මීගමු කලහයේ සුළමුල හෙලිවේ..


මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනට සිදු කර ඇති සියලු විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජූලි 16 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරට නියෝග කළා ය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, මෙම සිද්ධියට අදාල නඩුකරය මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර වාර්තාව මගින් අධිකරණයට දැනුම් දුන්නේ, කටුවැල්ලේගම සුරේෂ් නමැති බන්ධනාගාර සිරකරු බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කර කලහකාරී ලෙස හැසිරීමත් සමග බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් අතර ගැටුම ඇති වී ඇති බව ය.

ඔහු එලෙස හැසිරී ඇත්තේ තමන්ට ව්‍යායාම කිරීමට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් බවට, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.

මීගමුව බන්ධනාගාර ගැටුමින්න් බන්ධනාගාර පොලිස් හදිසි උපක්‍රමික බළකායේ (බන්ධ පොලිස්) නිලධාරීන් දස දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු ඝාතනය වීම සහ බන්ධනාගාර දේපළවලට රු. කෝටි 12කට අධික හානි සිදුවීම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව ද අධිකරණය හමුවේ පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ගැටුම සිදුවන අවස්ථාවේ මීගමුව බන්ධනාගාරය තුළ රඳවා සිටි සියලු රැඳවියන්ගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව ද පැවසීය.

ගැටුම සිදුවන අවස්ථාවේ එහි රඳවා සිටි බොහෝ රැඳවියන් මේ වන විට දිවයින පුරා ඇති වෙනත් බන්ධනාගාරවල රඳවා ඇති බැවින් ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර සහ පහසුකම් සලසා ලෙසට වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ, ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය යැයි කියන දිවයිනේ ඕනෑ ම බන්ධනාගාරයක රඳවා සිටින රරැඳවියන්ගෙන් මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර සහ පහසුකම් සලසා දෙන ලෙසයි.

මෙම ගැටුම සම්බන්ධයෙන් දැනට සිදු කර ඇති සියලු විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජූලි 16 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කළා ය.

පොලිස්පති නීතීඥ ප්‍රියන්ති වීරසුරියගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරගේ ඍජු අධීක්ෂණය යටතේ මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.

මෙම ගැටුම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිසිය මගින් මීට පෙර සිදු කෙරුණු සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කළේ, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නියෝගයකට අනුව ය.

ඒ, පොලිස්පතිවරයා වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර කළ ඉල්ලීමකට අනුව ය.

- BBC





Investigation under Progress Following Meegamuwa Prison Violence Incident

The Chief Magistrate of Meegamuwa, Shilani Pereira, has directed the Criminal Investigation Department (CID) to submit a report detailing the progress of investigations concerning the unrest that occurred at the Meegamuwa Prison. This directive was issued prior to the case being called again in court on July 16.

During the proceedings, the magistrate emphasized the need for the CID to present further details to the court regarding the incident, which involved a confrontation between prison officers and inmates.

Initial findings revealed that a prisoner named Suresh from Katubaddelegama allegedly threatened prison staff with death while exhibiting aggressive behavior. This outburst was reportedly a response to complaints about inadequate time allocated for exercise.

The incident resulted in the deaths of ten prison officers and twenty inmates, alongside damages exceeding 12 million rupees to prison property. The CID disclosed that statements have already been recorded from 287 individuals, including prison staff and inmates, related to the clashes.

Additionally, many inmates involved in the incident are currently held in various other prisons across the country. As such, the CID has requested the general superintendent of prisons to facilitate the recording of statements from these detainees as part of the ongoing investigation.

In light of these developments, the magistrate instructed the general superintendent to ensure that the necessary arrangements are made for the CID to obtain statements from all relevant inmates.

The Chief Magistrate reiterated the importance of presenting a comprehensive report on the investigative progress to the court on July 16, ensuring transparency regarding this serious incident.

Under the guidance of Police Chief Attorney Priyanthe Weerasuriya, the CID is currently conducting extensive investigations into the Meegamuwa prison incident, further emphasizing the collaborative efforts among various sections of the department.

