මෙවර මිහින්තලා පොසොන් පුණ්‍ය මහෝත්සවය සංවිධානය කිරීමේදී රජයේ පාර්ශවයෙන් නිසි අනුග්‍රහයක් හෝ මැදිහත්වීමක් නොමැති බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ චෝදනා කරති.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ මිහින්තලේ විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පොසොන් උත්සවය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් දෙකක් පැවැත්වූවද, ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන්, බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් කිසිදු නිලධාරියෙකු සහභාගී නොවූ බව උන්වහන්සේ පැවසූහ.
රටේ ප්‍රධාන ජාතික උත්සව තුනෙන් එකක් වන පොසොන් උත්සවය සම්බන්ධයෙන් රජය මෙලෙස කටයුතු කිරීම පිළිබඳව ජනතාව අවධානය යොමු කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
රජය විසින් වසරක් පාසා වෙන් කරනු ලබන රුපියල් ලක්ෂ 50ක මුදල මෙවර පූජෝත්සවය පැවැත්වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව නායක හිමියෝ සඳහන් කළහ. මිහිඳු මහා පෙරහැරේ රංගන ශිල්පීන් සඳහා පමණක් රුපියල් ලක්ෂ 45ක මුදලක් වැය වන බවත්, අලි ඇතුන්, ඇඳුම් පැළඳුම් සහ කොප්පරා වැනි අනෙකුත් වියදම් සඳහා විශාල මුදලක් අවශ්‍ය වන බවත් උන්වහන්සේ පැහැදිලි කළහ. පෙරහැර නිසි පරිදි පැවැත්වීමට නම් අවම වශයෙන් රුපියල් කෝටියක පමණ මුදලක් අවශ්‍ය වන බව උන්වහන්සේගේ අදහසයි.
මහජන ආධාර ඉල්ලයි රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු නිල දැනුම් දීමක් හෝ සහයෝගයක් නොලැබීම හේතුවෙන්, සති පිරිත, විදුලි ආලෝක පූජාව සහ මිහිඳු මහා පෙරහැර සාර්ථක කර ගැනීමට දේශීය හා විදේශීය සැදැහැවතුන්ගෙන් ආධාර උපකාර ලබා දෙන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ. "රටට, ජාතියට, ආගමට ණය නැති භික්ෂුවක් ලෙස ජීවිත පරිත්‍යාගයෙන් හෝ මිහිඳු උළෙල පවත්වනවා" යැයි උන්වහන්සේ මෙහිදී දැඩිව ප්‍රකාශ කළහ.
පොසොන් පූජෝත්සවයේ ආලෝක පූජාව ඇතුළු සැරසිලි කටයුතු සඳහා සහයෝගය ලබා දීමට රජරට විශ්වවිද්‍යාලයේ සිසුන්ට සහ ප්‍රදේශයේ තරුණ පිරිසට මිහින්තලේ මැද මළුවට පැමිණෙන ලෙස උන්වහන්සේ ඇරයුම් කළහ. රජය විසින් අතහැර දැමුවද, ජනතාවගේ සහයෝගයෙන් මෙවර පොසොන් උත්සවය උත්කර්ෂවත් අයුරින් පවත්වන බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ

පල්ලි කාක්කෙක් බුද්ධ සාසන ඇමතිවෙලා තියෙද්දි මිහින්තලා පොසොන් පුණ්‍ය මහෝත්සවය සංවිධානය කිරීමේදී රජයේ පාර්ශවයෙන් නිසි
ReplyDeleteඅනුග්‍රහයක් හෝ මැදිහත්වීමක් බලාපොරොත්තු වෙන්ඩ පුලුවන්ද?
Ha hodai..Wanachariya ta ohoma wela madi
Deleteගෑනුන්ට දෙන්න රජයක් සල්ලි දෙන්නේ නෑ. බුද්ධියක් තියෙන දායකයොත් පිනට කියලා හිතාගෙන චීවරධාරීන්ට ගෑනුන්ට වියදම් කරන්න සල්ලි දෙන්නේ නෑ!
ReplyDeleteමිහින්තලේ උඩට නග්ගලා සිවුර ගලවලා පුපට පයින් ගහලා බිමට දාන්න ඕනේ මේ වගේ වනචාරියන්ව
ReplyDeleteජීවිතය පූජා කොරල උත්සව කොරන්නලු යන්නෙ. ගොන් ලාලා කිව්ව කතාව හොද වැඩියි. මූ වනචාරී අමනයෙක්
ReplyDeleteඔන්න බලාගනින් බුදුදහමට කරන දෙවලට කොමියුනිස්ට් නායක බල්ලන් ට සහ උන් ට කඩේ යන උන්ට ශාප ය පළ දෙන විදිය .hunduwa ට heart attack එනවා බුදුදහමේ දේවල් ප්‍රාථමික යී කියපු අවජාතක සක්කිලි බල්ල ට cancer හැදෙනවා ඔන්න බලාගෙන ඉඳපාල් ලා
ReplyDelete