ජුනි මාසයේ තේ අපනයනය කිලෝ මිලියන 2කින් පහතට.. තේ පැකට් අපනයනයට දැඩි බලපෑම්..


 පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මෙවසර ජුනි මාසයේදී මෙරට සමස්ත තේ අපනයනය කිලෝ ග්‍රෑම් මිලියන 2කට අධික ප්‍රමාණයකින් පහත වැටී ඇති බව Forbes & Walker තේ වෙන්දේසි ආයතනය පවසයි.

එම ආයතනය නිකුත් කළ නවතම දත්ත වාර්තාවලට අනුව, 2025 වසරේ ජුනි මාසයේදී කිලෝ ග්‍රෑම් මිලියන 23.27ක් ලෙස සටහන් වූ තේ අපනයනය, මෙවර ජුනි මාසයේදී කිලෝ ග්‍රෑම් මිලියන 21.25ක් දක්වා පහත වැටී ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ 'තොග තේ' හැර අනෙකුත් සියලුම වර්ගයේ තේ අපනයනයන්හි කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබීමයි.

අපනයන දත්ත වර්ගීකරණයට අනුව, තොග තේ අපනයනය කිලෝ ග්‍රෑම් මිලියන 8.57 සිට 8.88 දක්වා සුළු වර්ධනයක් පෙන්නුම් කළද, තේ පැකට් අපනයනය කිලෝ ග්‍රෑම් මිලියන 11.83 සිට 9.66 දක්වා විශාල ලෙස පහත වැටී තිබේ. මීට අමතරව තේ බෑග් , ක්ෂණික තේ සහ Green Tea අපනයනය ද පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක් වාර්තා කර ඇත.

මිල ගණන් සලකා බැලීමේදී, මෙවර ජුනි මාසයේදී තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 1,871ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වසරේ රුපියල් 1,714ක අගය හා සැසඳීමේදී රුපියල් 157.06ක වැඩිවීමකි. කෙසේ වෙතත්, ඇමරිකානු ඩොලර් අගය අනුව සලකා බැලීමේදී තේ කිලෝවක මිල ඩොලර් 0.12ක සුළු අඩුවීමක් පෙන්නුම් කරයි.

මෙරට තේ සඳහා වන ප්‍රධානතම වෙළඳපොළ ලෙස තුර්කිය තවදුරටත් පෙරමුණේ පසුවන අතර, ඔවුන් ජුනි මාසයේදී කිලෝ ග්‍රෑම් මිලියන 19.71ක තේ ප්‍රමාණයක් මෙරටින් ආනයනය කර තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 149ක දැවැන්ත වර්ධනයක් වීම විශේෂත්වයකි.





Sri Lanka's Tea Exports Decline Significantly Compared to Last Year

In a concerning trend for the tea industry, Sri Lanka's total tea exports have fallen by more than 2 million kilograms this June compared to the same month last year, as reported by Forbes & Walker Tea Brokers.

The latest data released by the firm reveals that tea exports, which were recorded at 23.27 million kilograms in June 2025, have dropped to 21.25 million kilograms this June. A notable aspect of this decline is the sharp decrease in export volumes across nearly all categories of tea, excluding bulk tea.

Analysis of the export data indicates that while bulk tea exports showed a modest increase from 8.57 million kilograms to 8.88 million kilograms, packaged tea exports plummeted from 11.83 million kilograms to 9.66 million kilograms. Additionally, exports of tea bags, instant tea, and green tea have also witnessed significant reductions when compared to the previous year.

When examining price trends, the average price of tea per kilogram this June was recorded at Rs. 1,871, representing an increase of Rs. 157.06 compared to last year's price of Rs. 1,714. However, in terms of US dollar value, the price per kilogram of tea experienced a slight decrease of $0.12.

Turkey remains the largest market for Sri Lankan tea, maintaining its lead by importing 19.71 million kilograms during June. This figure marks a remarkable 149% increase compared to the same period last year.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. පච ලප කොටාගේ සාපය

    ReplyDelete
  2. 6 වසරක සාපය = ගණන වැරදී
    2026 - 76 = 1950
    ලංකාවට නිදහස ලැබුනේ 1948
    ලංකාවේ ලෙනින්වාදී සමසමාජවාදී කොමුනිස්ට්වාදින් බිහිවුනේ 1966.
    ලංකාවේ මිනිසුන් විශාල ලෙස ගාතනය කෙරුවේ 1971 ජෙවිප් ත්‍රස්තවාදී කරේල්ලේදී
    2026 -1971 = 55 වසරක සාපය පටන් ගත්තේ ජේවීපී ත්රස්තවාදීන්

    පච ලප කොටාගේ සාපය, ලංකාව විනසකරලා ගිනි තියල ප්‍රචන්ඩත්වය ත්රස්තවාදය පතුරවල පටන් ගත්ත සාපය.

    ReplyDelete
  3. ලෙච්චමීJuly 25, 2026 at 12:38 AM

    කොටා අපේ වත්තට ඇවිල්ල, මගෙ කරගැටේ අතගාල, මගෙ මෑ ඇටේ මිරිකල ගියා විතරයි, අපේ බඩවියතටත් කෙලවුනා.

    ReplyDelete
Previous Post Next Post