නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති ජොහන්නස් ෆ්‍රැන්සිස් ඇලන් සහ එම ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.දුෂාන්ත් (ජාතික ජන බලවේගයෙ) යන දෙදෙනා (30) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර එම සැකකරුවන් දෙදෙනාට ජූලි මස 06 දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය ලෙස (30) දින උපදෙස් ලබා දුන් බව නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර රාජනායක මහතා පැවසීය.
එම සැකකරුවන් දෙදෙනා නෝර්වුඩ් නගර මධ්‍යයේදි ඉකුත් (25) දින ගුටි බැට හුවමාරුවක් සිදු කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම පැමිණිලි ලැබී තිබූ බවත්, එම පැමිණිලි විභාග කිරිම සදහා සැකකරුවන් දෙදෙනාම (30) දින නෝර්වුඩ් පොලිසිය වෙත කැදවා විභාග කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව දෙපාර්ශවයම සමතයකට පත් විමට එකගතාවය පල නොකල නිසා දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇප මතමුදාහැර සැකකරුවන් දෙදෙනාටම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උපදෙස් ලබා දුන් බවයි නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ
