සංගණනයෙන් අලුත් දෙයක් නෑ.. පරණ ක‍්‍රමේටම වැඩේ දෙන්නැයි ඇමති කියයි..

 


රිලවා නිල වශයෙන් පළිබෝධකයෙකු ලෙස නම් කර ඇති බැවින්, වගාවන්ට හානි කරන අනෙකුත් පළිබෝධකයන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග රිලවුන් වෙනුවෙන් ද ගත යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.

රට පුරා සිදු කරන ලද රිලවුන් ඇතුළු වගා හානි කරන වන සතුන් සංගණනය අවසන් වීමෙන් පසු, එම සතුන් සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා පියවර පිළිබඳව මුල්වරට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙසේ ද පැවසීය.

"තමන්ගේ කුඹුරකට හෝ සත්ව පාලන මධ්‍යස්ථානයකට මැස්සෙකු, පණුවෙකු හෝ කුරුල්ලෙකු වැනි පළිබෝධකයෙකු පැමිණි විට ගොවීන් විසින් ඔවුන් මර්ධනය කිරීමට ගන්නා තීරණ රිලවා සම්බන්ධයෙන් ද අදාළ වෙනවා. රිලවා පළිබෝධකයෙක් ලෙස නම් කර ඇති විට, පළිබෝධකයෙක් ආවොත් ඔබ කරන්නේ කුමක්දැයි මම අමුතුවෙන් කිව යුතු නැහැ."

මෑතකදී නිම කරන ලද මෙම වන සත්ව සංගණන දත්ත වලට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල රිලවුන්ගෙන් සිදුවන වගා හානිය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ.

Previous Post Next Post