විනිශ්චයකාර වයස් සීමාව වැඩි කලා කියා අධිකරණ ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ...


‘නඩු අහන්න,ඉක්මන් කරන්න,අධිකරණ වල ප්‍රමාණය වැඩි කරන්න. විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව වැඩි කරා කියලා අධිකරණ ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැනේ සභාපතිතුමා? අධිකරණ පද්ධතියට බැඳෙන්න බලාගෙන විශාල පිරිසක් ඉන්නවා. හැම අවුරුද්දෙම නීතිඥවරු 1,000කට, 1,500කට ආසන්න ප්‍රමාණයක් දිවුරුම් දෙනවා. අපේ රටේ අධිකරණ පද්ධතියට මේ නීතිඥවරුන්ගේ, ගරු විනිශ්චයකාරවරුන්ගේ අඩුවක් නැහැ. අවස්ථාව දෙන්නයි තියෙන්නේ’ යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

අද විශේෂයෙන්ම මට පෙර කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමන් මේ පහුගිය ආණ්ඩුව කාලේ විශ්වාසභංග ගෙනාවේ නැහැ කිව්වා. ඉතින් ඕක ගිහින් අපිට කියන්න එපා. අනුර කුමාර ජනාධිපතිවරයාගෙන් අහන්න ඇයි ගෙනාවේ නැත්තේ කියලා.

ඒ වෙලාවේ ඔබතුමාලා ඒක වැරදියි කියලා දැක්කා නම්, විශ්වාසභංගයක් ගේන්න තිබ්බා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා ලොහාන් ඇමතිතුමා එක්ක දාපු ඩීල් එක මන් දන්නේ නැහැ. අනුර කුමාර මහත්තයා. අපි දන්නවනේ ඉතින් කට්ටිය ගැන, ගරු සභාපතිතුමිය. දැන් කතා කරනවා.

දැන් ලොකු චෝදනාවක් නැගුවා නීතිඥ සංගමයේ සභාපතිවරයා ගැන. මම අහනවා අපේ අධිකරණ ඇමතිතුමාගෙන්. එතුමාත් නීතිඥවරයෙක්. ගරු ඇමතිතුමා! අධිකරණ ඇමතිතුමා! ප්‍රශ්නයක් අහනවා.

ඔබතුමා අර අර කරපු චෝදනාව පිළිගන්නවද? ඔබතුමා අධිකරණ ඇමතිවරයා විදිහට මේ රටේ නීතිඥ සංගමයේ සාමාජිකයෙක් විදිහට, නීතිඥවරයෙක් විදිහට, වටගල ඇමතිතුමාත් ඉන්නවා. ඔබතුමාලා අනුමත කරනවද අර අර චෝදනාව?

අද රටේ නීතිඥ සංගමයේ සභාපතිවරයා විපක්ෂයේ නායකවරයා හම්බවුනාම, ඒක දේශපාලන ඩීල් එකක් කියලා කියනවා ඔබතුමාලා අනුමත කරනවද? මොකද ඔබතුමාලා නීතිඥවරු. ඔබතුමාලා නීතිඥ සංගමයේ සාමාජිකයෝ.

ඒ හින්දා ඔබතුමාලා නියෝජනය කරන පක්ෂයේ කෙනෙක්, ගරු ඔබතුමාලා විපක්ෂයේ ඉන්න කාලේ නීතිඥ සංගමයට තරම් ලොකු දෙයක් නැහැ ඔබතුමාලට. 

දැන් ඊයේ සාකච්ඡාවෙ පින්තූරේ ගැන කතා කරා ගරු ඇමතිතුමනි. ඊයේ පින්තූරේ ගරු සභාපතිතුමිය, ඊට කලින් යහපාලන ආණ්ඩුව වෙලාවේ ගහපු පින්තූරේ මම විතරයි අඩු.

යහපාලන ආණ්ඩුව වෙලාවේ ඔය ටීම් එකත් එක්කම අනුර කුමාර මහත්තයාත් වාඩි වෙලා ඒ පින්තූරේ හිටියා. එකම වෙනස අනුර කුමාර මහත්තයා අයින් වෙලා මම ඒ පින්තූරෙට ඇවිල්ලා. දැන් ඒ පින්තූරෙට බනිනවා.

ඔයාලා ඒ කට්ටිය එක්ක වාඩි වෙලා දේශපාලනය කරලා ඩීල් එක දානකොට හොඳයි  හැබැයි ඒ පින්තූරෙට දැන් බැන්නට, එදා ඒ පින්තූරේ හිටියේ අනුර කුමාර මහත්තයා.

