විනිසුරු විශ‍්‍රාමය දිගු කලොත් සියළු 16 ලක්‍ෂයක් රාජ්‍ය සේවකයන්ටත් ඒ සමාන සේවා දිගු ඉල්ලයි..

අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය පියවර ගන්නේ නම්, එම අවස්ථාව දැනුම සහ පළපුරුද්ද සහිත මෙරට අනෙකුත් වෘත්තිකයන්ට ද හිමිවිය යුතු බව ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණ අවධාරණය කරයි. එම පෙරමුණේ කැඳවුම්කරු, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත විශේෂ සංදේශයක් භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දැනුම, කුසලතා මෙන්ම ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම් සහිත වෘත්තිකයන්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි වයස අවුරුදු 67 හෝ ඊට වැඩි කාලයක් සේවය කිරීමට අවස්ථාව සලසා දීම සාධාරණ බව එම සංදේශය මගින් පෙන්වා දී ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව මහතා මෙසේ ද පැවසීය:

"අගවිනිසුරුවරයාගේ හෝ අනෙකුත් විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කරන්නේ ඔවුන්ගෙන් වැඩි සේවාවක් ලබා ගැනීමට නම්, එම වරප්‍රසාදය අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ද එකසේ හිමිවිය යුතුයි. එසේ නොමැතිව කිසියම් දේශපාලන අරමුණක් වෙනුවෙන් පමණක් අගවිනිසුරුවරයාගේ ධූර කාලය වැඩි කිරීමට උත්සාහ කරන්නේ නම්, එය රාජපක්ෂ පාලන සමයේදී අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අත්තනෝමතික ලෙස ධූරයෙන් ඉවත් කිරීමට සමාන ක්‍රියාවක්."

දේශපාලන හේතූන් මත විනිසුරුවරුන්ගේ සේවා කාලය ඉහළ දැමීම හරහා අධිකරණ තීන්දු පිළිබඳ මහජනතාව තුළ අවිශ්වාසයක් ගොඩනැගිය හැකි බවත්, එය මෙරට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බල තුලනය බිඳ වැටීමට හේතු වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

අධිකරණ පද්ධතියට දේශපාලන බලපෑම් සිදු නොකරන බවට පොරොන්දු වෙමින් බලයට පත් වූ වර්තමාන ජනාධිපතිවරයා, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් වන අයුරින් කටයුතු කිරීමට සූදානම් වන්නේ නම් වහාම එය අකුලා ගන්නා ලෙස ද ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණ රජයෙන් ඉල්ලා සිටියි.





Government Urged to Extend Retirement Age Across Public Service

The National Professionals and Civil Front has called on the government to apply any potential increase in retirement age for judges to all state employees who wish to continue their service. A letter detailing their requests was submitted to the President's Secretary today.

Dr. Chamath Sanjeewa, President of the Medical and Civil Rights Association, expressed his views during the event, stating that if extending the service duration for judges benefits the public sector, such privileges should not be limited solely to the judicial field.

"If the rationale for extending judges' tenures is to benefit the public service, then why should this opportunity be restricted only to the judiciary? There must be equality within the public service. Therefore, all public servants willing to continue their positions should be granted this opportunity," he emphasized further.

A representative group from the front took the necessary steps to submit the letter, which includes all their proposals and demands, to the President's Secretary today.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. එසේ ඉල්ලනවනම් සුයලුම රාජය සේවා වල කටයුතු ක්ශනිකව ලබා දිය යුතු ලෙස නියම කාරන්න ඔනේ..
    මුන් නැත්නම අමාස ගනන් ගන්නවා වැඩක් කරගන්න..

    නියමයි අනුර..මුන්ගේ ඔලුවලට මුන්ගේ අත්වලින්ම ටොකු අන්නවන්න ඔනේ

    ReplyDelete
  2. අරුන් හිරේ යන්න වෙන බයට දැන් රාජය සේවයත් පටලන්න හදන්න

    ReplyDelete
  3. දැන් නම් හෙනම ආතල්. මුං නිකන් හැසිරෙන්නේ කුකුළ් කොටුවේ කුකුල්ලු වගේ,,,, කැකර කැකර ගගා දුවනවා.

    ReplyDelete
Previous Post Next Post