පාස්කු ප‍්‍රහාරයේ මරාගෙන මැරෙන්න දිවුරු අයෙක් රජයේ සාක්කිකාරයෙක් වෙයි...


 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන සහරාන් හෂීම් සමග එක්ව කඳවුරු කිහිපයක සිට මරාගෙන මැරෙන ප්‍රහාරවලට පවා පොරොන්දු ලබා දුන් පුද්ගලයකු, එම නඩු විභාගයේදී රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වෙමින් තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.

දින දෙසීයකට අධික කාලයක් තිස්සේ විභාග වන මෙම නඩුවේදී, මෙම සාක්ෂිකරු විසින් සිදු කළ ප්‍රකාශයන් අතිශය තීරණාත්මක විය. ඔහු තමන් ද සහරාන් සමග මරාගෙන මැරෙන ප්‍රහාරයකට ප්‍රතිඥා දුන් අයකු බව අධිකරණය හමුවේ පිළිගත්තේය.

එම නඩු විභාගය එදින මධ්‍යම රාත්‍රී 12 වනතුරු දීර්ඝව පැවැති අතර, සාක්ෂිකරුගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරිණි. විවේක කාලයන්හිදී ඔහු ආරක්ෂිතව රඳවා තබා ගැනීමටත්, ඔහුව අධිකරණය වෙත රැගෙන ඒම සඳහා ඉතාමත් ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කිරීමටත් බලධාරීන් කටයුතු කර තිබේ.

තවද ඔහුගේ නම පවා හෙළිනොකරන ලෙස අධිකරණයෙන් ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

මෙම හෙළිදරව්ව පාස්කු ප්‍රහාරයේ පසුපෙළ ක්‍රියාකාරකම් සහ ඊට සම්බන්ධ වූවන්ගේ ජාලගත වීම පිළිබඳව තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීමට ඉවහල් වනු ඇතැයි නීති අංශ පෙන්වා දෙයි.

ගයාන් සමරසිංහ
Divaina

17 Comments

  1. කීයක් දුන්නද බං . අපිටත් බැරිද බං සාක්කිකාරයෙක් වෙලා ගානක් කපාගන්න

    ReplyDelete
    Replies
    1. පුළුවන්. උඹට කීයක් ඕනත?

      Delete
    2. uk tour ekak?

      Delete

    3. කීයක්වත් දෙන්නේ මොකටද බන්? ආණ්ඩුවේ ශාක්ශිකාරයෙක් උනාම ඌ නිදහස්. ඉතින් ආණ්ඩුවට ඕනෙ දේ නොකියයිද ඌ?

      Delete
  2. රජයේ සාක්ෂිකාරයෙක් වෙලා බොරු සාක්කි දුන්නොත් පෙර වැරැද්දට නඩු අහලා බොරු කිව්වට වෙනම දඩුවමක් දෙනවා

    ReplyDelete
  3. පාස්කු ප්‍රහාරයෙන් පසු අන්තවාදයේ මූලික හේතු ගැඹුරින් විමර්ශනය කර ඒවාට දිගුකාලීන විසඳුම් ලබාදීමට තිබූ වැදගත් අවස්ථාවක් අපට මග හැරුණු බවක් පෙනේ. එහිදී අවධානය වැඩි වශයෙන් යොමු වූයේ “මහ මොළකරු” කවුරුන්ද යන්න පිළිබඳව වූ අතර, එමගින් අනාගතයේ එවැනි තර්ජන වැළැක්වීමට අවශ්‍ය පුළුල් සංවාදය යටපත් වූවා විය හැක.

    එම සිදුවීමේ මූල හේතු නිවැරදිව හඳුනාගෙන ඒවාට කාලෝචිතව ප්‍රතිචාර දැක්වූවා නම්, අනාගතයේ එවැනි අනතුරු අවම කිරීම සඳහා වඩා ශක්තිමත් ආරක්ෂක සහ සමාජීය ක්‍රියාමාර්ග ගත හැකිව තිබුණි.

    අද වන විට සාකච්ඡාව වෙනත් දිශාවකට ගමන් කරන බවක් පෙනෙන අතර, අනාගතයේ එවැනි සිදුවීම් නැවත ඇති නොවනු ඇතැයි කිසිවෙකුටත් සහතිකයක් දිය නොහැක. එබැවින් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගනිමින්, සියලු ආකාරයේ අන්තවාදයන්ට එරෙහිව එක්ව කටයුතු කිරීම සහ ජාතික එකමුතුව ශක්තිමත් කිරීම අපගේ වගකීම වේ.

    ReplyDelete
    Replies
    1. මහා මොලකරු හොයාගන්න එක තමයි යකෝ කරන්න ඕන හොඳම වැඩේ. උගෙන්හොයාගන්න පුළුවන් අන්තවාද ප්‍රමෝට් කරන එවුන්.නොදන්න පුක වල් ඉඹින්නෙ නැතුව ඉඳපන්

      Delete
    2. සංවාදයේ ශිෂ්ටත්වය සහ ගෞරවය අහිමි වීම, මේ සුන්දර රටේ අනාගතයට බරපතළ හානියක් කරමින් පවතින බව පෙනේ."

      Delete
    3. "උගෙන්හොයාගන්න පුළුවන් අන්තවාද ප්‍රමෝට් කරන එවුන්"
      ඉබ්‍රහිම් නානා : "අනිවා, මහමොලකරු හොයා ගත්තොත් තමයි හොයා ගන්න පුළුවන් අන්තවාදේ ප්‍රමෝට් කරන එවුන්!"

      #රි ඩෝබියෝ ..හිකිස් !

      Delete
  4. සිංහල ජාතිය තවම අවදියෙන් ඉන්නේ පුලුවන්නම් යුද විරුවෝ හිරේ දාල බලන්නකෝ

    ReplyDelete
    Replies
    1. ලොකු ද දන්නෑ

      Delete
  5. පුපුරණකල් බලා හිටි වලං ශානි සහ පුපුරපු උන්ගේ අප්පා ඊබ්‍රහිම් ඉද්දී මක්කටෙයි අර සල්ලි වලට රජයේ සාක්කි කාරයෝ‍..

    ReplyDelete
  6. කාදිනල් පරයා කුනු වෙන්න ඕන.පුදුම අසහන කාරයෙක් වයිරයෙන් වියරු වැටිලා. වතිකානුවට දන්වන්න ඕන මේ කරන දුශ්ට වැඩ.

    ReplyDelete
    Replies
    1. එහෙ ඇඩ්රස් එක දන්නවද බං

      Delete
  7. ආර්ථිකේ චොර වීම යි, පාස්කු ප්‍රවෘත්තී අතරේ තියෙන අපූරු අනුලෝම සම්බන්ධය. පැලවත්ත න්‍යායට අනුව අනේ මෙහෙව් මිනිස්සුන්ගේ බුද්ධියට නිග්‍රහ කරන ආණ්ඩුවක්‍‍ දකින්න අපි පවු කලානේ..

    ReplyDelete
Previous Post Next Post