Previously conducted investigations by the Meegamuwa Base Police have now been handed over to the CID, as per the chief magistrate's directive, ensuring thorough and cohesive handling of the case.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. ''යටත්විජිතයේ කන්සා අවනීතිය'' ශෘජුවම මෙවලමක් ලෙසට උපයෝගී කර ගනිමින්,. අමාණුශික මර්ධණය මුදාහැරමින්,.. අසහනයට පත්වූ තරැණ ජිවිත ඉලක්කයකරගනිමින්,. තරැණ නැගිටීම මර්ධණය කිරීම,..July 15, 2026 at 3:47 AM

    සුද්දාගේ දැඩි මර්ධණකාරී වහල් නීතිය නොහොත් සවාභාවධර්මයට මානව ශිෂ්ඨාචාරයට මර්ධණය මුදාහැරීම සඳහාම පනවනාලද ''නාසිවාදී පාළණයේ කෘෘරතම විණාශකාරී නීතිය, සාපරාධී මෙවලම'' ''යටත් විජිතය පාළණයකිරීම සඳහාම පනවනාලද ''කන්සා තහනම'' දිගටම පවත්වාගෙන යමින් දැවැන්තලෙස '' විශ මත්ද්‍රව්‍ය '' කූඨලෙසට සංවිධානාත්මක ලෙස විවිධ ස්ථරයන්ගේ පුරවැසියන් ගොදුරැ බවට පත්කරමින් රටතුලට දැවැන්ත ලෙසට ආනයනය කරමින්,.
    ' කන්සා ජානගතවම පවතිනා (කැනබිනොයිඩ්) දේශීය පුරවැසියන්ගේ මාණසික ඵ්කාග්‍රතාවයට සවිඥානික භාවයට ඉවහල්වන, හෙළබිමේ දේශීය පුරවැසියන්ගේ ශරීරය තුළ 'වා පිත් සෙම්' කුපිතවී පැනනගිනා සියළුම රෝග නිවාරණය සඳහා අත්‍යාවශ්‍ය සවාභාවික දිව්‍ය ඖෂධය ''කන්සා ශාකයේ වගාව සහ භාවිතය කෘෘර ලෙසට දේශීය පුරවැසියන්ගේ භාවිතය තහනමට ලක්කිරීම" උපයෝගී කරගනිමින් විශමත්ද්‍රව්‍ය රට තුළට දැවැන්ත ලෙස පොම්පකරමින් ,''දේශීය පුරවැසියන් වල්මත්කිරීමට ලක්කරනා'' මාණසිකව සහ ශාරීරිකව වධබනධනයට මර්ධණයකිරීමට යොදා ගනු ලබනා ''කෘෘර කන්සා තහනම'',.
    කූඨලෙසත් ශුකෂමලෙසත්,දේශපාළකයන්,නිළධාරීන් ලෙසට පෙනීසිටිනා කූඨ වසළ කල්ලතෝනි වහළුන් උපයෝගී කර ගනිමින් සංවිධානාත්මක ලෙසට පවත්වාගෙන යමින්,.
    රජයක් විසින් සිදුකරනා කෘෘර අමාණුශික මර්ධණයේ
    කූඨ පාළණ උපක්‍රමය,.
    මනසික පීඩනය වලකාළන,..
    මානසික ඵ්කාග්‍රතාවය, සමතුළිතභාවය රැකදෙන,..
    මානසික සුවය,සහනය සඳහාම බොහොවිට තරැණයන් භාවිතා කරනා,.
    සවභාදහමේ අසමසම ඖෂධය,.
    කෘෘර ලෙසට මර්ධණයට දන්ඪණයට යටත්කර,..
    වගාව, සහ භාවිතය, මෙන්ම ලගතබාගැනීම පවා තහනමට ලක්කරනාලද සුද්දාගේ මර්ධණ නීතියේ මූළිකම මෙවලම ලෙසට,..
    ''කන්සා නීතිවිරෝධී භෝගයක් ලෙසට'' නීති සකසා,.
    පවත්වාගෙන ගිය කූඨ කුමණ්ත්‍රණික අමාණුශික මර්ධණය,.
    පවතිනා රජය ,..
    තරැණයන්ගේ අවදිවීම මර්ධණය කිරීමට,.
    උපයෝගී කර ගන්නා බව නිශ්චිත ශාකෂි දත්ත,.
    අදාල ස්ථානවල,..
    ස්ථීරසාර ලෙසට දත්ත ගබඩා වී ඇති බවත්,.
    '' කන්සා නැමැති ඖෂධයේ අනීතික තහනම'',.
    උපයෝගී කර ගනිමින් පවතිනා රජයද,..
    තරැණයන්ගේ පීඩනය,..
    නිදහසේ අදහස් ප්‍රකාශකිරීම, අවදිවීම මර්ධණය කිරීම සඳහා,..
    වැඩිහිටි පුරවැසි සැමට අත්‍යාවශ ්‍ය ම සවාභාවික භෝගයක් වන,.
    ''සවාභාවික ඖෂධීය කන්සා ශාකයේ අමාණුශීය මර්ධණය'',..
    කූඨලෙස පනවා ගත් පාළකයන්ගේ මර්ධණයේ කෘෘරතම අවිය,.
    ''කන්සා අවනීතිය'' දැඩිලෙස උපයෝගී කර ගනිමින් මර්ධණය සඳහාම විව්‍රත ලෙසටම පුරවැසියන් ඉලක්ක කර මුදාහරිනා බවත්,.

