දෙස් විදෙස් සංචාරකයන් දිනපතා ගමන් කරන ඉතා කාර්යබහුල මාර්ගයක් ලෙස හැදින්වෙන හැටන් නුවරඑලිය A7 ප්‍රධාන මාර්ගය අභියස හැටන් ප්‍රදේශයේ නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය වාහනවලින් රැගෙන විත් එම මාර්ගයේ බැහැර කර යන බව හැටන් කුඩාගම ප්‍රදේශවසීන් කියයි.
දිවා සහ රාත්‍රී කාල වලදී වෑන් සහ ත්‍රීරෝද රථ වලින් පැමිණෙන පිරිස් විවේක ගැනිමට වාහන නතර කරන මුවාවෙන් නිවසින් බැහැර කරන අපද්‍රව්‍ය මෙම ස්ථානයට රැගෙන විත් දමන බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.
ජගත් පරිසර දිනයෙදී දහවල් වෑන් රථයකින් පැමිණි පුද්ගලයෙකු හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම බස් නැවතුම්පොළ අසළ සිය කසල බෑගය බස් නැවතුම්පොලේ දමා යන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණි.
මෙසේ පරිසරයට කැලි කසල බැහැර කර යන පුද්ගලයන්ට නීතිමය පියවර ගන්නා ලෙසයි කුඩාගම ප්‍රදේශවාසින් හැටන් පොලිසියෙන් ඉල්ලා සිටින්නේ.
- රංජිත් රාජපක්ෂ

ජේවීපී පාහර සක්කිලි තමයි ඔය වාහනවලින් කුණු අත අරින්නෙ.
ReplyDeleteජෙප්පො යන්නෙ V8 වල බොල, මේක මේ පොඩි පෙට්ටියක් නේ, මේක මට නම් හිතෙන්නේ අයිති පොහොට්ටුවේ ප්‍රධාන අනුග්‍රාහකයට වෙන්ඩ ඕන, ඔයිට වඩා වාහනයක් ගන්ඩ මොළයක් තියෙන එකෙක් කවදාවත් පොහොට්ටුවට සපෝට් කරන් නෑ නේ.
Delete