ලංකාව ලෝකෙට විහිළුකාරයෙක් වෙලා.. තුන්වෙනි ලෝකෙ රටවලුත් අපට හිනාවෙනවා..


 ආණ්ඩුව විසින් සතිපතා නිර්මාණය කරනු ලබන දේශපාලන නාඩගම් හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකය ඉදිරියේ විහිළුකාරයෙකු බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

වත්මන් රජය රටේ පවතින බරපතල අර්බුද සඳහා විසඳුම් ලබා දෙනවා වෙනුවට ජනතාව නොමග යවන මෙවැනි නාඩගම් වේදිකාගත කරමින් සිටින බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුව විසින් ගෙන යන මෙම සංවිධානාත්මක වැඩපිළිවෙළ හේතුවෙන් රටේ ආගමික සහජීවනය, නීතියේ ආධිපත්‍යය සහ විධායක බලතල භාවිතය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතු වී ඇති බවයි.

රටේ ආර්ථිකය බිඳ වැටීම නිසා දුගීභාවයට පත්ව සිටින ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට සැබෑ විසඳුම් ලබා දෙනවා වෙනුවට වෙනත් දේවල් භාවිතා කරමින් ජනතාව අතර අවිශ්වාසයක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඔහු චෝදනා කළේය.

මෙරට ගොවියා අද වන විට සම්පූර්ණයෙන්ම අන්ත අසරණ වී වගා කටයුතු අතහැර දමමින් සිටින බවත්, රට දරුණු ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බවත් ඔහු පැවසීය. ඩොලරයේ මිල ඉහළ යාම නිසා ආනයනික ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයාට ලබා ගැනීමට නොහැකි තරම් මිල ඉහළ ගොස් ඇත.

ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඩෙංගු රෝගීන් මිය යන බවත්, රෝහල්වල ඖෂධ පමණක් නොව තුවාලයකට දැමීමට අවශ්‍ය ගෝස් පවා නොමැති තත්ත්වයක් උදා වී ඇති බවත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

ආණ්ඩුවේ මෙම අදූරදර්ශී හැසිරීම් හේතුවෙන් අද වන විට මුළු ලෝකයම ශ්‍රී ලංකාව දෙස බලන්නේ තුන්වන ලෝකයේ රටකටත් වඩා පහළට ගිය විහිළුකාර රටක් හැටියට බව දිලිත් ජයවීර මහතා පෙන්වා දුන්නේය.

කිසිදු දර්ශනයක් හෝ දෘෂ්ටියක් නොමැතිව ආණ්ඩුව දිනපතා ගෙන යන මෙම ක්‍රියාකලාපය තමන් දැඩි ලෙස හෙළා දකින බවත්, පීඩාවට පත් ගොවියා ඇතුළු අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

අද වනවිට මේ රට තුළ ඇති වී ඇති තත්ත්වය පිළිබඳව අපිට විශාල කණගාටුවක් තිබෙනවා. විශේෂයෙන්ම අද ආණ්ඩුව දිගින් දිගටම චේතනාන්විතව කරගෙන යන මේ ව්‍යාපාරය තුළ රටේ සාමූහික සහජීවනය සම්පූර්ණයෙන්ම අඩාල වෙන තත්ත්වයට පත් වෙමින් තිබෙනවා.

මේ රටේ නීති පද්ධතිය මෙහෙයවීම සම්බන්ධයෙන්, නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් ඒ වගේම විධායක බලතල භාවිතය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය නිසා සමස්ත ජනතාවගේ සාමූහික සහජීවනයට විශාල බලපෑමක් ඇතිකරලා තියෙනවා.

එමෙන්ම විශාල තර්ජනයක් මේ මව්බිම මත පතිත වෙමින් තිබෙනවා. අද රටේ අහිංසක ජනතාව අතර කුකුසක් ඒ වගේම අවිශ්වාසයක් ඇති කිරීම සඳහා සංවිධානාත්මකව මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළ පිළිබඳව අපි බලවත් කණගාටුව ප්‍රකාශ කරන්නට ඕනේ.

“ආර්ථිකයේ පවතින අවදානම් තත්ත්වය”,

මේ ආණ්ඩුව නිසා දැනටමත් බරපතල විදියට වැටී තිබෙන ආර්ථිකය, ඒ නිසාම බරපතල විදිහට දුගීභාවයට පත්ව ඇති රටේ ජනතාව, ඒ නිසාම විනාශ වෙලා තිබෙන මේ රටේ මිනිසුන්ගේ තිබුණ විශ්වාසය, පවත්වාගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නයට ඇත්ත විසඳුමක් නොදී ආණ්ඩුව වෙනත් දේවල් කරමින් ඉන්නවා.

