මා තහඩුකෑලි එල්ලාගෙන ඉන්නවා කියා දිලීප පීරිස් අධිකරණයේදී කීවා..


 රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රදානී සුරේ සලේ විසින් ඊට එරෙහිව ගොනුකල පෙත්සමක් සම්බන්ධයෙන් අධිකරණයට සලකා බැලූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා තමන්ට සහ රණවිරු පදක්කම්වලට අපහාසාත්මක ලෙස අදහස් පළ කළ බව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී නිශාන්ත ජයතිලක මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තමන් පැළඳ සිටි හමුදා පදක්කම් ‘තහඩු කෑලි’ ලෙස හඳුන්වමින් දිලීප පීරිස් මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් කළ බවයි.

නිශාන්ත ජයතිලක මහතා මෙසේ පැවසීය.

"රණවිරුවෝ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත්තු ජයග්‍රහණ වෙනුවෙන් ලැබුණු මේවා තහඩු කෑලි නෙවෙයි. මේවාට ගෞරවයක් තියෙනවා. තමන්ගේ ලේ, මස්, නහර මේ රට වෙනුවෙන් පූජා කරලයි මේ පදක්කම් අරගෙන තියෙන්නේ. මේවායේ ගෞරවය දන්නේ නැති නීතිඥවරුන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උත්තරීතර අධිකරණය ඇතුළේ මේ විදිහට අපහාස කිරීම අපි හෙළා දකිනවා."

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 260 වැනි වගන්තිය යටතේ ඕනෑම පුරවැසියෙකුට නඩු කටයුත්තක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවයක් ලෙස කරුණු දැක්වීමට අයිතියක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. තමන් එම නීතිමය අයිතිය මත අධිකරණය හමුවේ පෙනී සිටි බවත්, එහිදී හමුදා නිලධාරියෙකු ලෙස සිය නිල ඇඳුම හෝ පදක්කම් පැළඳ සිටීම ‘තහඩු කෑලි එල්ලාගෙන සිටීමක්’ ලෙස අර්ථකථනය කිරීම රණවිරුවන්ට සිදුකළ බරපතළ නිග්‍රහයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

20 Comments

  1. දිලීප පීරිස්


    nama pawathinawa

    ReplyDelete
    Replies
    1. පච පතිරණ ගලප්පත්තිට ජය වේවා, දුන්න චන්දය ගැන හැමදාමත් ආඩම්බරයි !

      Delete
  2. ගලක්කපන ගොන් පතිරණJuly 2, 2026 at 10:53 AM

    තහඩු කෑලි තමයි ඕවා. බොක්කෙන්ම රට වෙනුවෙන් හෝ ජනතාව වෙනුවෙන් හෝ පඩිය හෝ වන්දිය වෙනුවෙන් ජීවිතය පරදුවට තිබ්බත් ඒකෙ වාසිය ගන්නෙ කපටි දේශපාලන සංස්ථාවයි. ඔබට ලැබෙන්නෙ තහඩු කෑලි ටිකක්. ලංකාවෙ පමණක් නොවේ,ඇමරිකාවෙ වුනත් වෙන්නෙ එහෙමයි. Veteransල හැමදාම මහපාරෙ, උන්ව චූන් කොරල යුද්ධෙට යවන කපටි දේශපාලු military industrial complex එකට සුර සැප. සල්ලිකාර බඩුකාර දේශපාලු ව්‍යාපාරික හෝ වෘත්තිකයො යුද්ධෙට යන්නෙ නෑ. උන් වෙනුවෙන් කට්ට කන්න අන්තේවාසිකයො ටිකක් ඉන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. රණවිරුවා ගැන මිනිස්සුන්ගේ හිතේ තියෙන දේ වල් තහඩු ගහගෙන අමුතුවෙන් ඇති කරන්න අවශ්‍ය නෑ. හැබැයි තහඩු නෙමේ ඔටුනු දාගෙන හරි මිනී මැරුවොත් ඒවට උරුමය එල්ලුම් ගහ තමයි

      Delete
    2. ප්‍රශ්නේ ඒක නෙවෙයි මහත්තයෝ. මේ රණවිරුවාට අර දිලීප පීරිස් කියන මිනිහා කළ අපහාසය ගැනයි ඔහු චෝදනා කළේ

      Delete
    3. ඔබතුමා නිවැරදියි. නමුත් දිලීප පීරිස් කියන්නෙ කට වාචාල හිපාටුවෙක්. හැමෝටම අපහාස කොරනවා.

