22 සංශෝධනයේ පළමු ප‍්‍රතිලාභියා අගවිනිසුරුයි..- BASL


රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් වුවහොත්, එහි ප්‍රතිලාභ ලබන පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ වත්මන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය 2026 දෙසැම්බර් 01 වැනිදා අවසන් වීමට නියමිතව ඇති බවයි.

එම ධුර කාලය දීර්ඝ කිරීමේ අරමුණින් මෙම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ඉදිරියට ගෙන යන බවට සමාජය තුළ පුළුල් මතයක් පවතින බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

යෝජිත 22 වන සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට බරපතල බලපෑමක් එල්ල වන බව නීතිඥ සංගමයේ ස්ථාවරය වී ඇත.

මේ හේතුවෙන් අදාළ සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

මෑත කාලීනව අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණ පද්ධතිය ඉලක්ක කරගනිමින් පාර්ලිමේන්තුව තුළ සහ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන විවිධ චෝදනා සහ ප්‍රහාර පිළිබඳව ද නීතිඥ සංගමය සිය දැඩි අවධානය යොමු කර ඇත. අධිකරණය යනු නීත්‍යනුකූල විමර්ශනයට සහ වගවීමට යටත් විය යුතු ආයතනයක් වුවද, විනිසුරුවරුන් සම්බන්ධයෙන් එල්ල වන ඕනෑම විශ්වසනීය චෝදනාවක් පවතින ව්‍යවස්ථාපිත ක්‍රියාපටිපාටියට අනුකූලව විමර්ශනය කළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.

තහවුරු නොකළ කරුණු මත පදනම්ව විනිසුරුවරුන්ට සහ නීතිඥවරුන්ට එල්ල කරන පුද්ගලික ප්‍රහාර මගින් යුක්තිය පසිඳලීමේ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙන බවත්, එය සමස්ත නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් බවත් නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ජනතාව වෙනුවෙන් පවතින ආරක්ෂණයක් බැවින්, අධිකරණ පද්ධතියට ගරු කරන ලෙසත්, පවතින ගැටලු නීත්‍යනුකූල රාමුව තුළ පමණක් සාකච්ඡා කරන ලෙසත් නීතිඥ සංගමය රජයෙන්, මාධ්‍යවලින් සහ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම නිවේදනය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.






Concerns Rise Over Proposed 22nd Constitutional Amendment in Sri Lanka

The Sri Lanka Bar Association has voiced significant concerns regarding the potential implications of the proposed 22nd Constitutional Amendment. If enacted into law, the amendment is likely to benefit the current Chief Justice first, who is expected to complete their tenure by December 1, 2026.

There is widespread sentiment within the community that this constitutional reform is being expedited to extend the current Chief Justice's term. The Bar Association warns that the amendment poses serious risks not only to the independence of the judiciary but also to the fundamental rights of citizens.

They have formally lodged a petition at the Supreme Court challenging the constitutionality of the proposed amendment, emphasizing the potential detrimental impact it could have on the judiciary's autonomy.

Recent allegations targeting the Chief Justice and the judicial system, surfacing both in Parliament and on social media, have garnered the Bar Association's close attention. While they acknowledge the necessity for lawful scrutiny and accountability regarding judges, the Association stresses that any credible accusations should follow the constitutional process for investigation.

Moreover, they assert that unsubstantiated personal attacks on judges and lawyers threaten public confidence in the justice system, posing a serious risk to the overall integrity of the rule of law.

In their statement, the Bar Association emphasizes that safeguarding judicial independence is a critical protective measure for the populace. They urge the government, media, and all stakeholders to address existing issues strictly within the legal framework.

This statement has been released under the signatures of President Rajeev Amarasuriya and Secretary Nalin de Silva of the Sri Lanka Bar Association.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

20 Comments

  1. උගේ කලේ වැඩිකරගන්න ඕනනේ

    හොර වැඩ පටන්ගන්න

    ReplyDelete
    Replies
    1. ඕකා හොර වැඩ කොරන්නෙ මහාධිකරණ කාලෙ ඉදන්.