ඒ හින්දා ගරු සභාපතිතුමිය, අපි පැහැදිලිවම ගරු අධිකරණ ඇමතිතුමනි, මේ කාරණය සම්බන්ධයෙන් ඔබතුමා වගකීම බාරගත්තා. ඔබතුමා ඇවිල්ලා කිව්වා මාධ්‍යයට, මම වගකීම බාරගන්නවා කියලා. හැබැයි වගකීම බාරගත්තා කියලා මේකෙන් ඈත් වෙන්න බැහැ ගරු සභාපතිතුමිය. ජීවිත 30කට ආසන්න ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා.

ඒ වගේම තමයි අපි දැනගන්න කැමතියි අධිකරණ ඇමතිවරයාගෙන්, පොලීසිය බාර ඇමතිවරයාත් ඉන්නවා. මේ සඳහා බුද්ධි අංශ වාර්තාවන් ලැබුණද?

බුද්ධි අංශ වාර්තාවක් ලැබුණා නම්, ඒ බුද්ධි අංශ වාර්තාව ආරක්ෂක කවුන්සිලයේ ගරු ජනාධිපතිවරයාව දැනුවත් කරාද? ගරු ජනාධිපතිතුමාව දැනුවත් කරා නම්, ගරු ඇමතිතුමනි, ගරු ජනාධිපතිතුමා ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද?

එහෙම නැත්නම්, බුද්ධි අංශ වාර්තාවක් ලැබුණේ නැද්ද? ඇමතිතුමා මේක දන්නේ නැද්ද? හමුදාව, බුද්ධි අංශය, පොලීසිය මේ පිළිබඳ අවබෝධයක් තිබ්බේ නැද්ද? කියන කාරණය සම්බන්ධයෙන්.

ඉතින් ඔබතුමාලාට මේක මේ දේශපාලන කාරණයක් දල්ලා ගරු සභාපතිතුමිය අංග බේරගන්න බැහැ. දැන් අවුරුදු දෙකක් වෙනවා ආණ්ඩුවට ඇවිල්ලා. ඉතින් ඔබතුමාලා ආණ්ඩුවට එනකොට යම් වැඩපිළිවෙලක් බන්ධනාගාර පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙලා තිබ්බා. හැබැයි ඒ ක්‍රියාත්මක වෙලා තිබිච්ච ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ඔබතුමාලා නැවැත්තුවා.

අපේ විෂමද්‍රව්‍ය පනත සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තියෙන්නේ. දැන් මාස හයක් වෙනවා. එහෙම වුණා නම්  සැකකරුවන් 15,000කට වැඩි ප්‍රමාණයකට එළියට එන්න පුලුවන්.

ඇමතිතුමා දැන් මාස හයක් ගිහිල්ලනේ. නේද? ඔබතුමාලාටද මේ අධිකරණ පද්ධතියේ නඩු ඉක්මනින් ඉවර කරගන්න ඕනේ කියලා නේ කියන්නේ? දැන් ඉවර කරගන්න ඕනේ නම් මාස හයක් මොකක්ද කරේ?

හැබැයි දැන් ප්‍රශ්නයක් ඇතිවුණාම, දැන් ඒ පිළිබඳ කතිකාවතක් ඇතිවුණාම, දැන් ගේන්න කතා කරනවා. ගෙනල්ලා සංශෝධනය කරන්න 41,000ක් බන්ධනාගාර වල ඉන්නවා. 10,000යි තියන්න පුළුවන්. මේ 41,000න් 15,000කට කඩිනමින් තීන්දුවක් දෙන්න පුළුවන්. ඒ තීන්දුව දෙන්න පුළුවන් හැකියාව තියෙද්දී, ඒ තීන්දුව දෙන්න පුළුවන් වැඩපිළිවෙල තියෙද්දී මොකක්ද ඔබතුමාලා කරන්නේ? ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව ඉන්නවා. ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව ඉන්නවා.

දැන් බන්ධනාගාර පද්ධතිය ඩිජිටලයිස් කරන එක, දැන් මතක් කරා. "ඔවු කරනවා" කිව්වා. දැන් අවුරුදු දෙකක් තිස්සේ "කරනවා" කියනවා. 

