චරිත් අබේසිංහ නිසා SJB දෙදරයි..


 සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පාතාල කල්ලි නායකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ එම පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මෙම සිද්ධිය හේතුවෙන් පක්ෂයේ නායකයින් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින බවත්, පක්ෂය තුළ  මතභේදයක් හටගෙන ඇති බවත් වාර්තා වේ.

චරිත් අබේසිංහ වැනි පුද්ගලයන් මීට පෙර අධිකරණයෙන් දඬුවම් ලැබූවන් බව දැන දැනම ඔවුන් පක්ෂයට සම්බන්ධ කරගැනීමට මුල් වූ පිරිස පිළිබඳව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිති.

පක්ෂය වෙනුවෙන් වසර ගණනාවක් කැපවූ ක්‍රියාකාරීන් සිටියදී, කිසිදු සොයා බැලීමකින් තොරව මෙවැනි පුද්ගලයන්ට පක්ෂයේ ඉහළ තනතුරු ලබාදීම පිළිබඳව ඔවුන් සිය අප්‍රසාදය පළ කර ඇත.

පක්ෂයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ මැදිහත්වීම මත චරිත් අබේසිංහ පක්ෂයට සම්බන්ධ කරගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ.

ඔහු පක්ෂයට සම්බන්ධ වී පැය 24ක් ගතවීමටත් පෙර පක්ෂයේ ඉහළම තීරක මණ්ඩලය වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කිරීම පිටුපස කිසියම් ගනුදෙනුවක් පවතින්නේද යන්න පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව පක්ෂ ප්‍රබලයෝ පෙන්වා දෙති.

අවම වශයෙන් පක්ෂය වෙනුවෙන් කිසිදු වැඩකොටසක් ඉටු නොකළ අයෙකුට මෙවැනි වරප්‍රසාද හිමිවීම පක්ෂයේ අනන්‍යතාවයට හානියක් බව ඔවුන්ගේ මතයයි.

අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය මෙන්ම ඔහු දැරූ සියලු තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.

මීට අමතරව ඔහු බහුජන බලය සංවිධානයේ ජාතික සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇති බව වාර්තා වේ.

8 Comments

  1. ලංකාවේ කොළොඹ පුද්ගලික රෝහලක ස්ටේන්ට් එකක් දාන්න අවම රුපියල් ලක්ෂ පහළොවක් ගන්නවා. දැනට තුනල් දාලනම් රුපියල් ලක්ෂ 45ක් ගේවල. තව පහක් දන්නා යනවනම් රුපියල ලක්ෂ 75ක්. මූ මර පෝසත් එකෙක්නෙ මෙච්චර ගෙවන්න...අපිට හාර්ල් ඇටයක් පාන් ගෙඩියක් කන්න සල්ලි නැහැ...අපි අන්ත අසන දුප්පත් මිනිස්සු එක පාරක් හරි කන්න ලැබෙනේ කොයි වේලාවේද කියල බලාගෙන ඉන්නේ...අපි කුලියක් මලියක් කරගත්තොත් අපේ ළමයින්ට කන්න ලැබෙනවා...මුන් ලෝකෙය් වටේ ගිහිල්ලා සල්ලි පිල්ලි ගන්න තරම් තියෙනවා. අනුර කුමාර දිසානා ජනාදිපති..කොහොමහරි අපිවත් මුන් වගේ පෝසත් කරලා දෙන්න.

    ReplyDelete
    Replies
    1. ගම්මිරිස් වවහන්කෝ සල්ලි නෑ කිය කියා අඬ අඬා ඉන්නේ..
      හිල් ජෝක්කු ඇඳලා අනුන්ගෙන් කාලා ඇඳලා හිටපු උන් ගම්මිරිස් වවලා කෝටිපති උනේ බන්
      හැබැයි සල්ලි නෑ කිව්වට උඹ ළඟ ක්‍රිප්ටෝ තියෙනවා නේද..

      Delete
  2. පසුගිය මැතිවරණ වලදී දේශපාලන රැලි පැවැත්වීම ඇතුළු ප්‍රචාරක කටයුතු සඳහා මාලිමාව ඇතුළු සියළු ම පක්ෂ මුදල් වියදම් කිරීම පිළිබඳ ව පක්ෂ පාට භේදයෙන් තොරව සොයා බලන්න .....එතකොට තේරෙයි මෙවැනි ආකාරයට මුදල් රැස්කළ අය කවුද කියලා....

    ReplyDelete
    Replies
    1. මාලිමාව always publish it every year

      Delete
    2. yeah yeah ඕල්වේස් පබ්ලිෂ් ..
      බට් පැලවත්ත ගිණුම නෝ පබ්ලිෂ්

      Delete
    3. Ithin uba gihin policiye paminillak dahanko meke inna ewunta kiya kiya nahen adanne

      Delete
    4. Maalimaawa published it in the toilet in invincible ink. Are you daft?

      Delete
    5. ඌට කියන්නෙ නැතිව තෝ වගේ පගර ජෙප්පෙක්ම ගිහින් පැමිණිලි කොරපන් වසලයා

      Delete
Previous Post Next Post