‘විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම පමණක් නෙවෙයි, සමස්තයක් විදිහට මේ රටේ අධිකරණ පද්ධතියට ඇඟිලි ගැසීම පිළිබඳව ලොකු අභියෝගයක් තියෙනවා. අපි දැක්කනේ පහුගිය කාලෙත් පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනාවා. අපිත් ගෙනාවා. හැබැයි අවසානයේ අපි පරාජයට පත්වුණා, ජනතාව ඒක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සෙත් ගෙනාවා. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෙනාවා, දෙතුන් පාරක් ඉල්ලන්න පුළුවන් කියලා අපි ගෙනාවා, ඉල්ලන්න බැහැ කියලා ඉතින් මේ රටේ ජනතාව පුද්ගලබද්ධව ගේන ව්‍යවස්ථා සංශෝධන ප්‍රතික්ෂේප කරලා තියෙනවා’ යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ විපක්ෂනායක කාර්යාලයේදී පැවති හමුවකින් පසුව මාධ්‍ය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
‘අද මේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න විපක්ෂයට, ආණ්ඩුවට වගේම විපක්ෂයටත් වගකීමක් තියෙනවා. හැබැයි ආණ්ඩුව මේ රටේ අධිකරණ පද්ධතිය තමන්ගේ දේශපාලන හස්තයක් විදිහට පාවිච්චි කරන්න උත්සාහ කරනවා නම්, මේ රටේ පොලීසිය තමන්ගේ දේශපාලන ශාඛාවක් වගේ පාවිච්චි කරන්න උත්සාහ කරනවා නම්, මේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න වගකීමක් තියෙනවා.
ඒ හින්දා අද විපක්ෂය විදිහට විපක්ෂ නායකවරයා ඇතුළු සියලුම විපක්ෂයේ පක්ෂ ඒකමතිකව පිළිගන්න කාරණයක් තමයි මේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ඕනේ. ඒ හින්දා ඒ සඳහා අද අපි දේශපාලනික වශයෙන් අපි අපේ ගමන යනවා. හැබැයි ඉතින් මේ රටේ ජනතාව වෙනුවෙන්, මොකද අද 45,000ක් බන්ධනාගාරවල හිරවෙලා ඉන්නවා. දැන් මේ 45,000ට වගකියන්නේ කවුද? නිලධාරීන් 10 දෙනෙක් ඝාතනය වෙලා තියෙනවා අමානුෂික ලෙස. ඒ වගේම තමයි 30 ගානක්, රැඳවියොත් මැරිලා තියෙනවා මේ බන්ධනාගාරවල තදබදය නිසා. හැබැයි ඉතින් බන්ධනාගාරයේ තදබදය ඇතිවෙලා තියෙන්නේ ඇයි? සමහර දේශපාලන තීන්දු මත ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න මිනිස්සුන්ව ගිහින් ඇතුළට දානවා. රස පරීක්ෂණ වාර්තාව කඩිනම් කරන්න උවමනාවක් නැති ආණ්ඩුවට කාලය දික් කරන්න උවමනාවකුත් තියෙනවා. හැබැයි හරිම නම් කරන්න ඕනේ මේ වෙලාවේ රස පරීක්ෂණ වාර්තා කඩිනම් කරලා බන්ධනාගාර ඇතුළේ තියෙන මානුෂික ප්‍රශ්නයට විසඳුමක් හොයන එක. ඉතින් පැහැදිලිවම ආණ්ඩුව තමන්ගේ දේශපාලන හස්තයක් බවට මේ රටේ පොලීසිය පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් පොලීසිය දක්වන කරුණු මත තමයි අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ හින්දා අධිකරණයත් තමන්ගේ දේශපාලන අතකොළුවක් බවට පත් කරගන්න උත්සාහ කරනවා.