අලි සබ්‍රි අමාත්‍යවරයා ඉන්න කාලේ ඒකේ ප්‍රොකියුමන්ට් එකත් ඉවර කරලා තිබ්බේ ගරු සභාපතිතුමිය. ක්‍රියාත්මක කරන්න තිබ්බේ. හැබැයි ඒ වෙලාවේ තිබ්බ දේශපාලන වාතාවරණයත් එක්ක ආණ්ඩු මාරු වුණා. හින්දා අලි සබ්‍රි අමාත්‍යවරයාට ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වුණා.

හැබැයි ඊට පස්සේ, දැන් ඔබතුමාලා බලයට ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් වෙනවා, අද වෙනකන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා විෂය බාර ඇමතිතුමා කෝල් ගහනවා. විවාදය යනවා, ඇමතිතුමා ෆෝන් එකේ මල්කඩනවද දන්නේ නැහැ.

ගරු සභාපතිතුමිය, දැන් මේ පාර්ලිමේන්තුවේ විනයක් ඇතුව නේද ආවේ? පාර්ලිමේන්තුවේ විනයක් තියෙනවා කියලා කිව්වා නේද?

කැබිනට් ඇමතිවරයා තමන්ට විශ්වාසභංගයක් ගෙනල්ලා තියෙනවා, තමන්ට විරුද්ධව මතයක් ගොඩනැගෙනවා, තමන්ට විරුද්ධව චෝදනා එල්ලවෙනකොට, ඇමතිවරයා ෆෝන් එකේ ගෙවල්වල අයගේ ප්‍රශ්න විසඳනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳුවා නම් හොඳයි. හැබැයි ගෙවල් වල අයගේ ප්‍රශ්න විසඳන්නේ.

දැන් ගරු සභාපතිතුමිය, අපි බන්ධනාගාර රෝහලේ අදටත් බෙහෙත් නැහැ ගරු ඇමතිතුමා. රටේ රෝහල් වලත් බෙහෙත් නැහැ. මේ වෙනකොට ජීවිත ආරක්ෂාව සඳහා වෙන Life Saving drug එකක් තියෙනවා. දැන් මේ Drug එක ගේන්න ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවද?

බන්ධනාගාරයේ ඩෙංගු තියෙනවා. රට පුරා ඩෙංගු ව්‍යාප්ත වෙනවා. හැබැයි ඩෙංගු මර්දනය කරන්න ආණ්ඩුවේ මොකක්ද වැඩපිළිවෙල?

ඒ හින්දා ගරු ඇමතිතුමනි, ඔබතුමාට මේකේ ඇඟ බේරගන්න බැහැ නිලධාරීන් පිට පටවලා. මොකද මම දැක්කා කියනවා පරීක්ෂණ කරනකොට වෙඩි තියපු අය අපි අල්ලන්නම් කියලා. පරීක්ෂණ කරන්න හැබැයි ඔබතුමාලා අනිත් පැත්තෙන් මේ කාරණය සම්පූර්ණයෙන් ඔබතුමාලා දේශපාලනීකරණය කරන්න ලෑස්ති වෙන්න එපා.

නඩු අහන්න,ඉක්මන් කරන්න,අධිකරණ වල ප්‍රමාණය වැඩි කරන්න. විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව වැඩි කරා කියලා අධිකරණ ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැනේ ගරු සභාපතිතුමා? අධිකරණ පද්ධතියට බැඳෙන්න බලාගෙන විශාල පිරිසක් ඉන්නවා. හැම අවුරුද්දෙම නීතිඥවරු 1,000කට, 1,500කට ආසන්න ප්‍රමාණයක් දිවුරුම් දෙනවා. අපේ රටේ අධිකරණ පද්ධතියට මේ නීතිඥවරුන්ගේ, ගරු විනිශ්චයකාරවරුන්ගේ අඩුවක් නැහැ. අවස්ථාව දෙන්නයි තියෙන්නේ.

අද අඩු ගානෙ අධිකරණ පද්ධතියට විනිශ්චයකාරවරු බැඳගන්නවා වගේම, අනිත් පැත්තෙන් වෛද්‍යවරු බැඳගැනීම සම්බන්ධයෙන් තාම ප්‍රමාදයක් තියෙනවා. ඉතින් මේවා පිළිබඳව ඔබතුමාලා අවධානය යොමු කරන්නේ නැතුව, ඔබතුමාලා හිතනවා නම් මේ බය කරලා, "අපිට ඉන්නවා 159ක්, ඕන එකක් උඹලා කරගනින්" කියනවා නම් ඒ න්‍යායෙන් ගියාම වෙන්නේ ඔබතුමාලයි අර 'ඉල්ලන් කනවා' කියන්නේ ගරු සභාපතිතුමිය ඉල්ලන් කන්න.වෙන්නෙ.

