CD ගේ අවමගුලට පූර්ණ පොලිස් ගෞරව.. සිය දිවි නසා ගැනීමක් නොවන බව සංඥාවක්ද...


 අභාවප්‍රාප්ත හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරවාචාර සහිතව හෙට (20) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් පූර්ණ පොලිස් ගෞරවය පුද කරමින් මෙම අවමංගල්‍ය උත්සවය සංවිධානය කර ඇති බවයි.

මාලබේ, තලාහේන, පරාක්‍රම මාවතේ පිහිටි සිය නිවසේ රැඳී සිටියදී ඉකුත් 17 වනදා සිදුවූ වෙඩි වැදීමකින් සී.ඩී. වික්‍රමරත්න මහතා අභාවප්‍රාප්ත විය.

මෙම මරණය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් මගින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේ අවසන් වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය පවසයි.

සාමාන්‍යයෙන් පොලිස් ආචාර ධර්මවලට අනුව දිවි නසාගැනීමකදී පොලිස් ගෞරවාචාර හිමි නොවන නමුත්, හිටපු පොලිස්පතිවරයා මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස ඉටුකළ සේවය අගයමින් මෙම ගෞරවාචාරය පිරිනැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

 සී.ඩී. වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.





Final Farewell for Former Police Chief C.D. Wickramarathne to be Held with Honors

The final rites for the late former Inspector General of Police, C.D. Wickramarathne, are set to take place with full police honors tomorrow evening (20th) at the Borella Cemetery.

F.U. Wootler, the Police Media Spokesman and Assistant Superintendent of Police, confirmed that the organizing committee is arranging this solemn ceremony to pay tribute to the former police chief.

Wickramarathne succumbed to injuries following a shooting incident that occurred on the 17th of this month while he was at his residence located in Malabe, Talangama, on Parakram Mawatha.

Two police teams have been assigned to conduct extensive investigations into his death. However, the final report from the post-mortem examination has not yet been received, according to police sources.

Typically, police decorum dictates that honors are not bestowed in cases of homicide; however, a decision has been made to pay these honors in recognition of Wickramarathne's contributions as the 35th Inspector General of Police in Sri Lanka.

C.D. Wickramarathne served as the 35th head of the Sri Lanka Police, marking a significant chapter in the nation's policing history.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ඇසට ඇසක් දතට දතක් ඉල්ලා වියරැවෙන්.. ලේපිපාසිත ව්‍රෘකයන්ලෙසට..July 20, 2026 at 2:20 AM

    ඇසට ඇසක් දතට දතක් ඉල්ලා වියරැවෙන්..
    ලේපිපාසිත ව්‍රෘකයන්ලෙසට..
    හිත්පිත් නොමැතිව කෘෘර ලෙසට..
    යුග පුරැශයන්ගේ ජීවිත තාඩන පීඩයට ලක්කර සියදිවි නසාගන්නා, බිළිගන්නා තතවයටපත්කර..
    දැඩි පීඩනයට හින්සනයට පත්කර ඇති බැවින්..
    සියුම් යථාර්ථය සවිඥානිකව ගැඹුරින් අවභෝද කර ගනිමින්..
    කුණු ලේ රසට වහ වැටී..
    ඉතිහාසගත මහා හෙළ රාජ්‍ය බිළිගැනීමට..
    විසකුරැ දත් විළිස්සා දෙබිඩි කුමණ්ත්‍රණික ලෙසට කූඨ ලෙසට හැසිරෙමින්..
    ඇසට ඇසක්..
    දතට දතක් ඉලා කිඹුල් කඳුළු සළමින්..
    ගෙවළප්‍රේතයන් ව්‍රෘකයන් ලෙසට ලේ පිපාසිතව වැලපෙනා...
    මාත්‍රෘභූමිය,..
    ඉතිහාසගත මහා හෙළ රාජ්‍ය බිළිගැනීමට..
    නාසිවාදයේ යටත්විජිත ආක්‍රමණය මරැවිකලෙන් මෙහෙයවා...
    වසවිස,ජෙෙව අවි, රසායනික අවි ඇතුළු සූළඝාථක මිසයිල ප්‍රහාර තුළින් ඇට ලේ මස් නහර කිතු කකීතකරමින්, මහපොළව ලෙයින් කඳුළින් තෙත්කරමින්,..
    පරමාණු බෝම්බ පෘථිවියේ සමස්ථ ජීවය මත හෙළමින්..
    ගිනියම් වූ යකඩ හි්ත් පිත් නැති ලෙසට කෘෘර ලෙසට මිලේඥ ලෙසට..
    සත්‍යවාදී භූමිපුත්‍රයන්ගේ ප්‍රාණය නිරැද්ධ කරම්න් ජන සමාජ බෙදා වෙන්කර..
    රැධිර පිපාසාවෙන් ..
    නිරන්තර වෙෙරය ක්‍රෝධය වපුරමින්..
    ජන සමාජයේ සාමය ප්‍රගමණය වලකා,..
    බෙදා වෙන්කර පාළණය කිරීම ප්‍රධාන න්‍යාය කොට ගනිමින්..
    ලේ පිපාසිතව කුමණ්ත්‍රණ කරමින්..
    කටයුතු කරනා මිත්‍යාද්‍රශ්ඨික ආක්‍රමණික බළවේග පිළිබඳව සමස්ථ සිව් හෙළයේ දැඩි අවධනය,.!

    ReplyDelete
    Replies
    1. Aparade ochchara liwwe...Maina gana kiyanna ochachara liyanna one na...Oka lagadima marila yay

      Delete
    2. ලප සාපෙ තමයි.ජෙපි මිනීමරුවො හිතන් ඉන්නෙ අනුර කොල්ලා කියලා. ඌට ලබන අවුරුද්දට 60. නාකි මයිනෙක්😂😂

      Delete
Previous Post Next Post