මියගිය ජේලර්වරයෙකුට ලක්‍ෂ පහක වන්දියට ජේලර්ලාගෙන් විරෝධය..


 මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් වෙනුවෙන් රජය විසින් පිරිනැමීමට තීරණය කර ඇති රුපියල් ලක්ෂ පහක වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින් බන්ධනාගාර නිලධාරි එකමුතුව  ප්‍රතික්ෂේප කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, සිය ජීවිතය පරදුවට තබා සේවය ඉටු කළ නිලධාරීන් අට දෙනෙකුගේ ජීවිත රුපියල් ලක්ෂ පහකට තක්සේරු කිරීම එම නිලධාරීන්ට සිදු කරන බලවත් අපහාසයක් බවයි.

පසුගිය ජූලි 06 වනදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීමට යාමේදී නිලධාරීන් අට දෙනෙකු අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ අතර, තවත් පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මියගිය නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ලබා දීම, මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත ඔවුන්ගේ සම්පූර්ණ විශ්‍රාම වැටුප හිමි වන සේ කටයුතු කිරීම, තුවාල ලබා රෝහල්ගතව සිටින නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 02ක වන්දි මුදලක් ලබා දීම බන්ධනාගාර නිලධාරි එකමුතුව බලධාරීන්ගෙන්  ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර සාධාරණ විසඳුමක් ලබා දීමට බලධාරීන් අපොහොසත් වුවහොත්, සමස්ත බන්ධනාගාර නිලධාරීන් ඒකාබද්ධ වී ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ද එම සංගමය සිය ලිපිය මඟින් වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.





Government Compensation Offer for Prison Officers Denounced as Insufficient

The recent decision by the government to provide a compensation of five million rupees for the families of prison officers killed during a violent incident at the Mirigama Prison has been met with strong opposition from the Prison Officers' Association, which argues that the amount is woefully inadequate.

In a letter addressed to the Commissioner General of Prisons, the association emphasized that valuing the lives of eight officers who sacrificed themselves in the line of duty at merely five million rupees is a profound disrespect to their legacy and service.

On July 6, a brutal incident unfolded at the Mirigama Prison, where eight officers were horrifically murdered while trying to restore order, with additional personnel sustaining serious injuries and currently receiving treatment in hospitals.

In light of these tragic events, the association has put forward several demands, including a compensation of 20 million rupees for families of the slain officers, ensuring that they receive their full pensions, and providing a two million rupee compensation for those injured and hospitalized.

Should the authorities fail to address these demands with urgency and fairness, the association warns that all prison officers may unite and take collective action in protest.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. පච ලප කොටාගේ සාපය, ලංකාව විනසකරලා ගිනි තියල ප්‍රචන්ඩත්වය ත්රස්තවාදය පතුරවල පටන් ගත්ත සාපය.

    ReplyDelete
    Replies
    1. නිළධාරියෙක්ගේ ජීවිතයක වටිනාකම තහඩු භාගයකට තක්සේරු කල මාලිමාව බලයට ගෙන ඒමට දායක වූ සියළුම ආරක්ශක සොල්දාදු උන්නැහේලාට අපගේ බලවත් මෙව්වා එක.

      Delete
  2. තඹුත්තේගමට වතුර දුන් පියා, වතුර එපා කියා පිකට් කල පිම්පියා

    ReplyDelete
  3. Adikarana amathi kiwwa

    puluwan uparime karanawa kiyala


    meka thamay uparime

    ReplyDelete
  4. ලප සාපෙ. ජීවිතයක වටිනාකම ලක්ශ 5 යි මස් වැදි ජෙප්පො

    ReplyDelete
  5. ලප සාපෙ. ජීවිතයක වටිනාකම ලක්ශ 5 යි මස් වැදි ජෙප්පො

    ReplyDelete
    Replies
    1. දිට්වා සුලි කුණාටුවෙන් ටකරමක් ගියත් ලක්ෂ දහයක් ගත්තා

      Delete
    2. නිළධාරියෙක්ගේ ජීවිතයක වටිනාකම තහඩු භාගයකට තක්සේරු කල මාලිමාව බලයට ගෙන ඒමට දායක වූ සියළුම ආරක්ශක සොල්දාදු උන්නැහේලාට අපගේ බලවත් මෙව්වා එක.

