‘දේශීය වෙළෙන්දෙක් හිටියොත් ඒ ව්‍යාපාරිකයාට ගහනවා.අද වෙනකොට මේ රටේ දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක් ආණ්ඩුව අත්අඩංගුවට අරන් තියෙනවාද? මොකක් හෝ චෝදනාවක් දාලා. දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක්ගේ ගෙවල්වලට, කඩවල්වලට, කාර්යාලවලට පැනලා කරදර කරලා තියෙනවාද? මේ හැම කෙනෙක්ම බදු ගෙවන්න ලෑස්තියි අද දේශීය ව්‍යාපාරිකයන්ට අසීමිත බදු ගහලා ඔවුන්ගෙ කොන්ද කඩලා’ යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ පුත්තලම දිස්ත්‍රිකයේ ආණමඩුව ආසනයේ පැවති කොට්ඨාස රැස්වීමක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අසරණ වෙලා. විදුලි බිල එන්න එන්න වැඩි වෙනවා. තෙල් මිල වැඩි කරනවා. අසීමිත බදු ගහනවා. ඒ තෙල් මිලයි විදුලි බිලයි බදු ප්රතිපත්තියයි එක්ක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ආර්ථිකය ව්‍යාපාරය ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙනවා.
අද දේශීය ව්‍යාපාරිකයාගේ කොඳු නාරටියට ගහන්න ආණ්ඩුව පටන් අරන් තියෙනවා. ආණ්ඩුව කොළය වහලා ගහන්නේ. දේශීය වෙළෙන්දෙක් හිටියොත් ඒ ව්‍යාපාරිකයාට ගහනවා.
අද වෙනකොට මේ රටේ දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක් ආණ්ඩුව අත්අඩංගුවට අරන් තියෙනවාද? මොකක් හෝ චෝදනාවක් දාලා.
දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක්ගේ ගෙවල්වලට, කඩවල්වලට, කාර්යාලවලට පැනලා කරදර කරලා තියෙනවාද? මේ හැම කෙනෙක්ම බදු ගෙවන්න ලෑස්තියි.
අපේ හාමුදුරුවනේ බදු ප්‍රතිපත්තිය සාධාරණයි නම්, ආණ්ඩුවට ගෙවන බද්දට සාධාරණීකරණයක් වෙනවා නම් ව්‍යාපාරිකයා බදු ගෙවන්න ලෑස්තියි.
අසීමිත බද්දක් ගහලා, ව්‍යාපාර වට්ටලා, ව්‍යාපාරිකයාගේ ආදායම නැති කරලා, පිට රටවලින් ලංකාවේ නිෂ්පාදනය වන දේවල් පවා අසීමිත විදිහට පිටරටින් ගෙනල්ලා ලංකාවේ ව්‍යාපාරිකයාගේ ආදායම වට්ටලා දාලා, අවසානයේ නඩුත් දාලා, හිරෙත් දාලා, ව්‍යාපාර වසන තැනට මේ ආණ්ඩුව පරිවර්තනය කරලා තියෙන්නේ.
එවැනි අපේ රටට නොගැලපෙන, මේ රටේ පුරවැසියාට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරනවා. හැබැයි දැන් මොකද කියන්නේ? ජනාධිපතිවරයා හා ආණ්ඩුව කියනවා අපේ මුදල් අමාත්‍යාංශයේ අපේ ගිණුමේ කෝටි ගණන් තියෙනවාලු.
අසීමිත බදු ගහලා ආණ්ඩුව ගන්න බදු මුදල්වලින් ජනතාවට සාධාරණයක් කරන්නේ නැහැ. ඒවා ආණ්ඩුව ගිණුම්වල තියාගෙන ඉන්නවා කියලා පහුගියදා ඇවිල්ලා කියනවා හැකර් කෙනෙක් පැනලා ඒක අරගෙන ගිහිල්ලාලු.
දැන් මිනිස්සු බදු ගෙවන්න ඕනේ. ඒ බද්දෙන් ගමේ පාර, පන්සල, පල්ලිය, කෝවිල, ගෙවල් ටික හැදෙන්නේ නැහැ. ඒ බද්දෙන් ගමේ ඉස්පිරිතාලෙට බෙහෙත් ටික ලැබෙන්නේ නැහැ. ඒ තමන් ගෙවන බදු මුදලින් ගමේ ඉස්කෝලේ වැසිකිළිය, කැසිකිළිය, වහල හැදෙන්නේ නැහැ. ඉස්පිරිතාලේ බෙහෙත් ටික කාර්ය මණ්ඩලය ලබා දෙන්නේ නැහැ. හැබැයි ඉතිහාසයේ වැඩිම ආදායම ලබපු ආණ්ඩුව කියන ආණ්ඩුව ඉතිහාසයේ වැඩියෙන්ම ආදායම් ලබපු කාලසීමාව කියන ආණ්ඩුව, ඒ ආදායම තමන්ගේ ගිණුමට දාලා, ඒ ගිණුමෙන් නොදන්නා පුද්ගලයෙක් හොරාට අරගෙන යනවා. අවසානයේ බදු ගෙවපු මනුස්සයට සාධාරණයක් වෙන්නෙත් නැහැ, රටේ පුරවැසියට සාධාරණයක් වෙන්නෙත් නැහැ.
මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි දෙපැත්තට බෙදිලා බැන ගන්නවා. මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි එකිනෙකාට චෝදනා කරගන්නවා. දැන් කවුද මේ ගත්තු සල්ලි ගත්තේ?
හැබැයි එකක් එකක් පැහැදිලියි. සල්ලි ගත්තු එකා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ ඔබට. ගත්තු එක්කෙනා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ පුරවැසියට.
දෙගොල්ලෝ ගහගන්නවා කාගෙන්ද වැරදුනේ කියලා. හැබැයි දෙගොල්ලම එකතු වෙලා කියනවා වැරදිච්ච කෙනා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. මේ රටේ ජනතාවට.
බාල ගල් අඟුරු ගෙනාවා. අද වෙනකම් බාල ගල් අඟුරු වලට ගත්තු නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද ?
Concerns Raised Over Unfair Taxation of Local Businesses
Namal Rajapaksa, the National Organizer of the Sri Lanka Podujana Peramuna and Member of Parliament, has voiced strong concerns regarding the government's treatment of local businesses. Speaking at a divisional meeting in Anamaduwa, within the Puttalam district, he criticized the numerous arrests and harassment faced by local entrepreneurs, questioning how many have been taken into custody under various allegations.
Rajapaksa highlighted the dire situation of small and medium-sized enterprises, which he claims are increasingly vulnerable due to rising electricity rates and uncontrollable oil prices. He stressed that these factors, coupled with excessive taxation, have made it nearly impossible for local businesses to sustain their operations.
The government’s approach, he argued, appears to disproportionately target local vendors while bypassing the urgent needs of small business owners. He contended that the excessive tax burden imposed on these entrepreneurs is pushing them to the brink of collapse.
Rajapaksa described the unfair nature of the government’s tax policies, suggesting that they lead to the suppression of incomes for local business owners while opening the market to foreign imports without equitable competition. “These policies have transformed the landscape of local commerce, driving businesses into the ground while allowing foreign products to flood the market,” he stated.
He further lamented the lack of accountability in how the government manages tax revenues, accusing it of failing to appropriately distribute these funds to benefit local communities. Instead, he asserted that the government continues to hoard revenue, without delivering on essential services that directly impact citizens’ lives, such as infrastructure and healthcare.
Rajapaksa urged for a fair tax policy that genuinely considers the challenges faced by local businesses and emphasized that if the tax policies were just, business owners would not hesitate to comply with their tax obligations. He criticized the current economic policy for being out of touch with the realities faced by the citizens of Sri Lanka.
The former Minister pointed to a failure in coordination between the Ministry of Finance and the Central Bank, suggesting a lack of clarity in financial management and accountability. “It is imperative that the government resolve internal discrepancies regarding financial controls and ensure that the burden of payment does not fall solely on the local populace,” he noted.
Rajapaksa concluded by questioning the legal ramifications for those involved in the government's fiscal mismanagement and called for immediate action to reassure the local business community. As demands for clarity and corrective measures grow, the fate of local businesses hangs in the balance amid increasing financial pressures.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හැකර් කියන්නේ මාලිමාවෙම එකෙක් තමයි. දැන් පැලවන්නේ උන් ඔය සල්ලි ක්‍රිප්ටො කරල ඇති.
ReplyDeleteනන්දෙයි සූරියප්පෙරුමයයි ටිල්වියයි තමයි හැකර්ල
Deleteඑක හැකරෙක් නන්දලාල් අනෙකා හර්සන. දෙන්න එකතුවෙලා ඕස්ට්‍රේලියාවට සල්ලි පන්නල දැන් දෙපැත්ත බෙදිලා බොරුවට කෙළගන්නවා. රටේ ගොන් ජනතාව ඒව බලං ඉන්නවා
ReplyDeleteතොගේ තාත්තයි බාප්පයි කරපු කාලේ USD මිලියන 750ක් අරගෙන ගිහින් දන්නෙත් නැ. ගූ පොහොර, එයාර් බස් ගන්න කියලා ජනතාවගේ සල්ලි නිකන් වියදම් කරලා දැම්මා.
ReplyDeleteඅනුර නොහොත් හරක් කොටා කියන්නෙ මුගෙ බාප්පද?
Deleteඅප්ප රට හදපු හැදිල්ලට මිනිස්සු ඡන්ද දෙනව වැඩි වෙලා ලැයිස්තුවෙන් පිනට පාර්ලිමේන්තු ආපු පින් බත් කන හරකෙක් කියන කතා මිනිස්සු දැන් වැඩිය ගනං ගන්නෙ නෑ.
Delete