මේ වන විට මේ රටේ සියලුම කර්මාන්ත බරපතළ ලෙස කඩා වැටිලා. මේ රටේ අපනයනය කරන සියලුම සමාගම් මේ බරපතළ අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා. ඒ වගේම ව්‍යවසායකයින්, ක්ෂුද්‍ර ව්‍යවසායකයින් ඒ අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා. මේ රටේ මිනිස්සු එදා වේල ගැට ගහගන්නට බැරිව දසඅතේ කල්පනා කරනවා. 

“ගොවියාගේ ඉරණම සහ එළැඹීමට නියමිත ආහාර අර්බුදය”, 

අද කෘෂිකර්මාන්තය, විශේෂයෙන්ම අපේ ගොවි බිම්, අපේ ගොවියා සම්පූර්ණයෙන්ම අන්ත අසරණ වෙලා තියෙනවා. ඔවුන් සම්පූර්ණයෙන්ම දැන් වගා කිරීම අතාරිනවා.

මේ තුළ අපේ රට මූණ දෙන්නට නියමිතයි විශාල ආහාර අර්බුදයකට. අද ආණ්ඩුව කොතරම් පාරම් බෑවත් අද සම්පූර්ණයෙන්ම ආනයන මත අපි අපේ ආහාර සුරක්ෂිතතාවය විසඳගන්න හදනවා. අපි ආනයනය කරන්නේ නෑ කිව්වට මේ ආනයනය මතම යැපෙන සහල්, ඒ වගේම වෙනත් ආහාර ද්‍රව්‍ය, අද අපිට උවමනාකම තිබුණත් මේ ඩොලරය ඉහලේ යෑම නිසා කෙතරම් අධික මිලකටද මේ රට තුළට එන්නේ සහ පාරිභෝගිකයාට ගන්න වෙලා තියෙන්නේ තියෙන්නේ.

එතකොට මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කටයුතු කරන ගොවියා අද පාරට ඇවිල්ලා හඬා වැළපෙනවා. නමුත් බීරි අලින්ට විනා වාදනය කරනවා හා සමානයි. කිසිම විසඳුමක් දෙන්නට ආණ්ඩුව බලාපොරොත්තුවක් නෑ. ඒ වෙනුවට නාඩගම් නටන්නට නාඩගම් නිර්මාණය කරලා ඒ නාඩගම් වේදිකා ගත කරන එක තමයි කරන්නේ.

මේවා කරලා අපේ රටේ තියෙන ජාතික සමගියත් විනාශ කරලා මේ රටේ තියෙන මිනිසුන්ගේ විශ්වාසයත් විනාශ කරලා මේ රටේ මිනිස්සුන්ට යම්කිසි විභවයක් තිබුණ නම් ඒකත් විනාශ කරලා ආර්ථිකය සහමුලින්ම විනාශ කරලා යන්න පුළුවන් ගමනක් තියෙනව කියලා ආණ්ඩුව හිතනව නම් මම නම් එහෙම එකක් දන්නේ නෑ.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම”,

අද බලන්න රටේ සෞඛ්‍ය තත්ත්වය. ඒ කාලේ අපේ හිටපු ජනාධිපතිතුමා කොහොමද කතා කරේ? දැන් දවසට දාහ ගානේ රෝහල් ගත වෙනවා ඩෙංගු රෝගීන්. මියයෑම් කවමදාක්වත් ඉතිහාසය නොතිබුණු මට්ටමට ඩෙංගු රෝගීන් මිය යනවා. ඒ විතරක් නෙමෙයි අද රෝහල්  වල  ඖෂධ නෑ. ඖෂධ නෙවෙයි අර තුවාලෙකට දාන ගෝස් ටික නෑ. මට කතා කරා ඉමදූව මූලික රෝහලෙන්, මම වගකීමෙන් කියන්නේ ඒකට ගිය ලෙඩාට ගෝස් ටික බෙහෙත් ටික අරන් එන්න තුවාලෙට බෙහෙත් දාගන්න නම් කියලා. ඒ තත්ත්වයට අද පත්වෙලා තියෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය. 

“ලෝකය ඉදිරියේ විහිළුවක් වුණ රාජ්‍යයක්”,

මේ සියලු ක්ෂේත්‍රයන් එකවර මෙහෙම වැටිලා තියෙනකොට ආණ්ඩුවට වෙන විකල්පයක් නෑ . ආණ්ඩුව සතිපතා නාඩගම් නිර්මාණය කරනවා. අපිට මේක තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ නාඩගම් නිසා ඇති වී ඇති තත්ත්වය ඉතාම බරපතලයි. අපි අපේ භූ දේශපාලනික කළමනාකරණය ඒ වගේම අපි වෙනත් රටවල් එක්ක තිබුණු යම්කිසි හෝ අවබෝධයක් තිබුණ නම් ඒකට අද  ඇතිවෙලා තියෙන මේ අභියෝගය ඉතා විශාලයි. ඒවා සියල්ල එකවර කඩා වැටිලා.