අපි පක්ෂයක් විදිහට අපි මතවාදීව කටයුතු කරන්නේ, පුද්ගලවාදීව නෙවෙයි. ඉතින් අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය සහ අපේ පක්ෂයේ ස්ථාවරය පැහැදිලිවම අද නෙවෙයි, මීට පෙරත් අපි කියලා තියෙනවා. දැන් අපි විපක්ෂ නායකවරයාට ලිඛිතවත් ඒ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. එහෙම තමයි ඉතින්. ඔය ජේවීපී එක ගැනත් කලින් කිව්වේ එහෙමනේ, නේද? ජේවීපී එක ගැනත් කලින් කිව්වේ ඉතින් 2015 යහපාලන ආණ්ඩුව හැදුවේ කට්ටිය ලස්සනට. ආණ්ඩුව පෙරළන්න නෙවෙයි. අපි පැහැදිලිවම පුද්ගලබද්ධ දේශපාලනයක් නැහැ. එහෙමනම් මං ගියපාර වෙන අපේක්ෂකයෙකුට උදව් කරනවනේ. දැන් අපි ප්‍රතිපත්තිමය දේශපාලන තීන්දු ගන්නේ. අපේ පක්ෂය විශේෂයෙන්, මම විශේෂයෙන්ම අපේ තාත්තා, අපි ප්‍රතිපත්තිමය දේශපාලන තීන්දු ගන්නේ. ඒ දේශපාලන තීන්දු කොච්චර අමාරු වුණත්, අසීරු වුණත් ඒ ප්‍රතිපත්තිමය දේශපාලන තීන්දු අපි ගන්නවා. ඒ හින්දා පහුගිය ජනාධිපති මැතිවරණයේදීත් අපි අවසාන මොහොතේ හරි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීන්දු කළේ ඒ ප්‍රතිපත්තිමය කාරණය මත ඉඳගෙන. අපි පුද්ගලවාදීව, පුද්ගලයෝ සම්බන්ධයෙන් දේශපාලන තීන්දු අපි ගන්නේ නැහැ. තාම සාකච්ඡාව යනවා. ඉතින් විශේෂයෙන්ම ඉදිරි කාලසීමාව තුළ මේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරනවා.
විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම පමණක් නෙවෙයි, හැබැයි සමස්තයක් විදිහට මේ රටේ අධිකරණ පද්ධතියට ඇඟිලි ගැසීම පිළිබඳව ලොකු අභියෝගයක් තියෙනවා. අපි දැක්කනේ පහුගිය කාලෙත් පුද්ගලාබද්ධ, පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනාවා. අපිත් ගෙනාවා. හැබැයි අවසානයේ අපි පරාජයට පත්වුණා, ජනතාව ඒක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සෙත් ගෙනාවා. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෙනාවා, දෙතුන් පාරක් ඉල්ලන්න පුළුවන් කියලා අපි ගෙනාවා, ඉල්ලන්න බැහැ කියලා ඉතින් මේ රටේ ජනතාව පුද්ගලබද්ධව ගේන ව්‍යවස්ථා සංශෝධන ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පළවෙනි කාරණය තමයි මේක අධිකරණ පද්ධතියට යනවා නම්, මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඒ නඩුව ඇහුම්කන් දෙන්නේ කවුද? තමන්ගේ කාලයේදී ඒක කරන්න තමන්ට තීන්දුවක් දෙන්න බැහැනේ. එහෙමනම් ජනමත විචාරණයකට යන්න ඕනේ. දැන් බලන් ඉඳිමු ආණ්ඩුව මොකක්ද කරන්නේ ක්‍රියාමාර්ගය, සහ කාලය දික් කිරීමේ පදනම මොකක්ද? කාලය දික් කරන්න තියෙන පදනම මොකක්ද? අධිකරණ අමාත්‍යවරයා කියන විදිහට අධිකරණ පද්ධතියේ තියෙන නඩු ප්‍රමාණය.
