සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැති තෙවන විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 125ක අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. මෙය ඉන්දීය කණ්ඩායම විස්සයි-20 තරගයකදී ලැබූ දරුණුතම පරාජය ලෙස ඉතිහාසයට එක් වූ අතර, මෙම ජයග්‍රහණයත් සමඟ තරග 5කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 201ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය. ආරම්භක පිතිකරු පිල් සෝල්ට් පන්දු 44කදී ලකුණු 70ක් රැස් කරමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර, ඉනිම අවසානයේ වේගවත් පිතිහරඹයක නිරත වූ සෑම් කරන් පන්දු 24කදී නොදැවී ලකුණු 41ක් ලබා ගනිමින් එංගලන්ත ලකුණු පුවරුව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.
ලකුණු 202ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ලෝක ශූර ඉන්දීය කණ්ඩායමට එංගලන්ත වේගපන්දු බලඇණිය හමුවේ කිසිදු අවස්ථාවක් හිමි නොවීය.
ජොෆ්රා ආචර් සහ ජොෂ් ටංග් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දරුණු ප්‍රහාරය හමුවේ ඉන්දීය ඉනිම පන්දුවාර 11.4කදී ලකුණු 76කට සීමා විය. මෙය ඉන්දියාව විස්සයි-20 තරගයකදී ලබාගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ.
England Triumphs Over India with Historic 125-Run Victory in T20 Match
In a stunning display of skill, the England cricket team secured a remarkable 125-run victory over India in the third T20 international match, marking one of the most significant defeats for the Indian side in T20 history. This triumph put England ahead in the five-match series with an impressive 2-0 lead.
Opting to bat first after winning the toss, England showcased their batting prowess by amassing a formidable total of 201 runs, losing seven wickets in their allotted 20 overs. Opener Phil Salt ignited the innings with a stellar performance, scoring 70 runs off just 44 balls, setting the tone for the team's strong showing. The innings concluded with Sam Curran accelerating the score, remaining unbeaten with 41 runs off 24 deliveries, pushing England's tally beyond the 200 mark.
Chasing a daunting target of 202 runs, the Indian team struggled against England's pace attack, failing to create significant opportunities throughout their innings. The Indian batting lineup collapsed for just 76 runs in 11.4 overs, facing relentless pressure from prominent bowlers Jofra Archer and Josh Tongue. This score stands as one of the lowest totals recorded by India in a T20 match.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
