සභාපතිට පිහි ඇනුමකින් රෝහලේ...


 මාතර, කැකනදුර ප්‍රදේශයේදී සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ මාතර දිස්ත්‍රික් සමූපකාර ආරෝග්‍ය ශාලා සමිතියේ සභාපති ඒ. ඒ. ඩී. අමින්ද මහතා මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය නේවගේවත්ත ප්‍රදේශයේදී හඳුනානොගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් එල්ල කර තිබේ. 

සභාපතිවරයා සතු මෝටර් රථයක් විකිණීමට ඇති බව දැනගෙන, එය මිලදී ගැනීමේ අදහසින් පරීක්ෂා කිරීමට පැමිණි දෙදෙනෙකු විසින් මෙම දරුණු ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික තොරතුරුවලින් හෙළි වී ඇත.

කෙසේ වෙතත්, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලබා සිටින සභාපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බවයි. 

මෙම අපරාධය මෙහෙයවූ සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

4 Comments

  1. රොටිය කරවේවිද?

    ReplyDelete
    Replies
    1. අනුරගෙද, නැත්තන් ටිල්වින් සීයගෙද..
      එයාලගෙ නම් රොටි ටික කර වේගෙන එන්නේ.

      Delete
  2. මාතරින් බලයට ආපු අබේවික්‍රම නම් දුරාචාරියා හිටපු ජනාධිපති ගෝඨාභය ගැන කියද්දී නිකම්ම ගෝඨාභය කියලා කියන්න තරම් අසම්ජ්ජාති සක්කිලියෙක්. මුන් තමා ලංකාව හදන්න ඇවිත් තියෙන්නේ

    ReplyDelete
  3. මේ හොස්පිටල් එකේ නේද අර ජෙප්පො ඡන්දෙන් පැරදිලා ඊට පස්සේ බලෙන් බලය අල්ලගෙන පාලනය කරන්න ගිහින් ගුටි කාලා ගූ නාලා ආපු හොස්පිටල් එක. එහෙනං ඉතින් මේක පුදුම වෙන්න දෙයක් නෙමේ. වහුකුණු බෙල්ල වැටේ බලකායෙන් ඔහොම වෙලා බේරිච්ච එකත් මදෑ. බලනහර පරිස්සම් කරගන්න වෙයි මහත්තයො.

    ReplyDelete
Previous Post Next Post