      Delete
  6. ආරියතිලක

    මිය ගිය බන්ධනාගාර නිලධාරියෙකු වෙනුවෙන් ලක්ෂ 5 ක මුදලක් වන්දි වශයෙන් ලබා දීම එම නිලධාරීන්ට කරන බලවත් නින්දාවක් බව කීම සාධාරන ය. සෑම මොහොතක ම අවදානම් සහගත ලෙස් තම සේවය රජයට ලබා දෙන බන්ධනාගාර නිලධාරීන්ගේ සේවයට මෙයට වඩා ඇගැයීමක් සංකල්පීය වශයෙන් ඇති කළ යුතු ය. එම නිලධාරීන්ගේ සේවයට අධ්‍යාත්මික හිඟන් කමෙන් අපහාස නොකළ යුතු ය.

    ජනතා විමුක්ති පෙරමුණ පකෂ සාමාජිකයන් කිසි දිනක, අන්‍යයන්ගේ ජීවිතයක වටිනාකම් නො දකින ලද පිරිසක් බව අපගේ අදහස ය. දීමද පුරුදු කළා වෙනුවට ගැනීම පමණක් පුරුදු කළ අය වෙති.
    මේ ආණ්ඩුව පත් වූ දා සිට අදවනතුරු මහා සංඝරත්නය වෙනුවෙන් භික්ෂූන් වහන්සේ නමකට රාජ්‍ය අනුග්‍රහයෙන් බත් හැන්දක් දීතිබේ ද? අධ්‍යාත්මික හිඟන කමෙන් රාජ්‍ය සේවජයන්ට සැලකීම අතිශයින් කනගාටුදායක බව නොකියාම බැරිය. රුපියල දෙකට මහ පාරේ කැට මහ පාරේ, බස් කෝච්චිගාබේ කැට හොල්ලපු සමාජයකට, රුපියල් ලක්ෂ පහත් මහ නෙරක් වගේ පෙනෙනවා ඇති! කරුමෙක මහත!

    දරු පවුලක් ඇති, දෙමාපියන් ඇති, එම් බන්ධනාගාර නිලධාරීන්ට ලක්ෂ පහක හිඟන සොච්චම්ක් දික් කිරීම ගැන ආණ්ඩුවක් වශයෙන් ලැජ්ජා විය යුතු ය.





    ReplyDelete
  7. ආරියතිලක

    මිය ගිය බන්ධනාගාර නිලධාරියෙකු වෙනුවෙන් ලක්ෂ 5 ක මුදලක් වන්දි වශයෙන් ලබා දීම එම නිලධාරීන්ට කරන බලවත් නින්දාවක් බව කීම සාධාරන ය. සෑම මොහොතක ම අවදානම් සහගත ලෙස් තම සේවය රජයට ලබා දෙන බන්ධනාගාර නිලධාරීන්ගේ සේවයට මෙයට වඩා ඇගැයීමක් සංකල්පීය වශයෙන් ඇති කළ යුතු ය. එම නිලධාරීන්ගේ සේවයට අධ්‍යාත්මික හිඟන් කමෙන් අපහාස නොකළ යුතු ය.

    ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ
    සාමාජිකයන් කිසි දිනක, අන්‍යයන්ගේ ජීවිතයක වටිනාකම් නො දකින ලද පිරිසක් බව අපගේ අදහස ය. දීමද පුරුදු කළා වෙනුවට ගැනීම පමණක් පුරුදු කළ අය වෙති.
    මේ ආණ්ඩුව පත් වූ දා සිට අද වනතුරු මහා සංඝරත්නය වෙනුවෙන් භික්ෂූන් වහන්සේ නමකට රාජ්‍ය අනුග්‍රහයෙන් බත් හැන්දක් දී තිබේ ද? අධ්‍යාත්මික හිඟන කමෙන් රාජ්‍ය සේවජයන්ට සැලකීම අතිශයින් කනගාටුදායක බව නොකියාම බැරිය. රුපියල දෙකට මහ පාරේ , බස් කෝච්චි ගානේ කැට හොල්ලපු සමාජයකට, රුපියල් ලක්ෂ පහත් මහ මෙරක් වගේ පෙනෙනවා ඇති! කරුමෙක මහත!

    දරු පවුලක් ඇති, දෙමාපියන් ඇති, එම් බන්ධනාගාර නිලධාරීන්ට ලක්ෂ පහක හිඟන සොච්චම්ක් දික් කිරීම ගැන ආණ්ඩුවක් වශයෙන් ලැජ්ජා විය යුතු ය

    ReplyDelete
  8. miyagiya officer ge watinakama ditwa ekata hulage diya takaramakata samana karala.

    ReplyDelete
Previous Post Next Post