විනිසුරුවන්ගේ සේවය දීර්ඝ කිරීම අත්‍යවශ්‍යයි..- නි. ඇමති


රටේ යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව නියෝජ්‍ය ඇමති හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, විපක්ෂය අධිකරණ පද්ධතියට, පොලිසියට සහ බන්ධනාගාර පද්ධතියට විරුද්ධ වන්නේ ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට බවයි.

ඔවුන් සැබවින්ම කැමති වන්නේ නීතිය ක්‍රියාත්මක නොවන, අධිකරණයක් හෝ පොලිසියක් නොමැති රටකට බවත් ඔහු චෝදනා කළේය.

මහජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන නඩු ප්‍රමාදය පිළිබඳව අදහස් දක්වමින් හංසක විජේමුණි මහතා මෙසේ පැවසීය.

"අද රටේ මිනිසුන්ගේ නඩු කටයුතු අනවශ්‍ය ලෙස ඇදී යනවා. විශේෂයෙන් ඉඩම් නඩුවක් ගත්තොත් එය පරම්පරා ගණනාවක් තිස්සේ විභාග වෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් අධිකරණ සංඛ්‍යාව සහ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කළ යුතුයි. විනිසුරුවරුන් කියන්නේ ක්ෂණිකව නිර්මාණය කළ හැකි පිරිසක් නෙවෙයි. ඒ නිසා දැනට සිටින අත්දැකීම් සහ පලපුරුද්ද සහිත විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම කාලීන අවශ්‍යතාවයක්."

මීට පෙර රටේ අවශ්‍යතාවය සලකා බලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය දීර්ඝ කළ ආකාරයටම, අධිකරණ ක්ෂේත්‍රයේද මෙම පියවර ගැනීම යුක්තිය අපේක්ෂා කරන ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු අත්‍යවශ්‍ය කාර්යයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Calls for Extension of Experienced Judges' Tenure to Enhance Justice System Efficiency

Deputy Minister Hansaka Vijemuni emphasized the critical need to extend the service tenure of experienced judges to improve the efficiency of the country's justice and fairness systems. Speaking at a media briefing, he articulated that this measure is essential for expediting judicial processes.

During the discussion, Vijemuni pointed out that the opposition is exploiting the judiciary, law enforcement, and prison systems to fulfill their misguided political objectives. He alleged that their true desire is for a country where the law is not enforced, devoid of an effective judiciary or police force.

Addressing one of the most pressing issues faced by the public, he focused on the significant delays in court cases, stating, "Currently, people's legal matters are unnecessarily prolonged. Specifically, land disputes can take generations to resolve. To alter this situation, both the number of courts and judges must be increased. Judges are not a workforce that can be created overnight; therefore, retaining the services of experienced and knowledgeable judges is an urgent necessity."

Vijemuni further noted that just as the service duration of specialized medical practitioners was extended to meet national needs, similar actions within the judicial sector are essential to fulfill the expectations of justice-seeking citizens.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. මාණසිකව සහ ශාරීරිකව වධබනධනයට මර්ධණයකිරීමට යොදා ගනු ලබනා ''කෘෘර කන්සා තහනම''පිළිබඳව සිව්හෙළයේ සබුද්ධික සැමගේ දැඩ් අවධානයට,.!July 14, 2026 at 4:43 PM

    සුද්දාගේ දැඩි මර්ධණකාරී වහල් නීතිය නොහොත් සවාභාවධර්මයට මානව ශිෂ්ඨාචාරයට මර්ධණය මුදාහැරීම සඳහාම පනවනාලද ''නාසිවාදී පාළණයේ කෘෘරතම විණාශකෙරී නීතිය, මෙවලම'' ''යටත් විජිතය පාළණයකිරීම සඳහාම පනවනාලද ''කන්සා තහනම'' දිගටම පවත්වාගෙන යමින් දැවැන්තලෙස '' විශ මත්ද්‍රව්‍ය '' කූඨලෙසට සංවිධානාත්මක ලෙස විවිධ ස්ථරයන්ගේ පුරවැසියන් ගොදුරැ බවට පත්කරමින් රටතුලට දැවැන්ත ලෙසට ආනයනය කරමින්,.
    ' කන්සා ජානගතවම පවතිනා (කැනබිනොයිඩ්) දේශීය පුරවැසියන්ගේ මාණසික ඵ්කාග්‍රතාවයට සවිඥානික භාවයට ඉවහල්වන, හෙළබිමේ දේශීය පුරවැසියන්ගේ ශරීරය තුළ 'වා පිත් සෙම්' කුපිතවී පැනනගිනා සියළුම රෝග නිවාරණය සඳහා අත්‍යාවශ්‍ය සවාභාවික දිව්‍ය ඖෂධය ''කන්සා ශාකයේ වගාව සහ භාවිතය කෘෘර ලෙසට දේශීය පුරවැසියන්ගේ භාවිතය තහනමට ලක්කිරීම" උපයෝගී කරගනිමින් විශමත්ද්‍රව්‍ය රට තුළට දැවැන්ත ලෙස පොම්පකරමින් ,''දේශීය පුරවැසියන් වල්මත්කිරීමට ලක්කරනා'' මාණසිකව සහ ශාරීරිකව වධබනධනයට මර්ධණයකිරීමට යොදා ගනු ලබනා ''කෘෘර කන්සා තහනම'',.
    කූඨලෙසත් ඉතාමත් ශුකෂමලෙසත්,දේශපාළකයන්,නිළධාරීන් ලෙසට පෙනීසිටිනා කූඨ වසළ කල්ලතෝනි වහළුන් උපයෝගී කර ගනිමින් සංවිධානාත්මක ලෙසට පවත්වාගෙන යමින්,.
    රජයක් විසින් සිදුකරනා කෘෘර අමාණුශික මර්ධණය පිළිබඳව සිව්හෙළයේ සබුද්ධික සැමගේ දැඩ් අවධානයට,.!

    ReplyDelete
  2. Kuttama ana ana hitapalla,

    No big future dreams at least?

    ReplyDelete
  3. මැටි මෝල් ගොං, තකතීරු, පාහර බල්ලා 😡🤮🤮🤮 තොපිට ගහලා පන්නන දවස ඉතාම ආසන්නයි 😡🤮🤮🤮

    ReplyDelete
    Replies
    1. තෝර පදුවගේ දේවසිරිJuly 14, 2026 at 7:03 PM

      නැඟිටපන් නැඟිටපන්, ගෝඨා පන්නලා ඉවරයි රටේ මිනිස්සු, දැන් ඉන්නේ වෙන ආණ්ඩුවක්.

      Delete
  4. ඒක හරි නැත්තන් නීතිය නමන්න බැරි වෙනවනේ නේද?

    ReplyDelete
Previous Post Next Post