ඒ හින්දා අද පැහැදිලිවම ආණ්ඩුව මේ වගකීම බාරගන්න ඕනේ. ජීවිත 30ක් නැති වෙලා තියෙනවා. මේක ආණ්ඩුවට වලක්වා ගන්න තිබ්බා. හැබැයි ඔබතුමාලා වලක්වා ගත්තේ නැහැ. පළවෙනි පැය 24ම වලක්වා ගන්න තිබ්බා. අඩු ගානේ බන්ධනාගාර හදන්න ආපු ටික පටන් ගත්තා, ඉඩම් අත්පත් කරගත්ත එක පටන් අරන් අවසන් කරන්න ඔබතුමාලා මැදිහත් වුණේ නැහැ. අම්පාරේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් දාන්න තිබ්බා, ඒක නැවැත්තුවා. ඉතින් අඩු ගානේ දැන්වත් මේ "පහුගිය ආණ්ඩුව කරපු හින්දා මේවා නවත්තනවා" කියන න්‍යාය පත්‍රයේ ඉන්නේ නැතුව, ඔබතුමාලා මේ වැඩ ටික කරන්න





Parliament Member Namal Rajapaksa Calls for Urgent Judicial Reforms

Amid escalating concerns regarding the country's judicial system, Parliament Member Namal Rajapaksa of the Sri Lanka Podujana Peramuna has called for immediate action to expedite court cases, increase the number of judges, and address the backlog of legal proceedings. During a parliamentary session, he stressed that merely extending the retirement age for judges is not a viable solution to the systemic issues plaguing the judiciary.

Rajapaksa pointed out that a significant number of individuals are awaiting justice, as each year, approximately 1,000 to 1,500 lawyers enter the legal profession. "Our country does not lack the number of lawyers or esteemed judges; what is needed is an opportunity for them to serve," he emphasized.

Further addressing parliamentary colleagues, he remarked on accusations made against his party during the previous regime, challenging them to clarify their stances rather than shifting the blame elsewhere. He particularly highlighted the inconsistencies in the opposition's narratives regarding political deals, suggesting that they should be held accountable for their past actions.

Raising pointed questions, Rajapaksa criticized the response of the current Minister of Justice. He asked whether the minister accepted allegations made against him concerning misconduct and whether the legal community would support such claims. “When opposition leaders meet with the President, are they merely engaging in political deals? Given you are lawyers, do you deem this acceptable?” he questioned.

With recent controversies involving the Bar Association's leadership, Rajapaksa expressed his intention to hold the Justice Minister accountable for the judicial challenges. He raised concerns regarding the alleged lack of intelligence reports that could have prevented legal mishaps, and how such failures could indicate a breakdown of communication within the security and judicial framework.

As he underscored the urgent need for a more effective and responsive judicial system, he challenged the government to reflect on the number of cases still pending—in the tens of thousands—and the urgency to implement necessary legislative reforms. “We have approximately 41,000 individuals incarcerated; why are we not prioritizing their cases when we have the capability to deliver swift justice?” he queried.

Rajapaksa concluded by emphasizing the government’s responsibility to address health crises within prisons, such as the dengue outbreak, and to ensure the availability of life-saving medications. “There has been negligence that has taken lives, and the government must prevent further loss,” he urged, calling for decisive action to resolve these pressing issues. He echoed the necessity of addressing the ongoing drug shortages affecting both prisons and hospitals as a critical government responsibility.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. Pelawatte hadana ganan ehema thamai.

    ReplyDelete
  2. නාමල් මහත්තයො. ඔබතුමා බැහැ කියලා කිව්වට මෙ ආණ්ඩුවට පුළුවන්. වැඩි විස්තර සඳහා සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් ලියපු " ආප්පයක් ගිය උඩ" ළමා කථාව දුරදක්නයක් ආධාරයෙන් කියවීම මැනවි.

    ReplyDelete
  3. ඕවට තමයි කියන්නේ බෙල්ලේ ලෙඩේට වල්ලට බේත් බඳිනවා කියලා. තමුන්ට ඕන විදහට නීතිය නමන්න ඕන නිසා ගොන් පාට් දෙනවා.

    ReplyDelete
  4. බෝනගේන් පකයන්ට අධිකරණය පාවලා දෙන්න යන්නෙ ප්‍රමිශ්කගෙ හුත්තට යට වෙලා

    ReplyDelete
Previous Post Next Post