රාජ්‍ය අංශයේ පවතින වෛද්‍ය සහ තාක්ෂණික වෘත්තිකයන්ගේ හිඟයට පිළියමක් ලෙස, ජ්‍යෙෂ්ඨ සහ වෘත්තීය මට්ටමේ නිලධාරීන් සඳහා වසර දෙකක සේවා දිගුවක් ලබාදීමට රජය තීරණය කර ඇති බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.
සේවයෙන් විශ්‍රාම යන පිරිසට සාපේක්ෂව නව බඳවා ගැනීම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ නිලධාරීන්ට අවශ්‍ය නම් තවදුරටත් සේවා කාලය දීර්ඝ කර ගැනීමේ අවස්ථාව ද හිමි වේ.
මෙම සේවා දිගුව විශේෂයෙන්ම වෛද්‍ය විශේෂඥවරුන්, විද්‍යාත්මක සේවාවල නිරත වෘත්තිකයන් සහ අනෙකුත් විශේෂිත සේවාවන් සඳහා අදාළ වන බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.
මෙම සේවා දිගුව අනිවාර්ය නොවන අතර, තවදුරටත් සේවයේ රැඳී සිටීමට කැමති නිලධාරීන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය. විශේෂිත තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා අයදුම්කරුවන්ගේ හිඟයක් පවතින බවත්, ඒ හේතුවෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි වැදගත් ආයතනවල අත්‍යවශ්‍ය රාජකාරි ප්‍රමාද වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 100ක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේදී ලැබී ඇත්තේ අයදුම්පත් 70ක් පමණි.
දැනට රාජ්‍ය අංශයේ පවතින සමස්ත පුරප්පාඩු සංඛ්‍යාව 120,000ක් පමණ වන අතර, පොලිස් දෙපාර්තමේන්තුවේ පමණක් පුරප්පාඩු 40,000ක් පවතී. මේ හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ද මුලින් වසර දෙකක සේවා දිගුවක් ලබාදීමට රජය සැලසුම් කර ඇත.
මීට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති අතර, එම යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා සහ දැඩි කතාබහක් මතු වී ඇති බව ද 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.
Government Extends Service Tenure for Senior Medical and Technical Professionals
In a significant move to address the shortage of medical and technical professionals in the public sector, the government has decided to grant an extension of two years to senior officials, as reported by the Sunday Times.
This decision stems from the relative lack of new recruits to replace those retiring from service. Officials will now have the opportunity to prolong their service if they choose to do so.
According to a senior government official, this extension particularly applies to medical specialists, professionals engaged in scientific services, and other specialized fields.
The extension is not mandatory; rather, officials wishing to continue their tenure can apply for it. The report highlights a significant shortage of applicants in specific technical fields, which has led to delays in essential tasks within vital institutions such as the Department of Government Analysts.
When applications were requested to fill 100 vacancies in the Department of Government Analysts, only about 70 applications were submitted.
Currently, the total number of vacancies in the public sector stands at approximately 120,000, with around 40,000 of those within the police department alone. Consequently, the government plans to extend service tenures for police officers as well.
Additionally, attention is being directed towards increasing the retirement age for judges of the Supreme Court and the Court of Appeal, a proposal that has already sparked opposition and intense discussions from various stakeholders, as further noted by the Sunday Times.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
