යෝෂිතට, රෝහිතට වාහන බදු ලොකු නඩුවක් කැරකේ...


විදේශ රැකියා නියුක්තිකයින් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීමට ලබා දුන් බලපත්‍ර ක්‍රමය හරහා රජයට රුපියල් බිලියන 2.4ක  මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පාලන සමය තුළ මෙම මහා පරිමාණ අක්‍රමිකතා සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විගණකාධිපති වාර්තා උපුටා දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, 2022 සහ 2023 වසරවල ක්‍රියාත්මක වූ මෙම වැඩපිළිවෙළ යටතේ සමාගම් දෙකකට පමණක් වාහන 640ක් ආනයනය කිරීමට විශේෂ වරප්‍රසාද ලබා දී ඇති බවයි. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වෙත නිසි තොරතුරු වාර්තා කර නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

මීට අමතරව, මෙම බලපත්‍ර ලබා දීමේදී විදේශගත නොවූ පුද්ගලයින් සිව්දෙනෙකුට වාහන බලපත්‍ර ලබා දී තිබීම, අයදුම්පතේ රැකියාව සඳහන් කර නොතිබූ පුද්ගලයින් 60 දෙනෙකුට බලපත්‍ර නිකුත් කිරීම, ඇතැම් පුද්ගලයින්ට බලපත්‍ර දෙක බැගින් ලබා දී තිබීම, මාස 4ක් වැනි ඉතා කෙටි කාලයක් විදේශගතව සිටි පුද්ගලයින්ට ද මෙම වරප්‍රසාදය හිමිව තිබීම ආදී  දූෂණ කිහිපයක් මන්ත්‍රීවරයා සභාව හමුවේ තැබීය.

සුඛෝපභෝගී වාහන සඳහා පැවති රුපියල් මිලියන 6ක බදු සීමාව, කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව රුපියල් මිලියන 12 දක්වා ඉහළ නැංවීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 2.4ක බදු ආදායමක් අහිමි වී ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. මෙය මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් මංකොල්ලකෑමක් බව ඔහු පැවසීය.

මෙම බලපත්‍ර ක්‍රමය අවභාවිත කරමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන මහත්වරුන් ද සුඛෝපභෝගී වාහන දෙකක් ආනයනය කර ඇති බව මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා මෙහිදී අනාවරණය කළේය.

CAB 7373 සහ CAB 7171 යන අංක දරන වාහන මෙලෙස ආනයනය කර ඇති බවත්, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.





Allegations of Financial Mismanagement Emerge Over Vehicle Imports for Foreign Job Recruiters

Parliamentarian Ruwan Thilaka Jayakodi has disclosed that the government is facing a staggering financial loss of 2.4 billion rupees due to the licensing system implemented for the importation of electric vehicles specifically for foreign job recruiters. This revelation was made during a parliamentary session.

He further emphasized that significant irregularities occurred during the tenure of former minister Manusha Nanayakkara. Referring to auditor's reports, Jayakodi stated that only two companies were granted special privileges to import a total of 640 vehicles under this program, which was operational in 2022 and 2023. He noted the absence of proper reporting regarding this process to the Auditor General.

Moreover, he pointed out several instances of malpractice, including the issuance of vehicle permits to four individuals who had not resided abroad, permits given to 60 applicants whose job titles were not specified, and the distribution of multiple permits to certain individuals. Shockingly, permits were also granted to individuals who had only spent four months abroad.

Jayakodi highlighted the government's loss of tax revenue amounting to 2.4 billion rupees resulting from the increase of the duty limit for luxury vehicles from 6 million rupees to 12 million rupees, a decision he criticized as lacking any scientific foundation. He described this situation as theft from taxpayers in the country.

In an explosive claim, Jayakodi revealed that members of the Rajapaksa family, specifically Yoshitha Rajapaksa and Rohitha Rajapaksa, had imported two luxury vehicles under this licensing system. He confirmed that the vehicles in question are identified by the registration numbers CAB 7373 and CAB 7171.

He concluded by insisting that immediate legal action must be taken against all parties involved in this large-scale financial fraud, demanding accountability for those who have exploited the system.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. තකපුමා.

    ReplyDelete
    Replies
    1. වාහන 640 ක් ගෙන්නුවා නම් රාජපක්ෂ පුතුන් 2 හැර ඉතිරි 638 ටත් නඩු දානවාද? උන් දැන් බහුතරය මාලිමාකාරයෝ බව නොදන්නේ ද? උඹලා මේ කපා ගන්න වලෙන් උඹලාට නම් කවදාවත් ගොඩ එන්න ලැබෙන්නේ නෑ. 68 ලක්ෂයක් මාලිමාවට ඡන්දය දුන්නේ රාජපක්ෂලාව හිරේ දාලා වෛරය පිරිමහගන්න නොවේ හොරා කාපු මහජන ධනය නැවත් අය කර ගන්නයි. දැන් අනුර ජනාධිපතිවෙලා මාස 20 ක් උනත් රාජක්ෂලා හොරා කෑවා යයි කියූ එක ලක්ෂයක් ආපසු ඇරං තියෙනවා ද? හැබැයි උඹලා නම් ඊටත් වඩා කොමිස් ගහලා තියෙනවා. ඒවා හොරකම් නොවේ සමාජ ප්‍රාග් ධනය කියා මෝල කලන්තගේ කියමන උපුටා දක්වපං.

      Delete
  2. එක එකා හිරේ දැම්මට රට දියුණු වෙන්නේ නෑ නේ....මිනිස්සුන්ගේ එදිනෙදා ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා...

    ReplyDelete
  3. කන්ටේනර් 323 හොරු, ගල් අඟුරු හොරු, භාණ්ඩාගාර ඩොලර් ලක්ෂ 25 හොරු, තැපැල් ඩොලර් ලක්ෂ 6 හොරු, ඩීසල් කොමිස් හොරු නිදැල්ලේ ඉන්නවා හොරකම් කරනවා. දෙකයි පනහෙ වැරදි අල්ලන්න කෝටි ගණන් වියදම් කරනවා. කෙබර කොටාගේ වෛරය මුලු රටපුරාම පැතිරෙනවා.

    ReplyDelete
  4. මේ පකයලට තියෙන්නේ රාජපක්ෂ බිතිකව

    ReplyDelete
  5. අම්මෝ ඇති යනිනතම් මේ සතිය ඇද ගන්න පුලුවන්. නැත්තම් ඩෝබියන්ට නිකම් පඩි ගෙවන්න වෙන්නෙ. උන් දන්නෙත් රාජපක්සලට බනින්න විතරනෙ. වසනිතට.සුනිල්ලට වටගලලට වොයිස් කට් එකක් හරි දෙන්න පුලුවන් දැන්. 😂😂😂😂😂 දැන් ඒ දෙන්නව දායි හෙට ඇතුලට…..😂😂😂😂

    ReplyDelete
  6. කියපු හැටියට , හොරුන්ගේ වත්කම් වලින් ණය ගෙවලා , ඉතුරු ටික භාණ්ඩාගාර පිරිලා ඉතිරිලා , නටපු තොවිලෙකුත් නෑ, බේරේ පලුවකුත් නෑ.. උනේ ගොත අන්දරේලා කියලා ඔප්පු උනා.

    ReplyDelete
  7. පච ලප කොටාගේ සාපය

    ReplyDelete
  8. පච ලපයෝ...ලබන සුමනේ පටන්ගන්න නාඩගම මොකක්ද? පෙරවදනක් දෙන්න පුලුවන්ද අපිට කොමෙන්ටු ලියන්න රෙදඩි වෙන්න.

    ReplyDelete
Previous Post Next Post