හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීමට, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ භාෂ්වර ගුණරත්න මහතා එකඟතාව පළ කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ගුණරත්න මහතා, 2014 වසරේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටියි.
මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, භාෂ්වර ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා වෙත ප්‍රකාශයක් ලබා දී ඇති බවයි.
ඒ අනුව තම සේවාදායකයා මෙම නඩුවේ රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇප මත මුදාහරින ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කරන බවයි.
ඒ අනුව දැනට විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත් අමරසේන මහතා වරෙන්තු නිකුත් කළේය. එමෙන්ම භාෂ්වර ගුණරත්න මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිද්ධියේ තුන්වැනි සැකකරු වන සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්යක්ෂ රූමි ජවුෆර් මහතා ලබන ජුනි 17 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ද මෙහිදී නියෝග කෙරිණි.
ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී-ෂර්ට් මුද්‍රණය කර ඒවා මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

අදිකරනෙන් තහනම් කරපු මල්වනේ ඉඩම බලෙන් අල්ලගේන්හිටපු JVP
ReplyDeleteසෙට් එකට මොනවත් නීති නැද්ද
තාම ගෑස් ඉහල දාන්න මාන බලනවා. 550කින් හෝ ඊට වැඩි ගානකින් ඉහල යනවා. ල්ංකාවේ හරියට කන්න නැති මිනිස්සු 25% ක්. ඉතිහාසයේ මෙවැනි යුගයක් තිබුනෙ නෑ. ජවිප්පවුන් වගෙ දැන් ඉන්න විපක්ශෙ අයත් ඩොලර් එවන්න එපා කියල වට කරල ගැහුවනම් අද පාන් ගෙඩියටත් පෝලිම්.
ReplyDeleteඉතිහාසේ එහෙම කාලයක් තිබ්බා. නන්දසේන කියන අමන බල්ලා ආණ්ඩු කරන කාලේ
Deleteඅනුර කුමාර කියන පදු සුනඛය බලේට ඇවිල්ල මාසයක් ඇතුලට රතුලේබල් 363ක් රේගුවෙන් පැන්නුවෙ.
Deleteබැසිල්ගෙ නඩු අහලා ඇතුළට දානකම් භාෂ්වර ගුණරත්න එළියට දාන්න හොද නෑ. කපිළ 2nd part එයි බැසිලව හිර කරන්න කළින් භාෂ්වර ගුණරත්න දැම්මොත්.
ReplyDeleteබැසිල්ට විරුද්ධව ප්‍රකාශයක් කරල පස්සේ දිවුරුම් ප්‍රකාශයක් දාල කියනව බලෙන් බැසිල්ගේ නම කියන්න කිව්වා කියලා.
ReplyDeleteනියම නීති.
ReplyDelete