විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු දෙකකින් ඉහළ නැංවීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය දැඩි අවධානය යොමු කර තිබේ.
විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වේට් (Margaret Satterthwaite) මහත්මිය විසින් මේ පිළිබඳව කරුණු විමසමින් ශ්‍රී ලංකා රජය වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.
යෝජිත සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට නියමිතය.
මෙම වෙනස්කම් දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ සේවා කාලයට ද එකවර බලපාන පරිදි සකස් කර තිබීම ගැටලුසහගත බව විශේෂ වාර්තාකාරිනිය පෙන්වා දෙයි.
මෙම පියවර හරහා අධිකරණයේ ස්වාධීනත්වයට සහ යුක්තිසහගත නඩු විභාගයකට ඇති අයිතියට බරපතල බලපෑම් එල්ල විය හැකි බවට ඇය අනතුරු අඟවයි.
නිසි උපදේශන ක්‍රියාවලියකින් තොරව සහ බාහිර බලපෑම්වලින් ආරක්ෂා වීමේ ක්‍රමවේද තහවුරු නොකර මෙවැනි සංශෝධන හදිසියේ ගෙන ඒමෙන් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු විය හැකි බව ද එම ලිපියේ සඳහන් වේ.
එබැවින්, මෙම සංශෝධනය ගෙන ඒමට පාදක වූ හේතු, විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ බලපෑම්වලින් තොරව අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට ගෙන ඇති පියවර සහ නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ මේ පිළිබඳව පවත්වා ඇති සාකච්ඡා මොනවාද යන්න පිළිබඳව වහාම පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස විශේෂ වාර්තාකාරිනිය රජයෙන් ඉල්ලා සිටී.
UN Concerns Over Proposed Changes to Judges' Retirement Age in Sri Lanka
The proposed constitutional amendment to raise the retirement age for judges in Sri Lanka has caught the attention of the United Nations, reflecting its significant implications for judicial independence.
Margaret Satterthwaite, the UN's Special Rapporteur on the independence of judges and lawyers, has sent a formal letter to the Sri Lankan government seeking clarification on various issues surrounding this amendment.
According to the suggested changes, the retirement age for Supreme Court judges would increase from 65 to 67 years, while the limit for Appeals Court judges would shift from 63 to 65 years.
Concerns have been raised about these changes potentially affecting the tenure of serving judges, which could lead to complications, Satterthwaite noted.
She warned that this move could severely impact the independence of the judiciary and the public's right to a fair trial.
Furthermore, the letter points out that implementing such amendments suddenly, without proper consultation processes and without ensuring safeguards against external influences, could undermine public trust in the judicial system.
Thus, Satterthwaite has urged the government to provide immediate clarification on the motivations behind this amendment, the measures taken to preserve judicial independence free from executive or legislative pressures, and the discussions held with relevant stakeholders, including the legal community.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දැන් ෂැපද?
ReplyDelete