත සාක්ෂි සහ ලියකියවිලි තමන් සතුව පවතින බවයි.

ඇතැම් විට අදාළ රාජ්‍ය ආයතනවලින් මෙම ලිපිගොනු අතුරුදන් වීමේ ප්‍රවණතාවක් පැවතිය හැකි වුවද, තමන් සතු ලේඛන ඉතා ආරක්ෂිත බාහිර ස්ථාන කිහිපයක තැන්පත් කර ඇති බැවින් ඕනෑම අවස්ථාවක ඒවා ඉදිරිපත් කිරීමට සූදානම් බව ඔහු අවධාරණය කළේය.

මෙම මූල්‍ය සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් කඩිනම් හා විධිමත් විමර්ශනයක් පවත්වා, වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, අවභාවිත වූ මහජන මුදල් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන ලෙසත් පුරවැසි බලය සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි.

7 Comments

  1. බාල ගල් අගුරු ජීවන බර ඔක්කොම යට වෙලා රාජපක්ශ පලිගැනීම් ඉස්මතුවෙලා. ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි ප්‍රබාකරන් කාදිනල් කතෝලික හැත්ත සින්හල බවුද්දයාට ඇරියා ඇරිල්ලක් ත්‍රයි නිකායික මහා නාහිමිවරු පවා මර නින්දෙ.

    ReplyDelete
    Replies
    1. දූෂණ චෝදනා විභාග කිරීම පලිගැනීම් වෙන්නේ කොහොමද ගොබ්බයෝ. නිවැරදි නම් නිදහස් වෙයි. තොපිට ආගම ජාතිය මතක් වෙන්නේ හොරු බේරගන්න උනාමද ? දැන්වත් රාජපක්ෂ ලට ඉඩදීලා කානුවට බහින එක නවත්තපං.

      Delete
    2. සිහලබෞද්ධයා කියලා ඉන්නේ තොපි වගේ සුලුතර අධෝ පනු සෙට් එකක්. ඒ නිසා උබලට ඇරියට කමක් නෑ. උබලව වද කරනවා අපි. ඒක ඒකාන්තයි. ඒක මේ රටේ ඉන්න සිංහල, මුස්ලි​ම්, දෙමළ ජාතිකය​න්ටවත් බෞද්‍ධ, කතෝලික, ඉස්ලාම් හෝ වෙනත් ආගමිකයන්ටවත් ප්‍රශ්නයක් නෑ. තොපි තමා අපිට ඉන්න ලොකුම ප්‍රශ්නය. තොපිව වද කරන එක කරන්වම​යි

      Delete
  2. Okath Ranige CASE eka wage

    President Secretaryge complain ekak da?

    ReplyDelete
  3. මොක බලයට අවත දැනගන්න ඕනේ බලය නැතිවෙනවා කියල
    වැඩ කරන්න

    මිනිස්සු හොර කනවට විරුද්දය්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්. ගල්අඟුරු හොරකමට ඳඬුවම් ලැබෙන්නෙ ඊලඟ ආණ්ඩුවෙන්.

      Delete
  4. මුන්ට වැඩ බැඇඇඇඇඇඇඇඇඇඇඇ

    ReplyDelete
Previous Post Next Post