කරවල කිලෝව තුන්දාහ පනී..


 බේරුවල ප්‍රදේශයේ කරවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ප්‍රදේශයේ කරවල වෙළෙඳසල් රැසක් වසා දමා ඇත. වෙළෙඳසල් මෙලෙස වසා දැමීම නිසා ව්‍යාපාරිකයන් මෙන්ම එහි සේවය කළ සේවකයන් ද දැඩි ආර්ථික දුෂ්කරතාවලට මෙන්ම රැකියා අහිමිවීමේ තර්ජනයට ද මුහුණ දී සිටිති.

බේරුවල ධීවර වරායට ලැබෙන මත්ස්‍ය අස්වැන්න අඩු වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.

කරවල සැකසීම සඳහා අවශ්‍ය මත්ස්‍ය තොග මාස කිහිපයක සිට හිඟ වීම නිසා වෙළෙඳපොළේ කරවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කරවල ව්‍යාපාරිකයකු සඳහන් කළේ, බේරුවල වරායෙන් ලබාගන්නා නැවුම් මත්ස්‍යයන්ගෙන් නිපදවන කරවල සඳහා පාරිභෝගිකයන් අතර ඉහළ විශ්වාසයක් පවතින බවයි.

ඇතැම් වෙළෙඳසල්වල ආනයනික කරවල අලෙවි කිරීමට තිබුණද, ඒවායේ ගුණාත්මකභාවය අවම මට්ටමක පවතින බැවින් පාරිභෝගිකයන් ඒවා මිලදී ගැනීමට මැළිකමක් දක්වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට බලයා, කටුවල්ලා, ලේන පාරාව්, අඟුළුවා, මෝරා සහ මඩුවා වැනි කරවල වර්ග කිලෝවක මිල රුපියල් 3,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

පවතින අධික මිල හමුවේ පාරිභෝගිකයන් කරවල මිලදී ගැනීම සීමා කර ඇති අතර, ගුණාත්මක නිෂ්පාදන අලෙවි කිරීමට නොහැකි වීම නිසා වෙළෙඳාම අතහැර ත්‍රිරෝද රථ රැකියාව වැනි වෙනත් ජීවනෝපායන් වෙත යොමු වීමට සිදුව ඇති බව ද වෙළෙඳුන් වැඩිදුරටත් පවසති.





Rising Prices of Fish Leads to Store Closures in Beruwala

In Beruwala, a sharp increase in fish prices has compelled numerous fish retail shops to shutter their doors. This trend is creating significant economic hardship for both the shop owners and their employees, who are now facing the dual threats of financial instability and job loss.

The dwindling catch at the local fishing port is identified as a primary contributor to this predicament. Vendors attribute the soaring prices of fish to a shortage of the necessary stock, which has persisted for several months.

A local fish trader emphasized the strong consumer confidence in the fresh fish sourced from the Beruwala port, highlighting that high-quality local products are preferred by buyers.

While some shops attempted to sell imported fish, the subpar quality of these imports has deterred consumers from making purchases, according to the trader's observations.

Currently, various types of fish, including Balaya, Katuwalla, Len Paraw, Angulawa, Mora, and Maduwa, are exceeding the price of Rs. 3,000 per kilogram.

In light of the soaring prices, consumers are limiting their purchases of fish, and vendors report a shift towards alternative livelihoods, such as operating three-wheeled vehicles, as their ability to market quality products has diminished.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. රටට සාපයක් වැදිලා ද කොහෙද...

    ReplyDelete
  2. සට්ටැඹි පේඩිගේ පතිරණ ගලප්පත්තිJuly 15, 2026 at 7:39 PM

    දුන්න ඡන්දය ගැන ආඩම්බරයි!

    ReplyDelete
  3. කුකුල් මස් බිත්තර,අල,ළුණු ලාභයි

    ReplyDelete
  4. බේරුවල වරායේ මාලු කොහොමත් අනිත් වරායවල් වලට වඩා සාපේක්ෂව ඉතා ඉහළ මිලක් ගන්නේ.මීට ටික කලකට ඉස්සෙල්ලා රෝහිත අබේ ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියපු පරිදි වෙනත් පෑලියෝගොඩ වැනි වෙළඳසැල්වල සාලයා සිල්ලර මිල රුපියල් 350ක් වෙද්දී බේරුවල හාබර් එකේ තොග මිලම රුපියල් පන්සීයයි.ඒවා රට මැද්දට බෙදෙනකොට හිතාගන්න බැරි ඉහළ මිලක්.බේරුවල ඉඳන් කිලෝමීටර් පනහක් හැටක් දුර ප්‍රදේශවලට සාලයා මාළු එනකොට රුපියල් 1200 1500 අතර වන වෙලාවල් තියෙනවා.මධ්‍යමපාන්තියකයන්ගේ ජනප්‍රිය මාළු වර්ගය වෙච්ච සමන් බෝල්ලු හැමවෙලේම 1500ට උඩින්.කොහොම වුනත් රටේ හැම තැනම මාළු මිල සාමාන්‍යයෙන් පෙර පැවැති ගානට වඩා දෙගුණයකට වඩා ඉහළ ගිහිල්ලා තියෙන්නෙ.කෙහෙල් නැට්ටා මාලු අල්ලන්න ඇප් එකක් ගැන කිව්ව විතරයි කෙලවෙලාම ගියා.උගේ ඇස්වහ කටවහට මොනවා හරි ගැන කයිවාරුවක් ගැහුවද ඉවරෙට ඉවරයි.

    ReplyDelete
    Replies
    1. මාලු අල්ලන ඇප් කෙසේ වෙතත් තව මාස කීපයක් යනකොට 159 දෙනා ඉන්න තැන් හොයාගන්න ඇප් එකක් භාගත කරගන්න වෙයි

      Delete
  5. රට වටකර මහ මුහුද උනාට
    මේ රටේ මිනිස්සු, තනිකර කෙලින් නේ පිස්සු.

    ReplyDelete
Previous Post Next Post