නුවරට දුම්රියක් මහ පාරේ අරන් යයි..


 උඩරට දුම්රිය මාර්ගයේ කඩුගන්නාව සහ රඹුක්කන අතර දුම්රිය මාර්ගයේ නාය ගිය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරිම සදහා දුම්රිය එන්ජිමක්, දුම්රිය සේවා මැදිරියක් සහ බෝඩි කිහිපයක් මහනුවර දුම්රිය ස්ථානයේ සිට විශේෂ ලොරි රථයකින් පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කිරිමේ කටයුතු (03) දින රාත්‍රියේ සිට සිදු කරන බව ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු - නානුඔය දනුෂ්ක දිසානායක මහතා පැවසීය.

එම දුම්රිය මැදිරිය සහ බෝඩි කිහිපයක් (03) දින රාත්‍රි යේ පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කරන බවත්, ටොන් 70ක් පමණ බරති දුම්රිය එන්ජිමක් සදුදා දින රාත්‍රි යේ ප්‍රවාහනය කිරිම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි දනුෂ්ක දිසානායක මහතා කියා සිටියේ.

එම දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි සහ බෝඩි පේරාදෙණියේ සිට කඩුගන්නාව දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සදහා භාණ්ඩ ප්‍රවාහනය කිරිමට යොදා ගන්නා බවද දනුෂ්ක දිසානායක මහතා පැවසිය 

රංජිත් රාජපක්ෂ 





Renovation of Rail Tracks between Kadugannawa and Rambukkana Underway

Repair work is being carried out on the sections of the railway track that have been damaged between Kadugannawa and Rambukkana. A railway engine has been appointed for this renovation project.

Additionally, transport logistics involve transferring several railway carriages and a service building from Kandy railway station to Peradeniya railway station using special lorries, as outlined by Senior District Railway Executive Engineer Nanuoya, Mr. Danushka Dissanayake.

This transportation of the railway carriages and service building for repairs to the Peradeniya railway station will be conducted nightly over a span of three days. A 70-ton capacity railway engine has been prepared for this operation, beginning on Monday night, according to Mr. Danushka Dissanayake.

Mr. Dissanayake also mentioned that the railway engine and carriages will be utilized for the transportation of materials related to the railway track renovation activities from Peradeniya to Kadugannawa.

Ranji Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. වැලි කොට්ට ගහලා කෝච්චි පාර හදාපු නිසා දැන් කෝච්චි යන්න වෙලා තියෙන්නේ මහ පාරෙ

    ReplyDelete
Previous Post Next Post