ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව ප්‍රථම වරට B-1B ලාන්සර් බෝම්බ හෙළන යානා යොදවයි...


වත්මන් කලාපීය අර්බුදය හමුවේ ප්‍රථම වතාවට ඉරානය තුළ පිහිටි යුදමය ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකානු ගුවන් හමුදාව සිය
B-1B Lancer වර්ගයේ උපායමාර්ගික බෝම්බ හෙළන යානා යොදවා ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, එක්සත් රාජධානියේ පිහිටි 'RAF Fairford' ගුවන් කඳවුරේ සිට මෙම යානා මෙහෙයුම් සඳහා පිටත්ව ගොස් ඇත.

ඉරානයේ වෙරළබඩ හමුදා යටිතල පහසුකම්, රේඩාර් පද්ධති, මිසයිල ගබඩා සහ ඩ්‍රෝන යානා ආශ්‍රිත මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම දුරදිග විහිදෙන ප්‍රහාරක මෙහෙයුම් දියත් කර ඇති බව සඳහන් වේ.

අතිවිශාල අවි ප්‍රමාණයක් රැගෙන යාමේ හැකියාව ඇති B-1B ලාන්සර් යානා අමෙරිකානු හමුදාව සතු ප්‍රබලතම දුරගමන් බෝම්බ හෙළන යානා විශේෂයකි.

මෙම යානා මෙහෙයුම් සඳහා සෘජුවම දායක කර ගැනීම අමෙරිකානු ගුවන් ප්‍රහාරවල වර්ධනයක් මෙන්ම කලාපීය යුදමය තත්ත්වය තීරණාත්මක ලෙස උත්සන්න වීමක් ලෙස ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

හමුදා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු බලධාරීන් තහවුරු කර ඇති නමුත්, මෙම මෙහෙයුම්වලට අදාළ සවිස්තරාත්මක තොරතුරු මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැත.







US Air Force Conducts Strategic Airstrikes on Iran for the First Time Amid Regional Crisis

The United States Air Force has reportedly launched airstrikes targeting military installations within Iran, marking a significant escalation in response to ongoing regional tensions. This operation involves the deployment of B-1B Lancer strategic bombers, known for their capability to carry a substantial payload.

According to international media reports, these bombers departed from the 'RAF Fairford' airbase in the United Kingdom, indicating a proactive stance taken by the US in addressing threats in the region.

The strikes are aimed at key military infrastructure along Iran's coast, including radar systems, missile depots, and drone-related facilities, highlighting a comprehensive military strategy designed to disrupt Iran's military capabilities.

The B-1B Lancer aircraft are among the most advanced long-range bombers in the US arsenal, capable of carrying a vast amount of ordnance, which underscores the seriousness of this military initiative.

Defense analysts underscore that the direct involvement of US bombers represents not only a significant escalation in air operations but also a critical turning point in the regional military landscape.

While US officials have confirmed the continuation of targeted strikes against military objectives, detailed information regarding the operations has not yet been officially disclosed.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. 1980 ගණන්වල හුන්දුලන්තෙට ගෙන්වපු ලාන්සර් බොක්ස් මොඩෙල් එකේ ඒවාද?

    ReplyDelete
  2. පතිරණ ගලප්පත්තිJuly 23, 2026 at 7:46 PM

    පතරොම් ඉවරයි කිව්වා නේද ඊයේ පෙරේදා?
    හෙහ් හෙහ් හේ....

    ReplyDelete
    Replies
    1. පච කොටගේ මිසයිලය දිලා වෙන්න බැද

      Delete
  3. ඔව්, දැන් මට පේනවා එක්සත් රාජධානියේ අධ්‍යාපන වීසා, සරණාගත වීසා යටතේ රට පෑන්න අප්පල පොකුරු පිටින් නැවත ලංකාවට එන,
    සුද්දාට RAF Fairford' ගුවන් කඳවුරේ සුන් බුන් එකතු කරන්න වෙන අසිරිමත් කාලයක්

    ReplyDelete
Previous Post Next Post