      Delete
    4. අර නූගත් කාලකණ්නි ජෙපි ඩෝබියා පතිරණ කියන මන්දයා නම් ඔහොම විග්‍රහයක් කොරන්නෙ නැති නිසා පුදුම වුනා. බැලින්නම්
      ඌ නෙවෙයි.

      Delete
    5. මිනි මරලා දැන් ඔටුනු දාගෙන ඉද්දි අවුලක් නෑ නේද..

      Delete
    6. මිනි මරලා දැන් ඔටුනු දාගෙන ඉද්දි අවුලක් නෑ නේද.

      JVP unta banninna epa ban.

      Delete
  3. Punchammata budiyan palakayongen meeta vada Mona balaporothu wennada.
    Palakayontama hariyana adu kule ugaththu Nodakin....
    Ithama vadagath Le ata mas dan dunna minisunta Apa nayagathi

    ReplyDelete
  4. පදක්කම් තහඩු වෙන්නේ තමන්ගේ කල්ක්‍රියාව නිසාම තමා. උබට ඔය පදක්කම් ගැන කැක්කුමක් තිබ්බ නම් හිතන්න තිබ්බා පු කේ වැඩ කරන්න කළින් :D :D :D

    ReplyDelete
    Replies
    1. තෝ දැක්කද පාහර කතෝලික පෙරේතයා.

      Delete
    2. උබගෙ අදහසට විරුද්ධ ඇනෝ කොමෙන්ට් දැක්කම ඒ කොමෙන්ට් කරපු කෙනා කතෝලික කියලා හිතෙනවා. උබ හිතන්නේ සිංහල උන් බෞද්ධ උන් ඔක්කොම උබලා වගේ හිඟන, තඩි මෝඩ, වහල් ලොල්ලො කියලද පොන්ස්?

      Delete
    3. රණවිරුවන්ට අපහාස කරන එකෙක්නම් එක්කෝ ඌ පදු ජෙප්පෙක්, පල්ලි කාක්කෙක්, NGO කුක්කෙක්, කොටියෙක්, නැත්නම් කොනකපපු එකෙක්. 

      Delete
  5. මෙම තොරතුරු ලැබුණු වෙලාවෙ" අපි ක්‍රියාත්මක වුනා නම් වලක්වා ගන්න තිබුණ." දීලිපයම ජනාධිපති කොමිසමට මෙහෙම ප්‍රකාශයක් කරලා තිබුණා. එතකොට පච දීලිපයත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සදහා කටයුතු නොකල එකෙක්. එක උගෙ කට උත්තරයෙ තියනවා. එතකොට උගෙනුත් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වන්නේ කොහොමද?

    ReplyDelete
  6. Dileepa podi puthu illan kaemata bohoma lagai. A traitor.

    ReplyDelete
  7. දිලීප නැහෙන්නෙ පැලවත්තෙන්

    ReplyDelete
  8. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී නිශාන්ත ජයතිලක මහතාට තියෙන්නෙ ප්‍රසිද්ධියේ අපහාස කලයි කියල කෝටි ගනනක වන්දි ඉල්ලා දිලීප පීරිසාට විරුද්ධව නඩුදාන්ඩ. 

    ReplyDelete
    Replies
    1. අන්න කරනවනම් මරු වැඩක්. පදු පීරිසා කාගෙන් හරි නට්ටම් වෙන්ඩම ඕනැ.

      Delete
Previous Post Next Post