වාහන බද්දෙන් අපේ කොන්දේසි කැඩිලා.. වහා ඉවත් කරන්න..- IMF ලංකාවට දන්වයි..

 


ශ්‍රී ලංකාව වාහන ආනයනයේදී පනවා ඇති සියයට 50ක අධිභාරය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් එකඟතාවන් සහ කැපවීම් උල්ලංඝනය කිරීමක් බව එම අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එමන් පැපජෝර්ජියෝ මහතා මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.

රජය විසින් මෑතකදී හඳුන්වා දුන් මෙම බදු සංශෝධනය මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලබා දී ඇති පොරොන්දු කඩකිරීමක් ලෙස හඳුනාගෙන ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, මෙම අධිභාරය මාස තුනක කාලයකට පමණක් සීමා වනු ඇතැයි මූල්‍ය අරමුදල විශ්වාසය පළ කරයි. ඒ අනුව, මෙම සියයට 50ක අතිරේක බද්ද යළි ඉවත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැපජෝර්ජියෝ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ආනයන සීමා පැනවීම හෝ මෙවැනි අධික බදු අය කිරීම් දිරිමත් නොකරන බවත්, නිදහස් වෙළඳ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම රටේ ආර්ථික ස්ථාවරත්වයට වැදගත් බවත් මෙහිදී අවධාරණය කෙරිණි.





IMF Criticizes Sri Lanka's 50% Import Tax on Vehicles as Breach of Agreements

The International Monetary Fund (IMF) states that Sri Lanka's imposition of a 50% tax on vehicle imports constitutes a violation of agreements and commitments made with the organization.

This revelation was made by the head of the IMF's operations in the country, Emman Papageorgiou, during a media briefing.

He highlighted that the recent tax reform introduced by the government has been identified as a breach of commitments made by Sri Lanka under the Fund's program.

However, the IMF expressed confidence that this tax would be limited to a period of three months. Accordingly, Papageorgiou further noted that it is expected that this additional 50% tax will be removed.

During this discussion, it was emphasized that imposing import restrictions or similar high tax rates does not promote the IMF's assistance programs, and maintaining a free trade policy is crucial for the country's economic stability.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post