      Delete
    2. Muta thiyenne bornagain Munakne

      Delete
  2. කොහොමද ටිකිරි මොලේ

    ReplyDelete
  3. ජයලත් දුරයගේ චමින්ද ජයලත් (Real)August 27, 2026 at 10:15 PM

    එක්ස්ප්‍රස් පර්ල් නැව්කාවෙන් සිදුවූ විනාශයේ වින්දිතයින්ට ලැබෙන්ඩ තිබුන වන්දිය ලබාගත් ප්‍රතිලාභියාත් සූරසේනයාම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි ඌ කාලෙ දිග් ගස්සගෙන කෝදාගොඩ විශ්‍රාම යවන්න හදන්නෙ

      Delete
    2. ජයලත් දුරයගේ චමින්ද ජයලත් (Original)August 27, 2026 at 10:30 PM

      මේ වගේ කමෙන්ට් දාපුවාම සී නිව්ස් එකට විරුද්ධව අදිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු දාන්ඩ පුළුවන්, රංජන් ට දීපු තීන්දුව අනුව කතෘ තුමාට කූරු ගණින්ඩ වෙනවා අවුරුදු 4ක්. අනික මේ මගේ නම හොරට දාගෙන කමෙන්ට් කරන පුද්ගලයෙක් මේ, මේ මිනිහා ගේ ගොං කමෙන්ට් නිසා මටත් හිරේ විලංගුවේ වැටෙන්ඩ වෙයි ද දන් නෑ.

      Delete
    3. ඉලන්දාරි පේඬිගේ අමිල රුක්ෂාන්August 27, 2026 at 11:17 PM

      උඹ ජයලත් දුරයගේ චමින්ද ජයලත් නම් උඹ පතිරණ ගලප්පත්ති, පතිරණ ගලප්පත්ති (Real), පතිරණ ගලප්පත්ති (original) කිය කිය පහුගිය දවස්වල මෙතන වැලලෙන්ඩ හැදුවෙ මොන මගුලකටද යකෝ?

      Delete
  4. සූරසේනයට උපන් දින දෙකක් තියෙන්නෙ ඌ බෝන් අගේන් නිසා කියල සජිත් කියනව.

    ReplyDelete
  5. එක්ස්ප්‍රස් පර්ල් වංචාවෙන් සූරසේනයා ප්‍රකෝටිපතියෙක් වුනා

    ReplyDelete
    Replies
    1. කොළඹින් කෝටි ගානක් වටිනා ඇපාර්ට්මන්ට් හය හතක් ගත්තයි කියන දිමුතු සූරයාත් මේකෙම තවත් ප්‍රතිලාභියෙක් නේද? 

      Delete
  6. පතිරණ ගලප්පත්තිAugust 27, 2026 at 10:22 PM

    පළමු ප්‍රථිලාභියා අග විනිසුරු කිව්වම ඒකේ අර්ථය වැරදියට ගන්ඩ පුළුවන්. අධිකරණ පද්ධතියේ ප්‍රධානියා අග විනිසුරු , අධිකරණයට අදාල ඕනෑම තීරණයක පළමු වෙනි බලපෑම ඇති වෙන්නේ ඔහුට. හරියට පාර්ලිමේන්තුවේ ඕනෑම දේකදී ප්‍රථමයෙන් එය බලපාන්නේ කථානායකට වගේ. උදාහරණයක් හැටියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝණය වන විදියේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නොත් ඒ පිළිඹඳ ප්‍රථි-තීන්දුවක් දීමේ බලය තිබෙන්නේ කථානායකට.

    ඒ වගේම තමා පාර්ලිමේන්තුවේ කාලය වසර 10කට දීර්ඝ කලොත්, නැත්නම් වසර 3කට කෙටි කලොත්, ඒකෙත් පළමු බලපෑම එන්නේ කථානායකට කියා කිව හැකියි, නමුත් එය පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අදාලයි. ජේ.ආර්. ජනමත විචාරණයකට ගියාම ඒක සමස්ථ පාර්ලිමේන්තුවට බලපෑව. නමුත් ඒකෙදි පළමු ප්‍රථිලාභියා කියලා කවුරුවත් කථානායකව පෙන්වීම කලේ නෑ.

    ඒ නිසා සමාජය නොමඟ යවන සුළු විදියට කරුණු හැසිරවීම නොකල යුතුයි.

    ReplyDelete
    Replies
    1. බුද්ධි මට්ටමෙන් අඩු හරක් කොටාගෙ ජාන සංයුතිය තියෙන හරකෙක් දිග හෑල්ලක් ලියල

      Delete
    2. පතිරණ කියන ගොනා තප්පුලනව

      Delete
    3. තප්පුලනව

      ekta palawaththen gewanawane

      padu naha

      Delete
  7. ඉතිං ඔයාට පාන් ද?

    ReplyDelete
  8. හැන්ද තියෙන එකා ලැජ්ජ නැතිව තමන්ම වැඩිපුර බෙදා ගන්නව කියන්නෙ ඕකට තමයි.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි

      Delete
  9. 👍👍👍👍👍👍👍

    ReplyDelete
Previous Post Next Post