‘සුවසැරිය දැන් හමුදා පාලනයක්..’ සුවසැරිය සේවකයන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතා..


 1990 සුවසැරිය ගිලන්රථ සේවයේ සේවකයින් පිරිසක් සිය සේවාව වහාම රජයට පවරා ගන්නා ලෙසත්, තමන් මුහුණ දෙන පරිපාලන ගැටලු විසඳන ලෙසත් ඉල්ලමින් අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත වූහ.

වසර 10කට අධික කාලයක් පුරා මෙරට ජනතාවට ඉටුකළ විශිෂ්ට සේවයට නිසි ඇගයීමක් ලබාදෙමින්, තමන් රජයේ ස්ථිර සේවකයින් ලෙස බඳවා ගන්නා ලෙස ඔවුහු මෙහිදී බලකර සිටියහ.

විරෝධතාවයට එක්වූ සේවකයෙකු සඳහන් කළේ 2016 වසරේ ඉන්දීය රජයේ ආධාර මත මෙරට ආරම්භ වූ සුවසැරිය සේවය, එදා සිට මේ දක්වා පාස්කු ප්‍රහාරය, විවිධ ස්වභාවික ආපදා සහ කොවිඩ් වසංගතය වැනි තීරණාත්මක අවස්ථාවලදී නොපිරිහෙලා සිය රාජකාරිය ඉටුකර ඇති බවයි. 

කෙසේ වෙතත්, වසර 10ක් පුරා සේවය කළද තවමත් තමන් ස්ථිර සේවකයින් නොවන බවත්, රජයේ සේවකයින්ට හිමිවන කිසිදු වරප්‍රසාදයක් තමන්ට හිමි නොවන බවත් සේවකයෝ චෝදනා කරති.

සුවසැරිය ආයතනය තුළ දැනට පවතින "මිලිටරි පාලන ක්‍රමය" තමන්ට දැඩි පීඩනයක් එල්ල කරන බව සේවකයින් මෙහිදී අනාවරණය කළේය. විශේෂයෙන්ම නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් ආයතනයේ සභාපති , මානව සම්පත් අංශය සහ විගණන අංශය වැනි තීරණාත්මක තැන්වල කටයුතු කරන බවත්, රෝගීන් සමඟ ඉතා සංවේදී ලෙස කටයුතු කරන තමන්ට මෙවැනි මිලිටරි පාලනයක් යටතේ සේවය කිරීම දුෂ්කර වී ඇති බවත් ඔවුහු පැවසූහ. මීට අමතරව, වසර ගණනාවක් සේවය කළ සේවකයින් හට අත්තනෝමතික ලෙස ස්ථාන මාරු ලබාදීම මෙම විරෝධතාවයට ආසන්නතම හේතුව වී තිබේ.

මෙම විරෝධතාවය සඳහා දිවයින පුරා සේවය කරන 1600කට අධික සේවක මණ්ඩලයෙන් 400කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත් ප්‍රතික්ෂේප කරමින් සේවකයින් අවධාරණය කළේ, රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළමින් තමන් මෙම විරෝධතාවයට නොපැමිණි බවත්, සේවයේ යෙදී සිටින අනෙක් පිරිස රෝගී සත්කාර කටයුතු අඛණ්ඩව සිදුකරන බවත්ය.

විරෝධතාවය අවසානයේ සිය ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දීමටද සේවකයින් කටයුතු කළහ.

11 Comments

  1. Hamudawe un purudukara thiyenne

    duwapan kiwwahama Duwanna


    Hithanna neme

    kamak naha CLEAN SRI LANKA

    ReplyDelete
  2. Fire the entire lot and bring in a new team. In Kuchchaveli, Trincomalee, I had to teach basic first aid to a crew that didn’t even know how to insert a cannula to administer an IV to an accident victim.

    ReplyDelete
    Replies
    1. Fire the entire lot: This is what Military taught for

      outside world is far different. That is why Personal Management was replaced by human resource mangement


      Dannethanam Kiyala deepan pako, training kiyaladwal thiyenawa.
      Anika mewa Ranilge kale gatthudewal;
      Ekale thopi mewata walapauna ,

      Delete
    2. Better to hand over to Army Medical Corp.

      Delete
  3. "Dannethanam Kiyala Deepan Pako" - Emergency Medical Service (EMS) Personnel kiyanne Wada Karanagaman Igenganna Job ekak nevei. Moda Gobbaya. Mama hitiyenattam leda marila!

    "දන්නේ නැත්නම් කියල දීපන් පකෝ " - (EMS) හදිසි ගිලන් රථ සේවකයෝ කියන්නේ දක්ෂ ක්‍රියාශීලී තැනට සුදුසු නුවන පවිච්චිකරන අය. වැඩ කරනගමන් ඉගෙනගන්න රස්සාවක් නොවේ. මම එදා ගිලන් රථයට නැග්ගේ නැත්නම් ඒ ලෙඩා මැරිලා

    ReplyDelete
    Replies
    1. These are our young talents

      Fire the entire lot: Is this the solution you learnt

      Delete
  4. හමුදා පකයො රිංගුවොත් වර්චස්.

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා ... ප්‍රශ්නේ තියෙන්නේ හමුදාව රිංගපු එකේ නෙමේ , සුවසරිය සේවයට විනය රිංගපු එකෙයි.... ජෙප්පන්ට කොහොමත් විනයක් නැ , අවශයතාවයවත් නෑ ..

      Delete
    2. කොටියෙකුත් කොමෙන්ට් දාල!

      Delete
    3. ජෙප්පෙක් වෙන්ඩත් පුලුවන්. ජෙප්පන්ටත් රණවිරුවොත් එක්ක මාර ඇරියස් එකක් තියෙන්නෙ කොටින්ව සමූල ඝාතණය කරපු හින්ද.

      Delete
  5. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections

    ReplyDelete
Previous Post Next Post