විශේෂයෙන්ම අද මුළු ලෝකයම අපි දිහා බලන්නේ තුන්වැනි ලෝකයේ රටකටත් පල්ලෙහාට ගියපු විහිළුකාර රටක් හැටියට මේ ආණ්ඩුවේ හැසිරීම නිසා. මේ ආණ්ඩුව කිසිසේත්ම මේ අභියෝගාත්මක පරිසරය තුළ විසඳුම් ලබා දෙන්නේ නැතුව විසඳුම් ගැන කතා කරන්නේ නැතුව

දර්ශනයක් දෘෂ්ටියක් ගැන කතා කරන්නේ නැතුව මේ දිනපතා කරන මේ වැඩපිළිවෙල අපි දැඩි ලෙස හෙලා දකිනවා.

ඒ වගේම මේ රටේ අහිංසක ගොවියා වෙනුවෙන් නැවතත් කියනවා. මේ ගොවියා කියන්නේ මේ පින්බිමේ අපේ පිනට උපන් අය. මේ ගොවියාට මෙසේ සැලකීමම ඇති මේ ආණ්ඩුවට අර ඔවුන් ප්‍රාර්ථනා කරන හෙණ හත වදින්නට කියලා මම ප්‍රකාශ කරනවා.

15 Comments

  1. අවුරුදු 76 ක් ජෙප්පෝ කරපු වර්ජන..... කඩාකප්පල් ක්‍රියා....මිනීමෑරුම්....නිසා තමා මේ රටේ කිසිම සන්වර්දනයක් කරන්න බෑරි උනේ.....අද මහින්ද මහත්තයා වර්ජන මෑද කරපු ටිකක් තමා රටට ඉතුරුවෙලා තිබෙන්නේ.....වෑඩ බෑරි JVP පච රෑල .

    ReplyDelete
    Replies
    1. pure truth. Truth conquer lies eventually

      Delete
    2. හරියටම හරි. ලංකාවේ සමහර මිනිස්සු හෙන මෝඩයි මේක තේරුම් ගන්න බැරි.

      Delete
    3. සහතික ඇත්ත. ගොඩක් චන්දෙ දුන්නු අය ඕක තේරුන් අරගෙන තියෙන්නෙ. ඒත් කොටසක් ඉන්නව රාජපක්ස වයිරයෙන් හිරවෙලා. තව කොටසක් මුන්ගෙ බුල් ඉග්නෝර් කරගෙන ඉන්නව. නහර කපපුව, හැකර් සීන්, ගල් අගුරු කේස්, පාස්කුවෙ විමර්සනේ හාන හැට්, මුන්ගෙ ඉන්ග්‍රීසි හැකියාව එහෙම මුන් දන්නෙ නෑ. ඒ වගේ එකෙක් එක්ක කතා කලාම, " මම ඒක එච්චර දන්නෙ නෑ" වගේ උත්තර තමා දෙන්නෙ.

      Delete
    4. මොහමඩ් නිෂ්මිJune 23, 2026 at 6:40 PM

      ත්‍රීමා විතාන නෙවේ ද ලංකාවට නිදහස් අධ්‍යාපණය අරන් දුන්නේ?

      Delete
    5. ගොන් ඩිලිත් පකයා හිතං ඉන්නෙ ලංකාව තුන්වෙනි ලෝකෙ නෙවෙයි කියල

      Delete
  2. විහිළුකාර නයි..

    ReplyDelete
  3. නාග ලෝක පෙන්නන කොට ලෝකයා දිව දික් කලේ 🤣

    ReplyDelete
    Replies
    1. punchage naki bibikkama pennanakota kela berenavada vahal sunakaya. thoge punchatath hu,, geriya

      Delete
  4. ඇත්තටම දුකයි රට අද තියෙන තත්වය දිහා බැලුවම. එක් අවස්ථාවක ආසියාවෙ වෙගවත්ම ආර්ථිකය දක්වා පැවත අද ඉන්න තත්වෙ ගැන. බොරුවෙන් පාලනය ගත්තට ගෙනියන්න බැහැ. එක බොරුවක් වැසීමට බොරු දහක් මවනවා.

    ReplyDelete
    Replies
    1. මගෙ යාළුවො ඩොලර් මිලියන 23ක් ලංකාවට නිකං දෙන්න ආවා..
      IMF කිවුවා එහෙම කරන්න බෑ කියලා..-

      Delete
  5. antigen mankollaya gana hoyanawa onna...thawa hina yai...

    ReplyDelete
    Replies
    1. ranil nadagama iwaray

      saley nadagam ivaray


      ditta parippu kala ivaray

      bala gal agury ivaray

      container sellama ivaray

      LBTQ pasla poth nadagame ivaray



      Hackerla salli ussala IVARAY

      iNian givisum kohomath ivaray


      DAN ILAGA NADAGAMA PATAN GANNA KALE HARI

      Delete
  6. බොරුවට ආයුෂ නැත.
    බොරු කාරයන්ට th ආයුෂ නැත.

    ReplyDelete
Previous Post Next Post