ඉතින් නඩු ප්‍රමාණය වැඩියි නම් අධිකරණ පද්ධතියට අවශ්‍ය සංශෝධන ගේන්න ඕනේ, කාලය දික් කිරීම කියන්නේ සංශෝධනයක් නෙවෙයි. ඉතින් ඉන්න අයගේ කාලය දික් කරා කියලා මේ නඩු ඉක්මනට ඇහෙන පැය ගණන වැඩි වෙන්නේ නැහැනේ, ඒ පැය ගණනමයි අහන්නේ. අවුරුදු ගණන විතරයි වැඩි වෙන්නේ. ඒ හින්දා ප්‍රායෝගික නැති කාරණා හේතු කරගෙන ආණ්ඩුව තමන්ගේ දේශපාලන වාසියක් මේකෙන් ගන්න උත්සාහ කරනවා නම් ඒක වැරදියි. තාම සාකච්ඡාව යනවා. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඉතින් අපි පැහැදිලිවම, විපක්ෂ නායකවරයා විදිහට විපක්ෂ නායකයාට වගකීමක් තියෙනවා. සමහරු අකමැති ඇති. අකමැති වුණත්, කැමති වුණත් ඔහු මේ රටේ විපක්ෂ නායකයා. ඒ කියන්නේ අපි ඇවිල්ලා මේ වැඩේ අතරමැද නතර කළා කියලද? එතුමා කියපු එක දයාසිරි මන්ත්‍රීතුමාගෙන් අහන්න පුළුවන්. ලාල් කාන්තගෙන් අහන්න පුළුවන්. හැබැයි ඉතින් ගල්අඟුරු පන්නපු අය තාම නැහැ. කන්ටේනර් 323 පන්නපු අයත් නැහැ, ලාල් කාන්ත දන්නවා කවුද කියලා, එතන ඒ පැත්තේ හිටපු හින්දා. හැබැයි ඉතින් තාම නැහැ, නේද? අර කුඩු කන්ටේනර් දෙක? තාම නැහැ. අර අයිස් කන්ටේනර් දෙක? තාම නැහැ. බාල ගල්අඟුරු ගෙනාපු සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගත් නැහැ. එතකොට ලෝකයේ වැඩිම මිලක් දීලා තෙල් ගෙනාපු අය? තාම නැහැ නේද? ඒ හින්දා අපි ඒවා ගැන කතා කරමු, අනිත් ඒවාත් හොයන්න. ඒවා හොයන්න ඕනේ. අපි පැහැදිලිවම කියලා තියෙනවා අපි සාධාරණ ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙනවා. අපි බයක් නැහැ, අදත් අපි දිනුම් උසාවියේ හම්බවෙලා ආවේ. අනිවාර්යයෙන් එන්න ඕනේ, ආවට පස්සේ කාගෙද රෙදි ගැලවෙන්නේ කියලා බලමු. ඒ සාකච්ඡාවත් මෙහි කොටසක්. ඒකත් මෙහි කොටසක්.
ඔබයි මායි අකමැති වුණත් කැමති වුණත් එයා තමයි රටේ විපක්ෂ නායක. ඉතින් එයා රටේ ජනතාව කියන දේ අහන්න ඕනේ. අපි අකමැති වුණා කියලා කරන්න දෙයක් නැහැ. නැහැ, සමහර විට ඔබතුමා එහෙම හිතනවා ඇති අර මල් පැළ 159ක් කියලා පාපිසි ගෙනාවනේ, පරිණත අය අයින් කරලා. ඒ හින්දා වෙන්න ඇති ඔය කියන්නේ
Namal Rajapaksa Criticizes Government's Manipulation of Judicial Independence
In a strong denunciation of the government's approach to the judiciary, National Organizer of the Sri Lanka Podujana Peramuna, Namal Rajapaksa, emphasized the numerous challenges facing the country’s legal system. Speaking at a press conference following a meeting at the opposition leader's office, he highlighted the urgent need to protect the independence of the judiciary, calling for shared accountability from both government and opposition.