    ''යටත්විජිතයේ කන්සා අවනීතිය'' ශෘජුවම මෙවලමක් ලෙසට උපයෝගී කර ගනිමින්,.
    අමාණුශික මර්ධණය මුදාහැරමින්,..
    අසහනයට පත්වූ තරැණ ජිවිත ඉලක්කයකරගනිමින්,.
    තරැණ නැගිටීම මර්ධණය කිරීම,..
    තරණ ජීවිත වලින් පුරවනාලද සිරගෙවල්,.
    දැඩි තදබදය නිසාවෙන්ද අසහනයට පත් තරැණයන්,.
    අමාණුශික ලෙස වෙඩිතබා ඝාථණයට පත්කරනාලද,.
    ''මාළිමා රජයේ කූඨ මෙහෙයුම''..
    සිරකරැවන් ඇතුළු වරදට පොළඹවනාළද බොහෝමයක් ජීවිත,.

    බළකෑදර ඉලක්ය බවට පත්කරගනිමින්,.
    මාළිමා රජය විසින් සමූළ ඝාථනයනට ලක්කරනා ලද බවත්,.
    සියළු සත්‍ය තොරතුරැ දෙස් විදෙස් සිසාරා විකාශණය වූ බවත්,.
    ''කන්සා අවනීතිය මර්ධණයේ මෙවළමක්ලෙසට පවත්වාගෙන යමින් ",.
    සමස්ථයේ දෑස් වසා ජනසමාජයක් මර්ධණයකිරීම සඳහාම උපයෝගී කරගනිමින් ,..
    බළය රැක ගැනීම සඳහාම කෘෘර සමූළඝාතණයන් සිදුකරනා බවත්,.
    මුග්ධ කෘෘර අවස්ථාවාදී මාළිමා රජයට,. ''කන්සා අවනීතිය'' උපයෝගී කර ගනිමින් සිදුකරනා අමාණුශීය කෘෘර මණුශ්‍ය ඝාථන පිළිබඳව සබුද්ධික මනසින් සමස්ථ ලෝකයක් අවදිවී බලා සිටිනා බව අවධානයට,.!

    ReplyDelete
    Replies
    1. ඔබ දැක්කාද මීගමු ගැ‍ටුමේ හැම නිවුස් එකකම මේ ගංජා කාරයා දිග හෑල්ලක් දාලා තියෙනවා.

      Delete
  2. ප්‍රශ්නේ පටන් ගත්තේ කොල්ලො දෙන්නෙක්ට ගහලා මරලා. හේතුව බන්ධනාගාරෙට කුඩු එන බව ජේලර්ලට කියලා උන්ව අල්ලලා දීම. මේ ඔත්තුව දුන්න කොල්ලො ගැන විස්තරේ පාතාලෙට දීලා තියෙන්නෙත් ජේලර්ලාමයි.

    මුල් දවසේ ඒ කියන්නේ ඉරිදා ගැ‍ටුමෙන් පස්සේ දෙපිරිස වෙන් කරන්න ජේලර්ලා මුකුත්ම කරේ නැහැ. ඇමතියා කෝල් ආන්සර් කරලත් නැහැ. ඌ නැත්තන් පොලිස් ඇමති, ආරක්ශක නියෝජ්‍ය ඇමති, ජනාධිපති ඇතුලු එකෙක්වත් මේකට මැදිහත් වෙලත් නැහැ. පුදුමයි නේද.

    ලොකුම ප්‍රශ්නේ තමයි ඉරිදා රෑ ඔක්කොම ‍රැඳවියො හිර කුටි වලින් එලියේ ඉඳලා.

    වෙපන් මුකුත් නැතුව බන්ධ පොලීසිය ඇතුලට යැව්වේ ජේලර්ලා. හැබැයි ජේලර්ලා එකෙක්වත් මැරුනේ නැහැ. උන් පැන ගත්තා. අරුන් අහු වුනා.

    සඳුදා උදෙත් පොලීසියේ වත් හමුදාවෙ වත් උදව් ඉල්ලලා නැහැ.

    ReplyDelete
  3. දැන් බලන්න රදගුරා සද්දයක් වත් නැති හැටි.
    හොඳට මතක තියාගන්න ඒක.

    ReplyDelete
Previous Post Next Post