Rajapaksa pointed out the government’s attempts to wield political control over the judiciary, likening it to their exploitation of law enforcement for political gain. He stressed that safeguarding democracy is a collective responsibility, insisting that all opposition parties should unite in defending judicial impartiality.
Addressing the concerning state of overcrowding in prisons, he revealed that there are currently 45,000 inmates, raising questions about the government’s responsibilities amidst a reported series of violent incidents, including the brutal killings of ten officials. He firmly stated that a decisive action plan is essential to alleviate the human rights crises stemming from prison overcrowding.
Investigating the systemic failures that led to this situation, Rajapaksa criticized the political decisions that have contributed to the mismanagement of the justice system, emphasizing the urgency for reforms to address the dire conditions within prisons.
Moreover, he reflected on the history of constitutional amendments proposed in recent years, noting that the public has consistently rejected individual-centered changes. This trend, he argued, illustrates the need for a dialogue involving the electorate on these significant matters.
With the discussion on raising the retirement age for judges on the table, Rajapaksa raised pertinent questions about the substance of such amendments, asserting that they are inadequate without comprehensive judicial reform. He suggested that the government's focus should not merely be on extending tenures but on genuinely addressing the overburdened court system.
He articulated a clear stance against any political advantage that might be sought through superficial reforms, reaffirming his commitment to partaking in any fair investigation. Rajapaksa, embodying the role of the opposition leader, urged the need for transparency and accountability in government actions, calling upon his colleagues to pursue a principled political agenda.
In closing, Rajapaksa reminded the press and the public that regardless of personal feelings towards individual leaders, it is the collective responsibility of all to engage in discussions about the future of the nation’s governance and judicial integrity.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එකගයි.
ReplyDeleteශිරාණි බණ්ඩාරනායකට කලා වගේ බලෙන් විශ්‍රාම ගන්නමුද
Deleteදැනට තනතුරු දරන විනිසුරුවරුන්ට අදාළ නොවන ලෙස එනම් ඉදිරියේදී තනතුරු වලට පත් වන විනිසුරුවරුන්ට පමණක් බලපාන ලෙස මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරනවා නම්, එවිට, ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නෑ.
ReplyDeleteඑතකොට දැනට තනතුරු දරන විනිසුරුවරුන්ට නඩුව අහන්න පුළුවන්
හරියටම හරි. පැහැදිලිවම ළබැදියාවන් අතර ගැටුමක් සහ හොරාගෙන් පේන ඇහීමක් වෙනවා. ජජාල බෑම කියයි තුට්ටු දෙකක් සහ වාහන කට්ටක් ලැබෙන පෙරේත තටුවට 67 වෙනකං.
ReplyDeleteමොකක් හරි කට්ටක් ලැබෙනව කිව්වොත් මේ ලංකාවෙ පකයො ඕනෑම දහදුරා වැඩක් කරයි. මොකෝ ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණයට ගෙනත් දාන්නෙ ප්‍රොක්සිමා සෙන්ටෝරිවල ඒලියන්තල නෙවෙයිනෙ.
Deleteඒලියන්ත වයිට් ප්‍රොක්සිමා සෙන්ටෝරිවල කී දෙනෙක් කියල යැව්වද ඒ කාලෙ
Deleteනිවැරදි ඉල්ලීමක්..
ReplyDeleteබෝනගේන් පරයන් සහ කටෝලික මිසදිටුවන්ට අධිකරණ සේවය තහනම් කළ යුතුයි.
ReplyDeleteස්වභාවික යුක්තියේ මූලධර්ම
ReplyDelete1තමන්ගේ නැතුව තමන් විසින්ම ඇසිය නොහැක.
2චෝදනාවට වරද කරු කරන තුරුම නිවරදිකරුය.
3නීතිය ඉදිරියේ සියලු දෙනා සමානය.
4නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ.
ඒ අනුව ඉදිරියට ක්‍රියාත්මක වන පරිදි ගැටලුවක් නොවේ.