මෝටර් රථ බදු වංචා නඩුව ගැන නීතීඥ සභාපති කට අරී... නාගානන්ද ගස් යන ලකුණු...


පසුගිය සති කිහිපය තුළ තමන් ඉලක්ක කරගනිමින් දියත් වූ පෞද්ගලික ප්‍රහාර මාලාව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

තමන් විපක්ෂ නායකවරයා සමඟ රහස් ගිවිසුමකට එළඹ ඇති බවට එල්ල වූ චෝදනා මෙන්ම, 'විනිවිද පදනම'  හරහා නාගානන්ද කොඩිතුවක්කු මහතා අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල ද අමරසූරිය මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි.

අදාළ පැමිණිල්ලට පාදක වී ඇති මෝටර් රථ ආනයනකරුවෙකුගේ බලපත්‍ර අලෙවි නියෝජිතයෙකු සම්බන්ධ නඩු කටයුත්ත පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසන්නේ, තමන් එම නඩුවේදී පෙනී සිටියේ නීතිඥවරයෙකු ලෙස සිය සේවාදායකයා නියෝජනය කිරීමට මිස වෙනත් අරමුණකින් නොවන බවයි. ජනාධිපති නීතිඥවරුන් කිහිපදෙනෙකු සමඟ එක්ව අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීම සිය වෘත්තීය වගකීම ඉටු කිරීමක් පමණක් බව ඔහු අවධාරණය කරයි.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ නාගානන්ද කොඩිතුවක්කු මහතා මීට පෙර අදාළ නඩු කටයුතුවලදී වගඋත්තරකරුවෙකු හෝ පෙත්සම්කරුවෙකු ලෙස මැදිහත් වී සිටි බවත්, 2024 පෙබරවාරි 29 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුව නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එම මැදිහත් වීම් නතර වූ බවත් අමරසූරිය මහතා පෙන්වා දෙයි.

තමන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනා ද්වේෂසහගත අරමුණින් සිදු කරන ලද ඒවා බව පවසන සභාපතිවරයා, දූෂණ විරෝධී පනතේ 119 වන වගන්තිය යටතේ අසත්‍ය හෝ ද්වේෂසහගත පැමිණිලි ඉදිරිපත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සිහිපත් කරයි. එවැනි පැමිණිලි ඉදිරිපත් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට මෙන්ම අගතියට පත් පාර්ශ්වයට වන්දි ලබා දීමට ද එම පනතේ ප්‍රතිපාදන පවතින බව ඔහු සඳහන් කළේය.

මෙවැනි පෞද්ගලික ප්‍රහාරවලින් තමන් කිසිසේත් අධෛර්යයට පත් නොවන බව පවසන රජීව් අමරසූරිය මහතා, සත්‍යය වෙනුවෙන් පෙනී සිටිමින් සිය වෘත්තීය වගකීම් අවංකව ඉටු කරන බව ප්‍රකාශ කරයි. "උසම ගසට තමයි වැඩියෙන්ම සුළඟ වදින්නේ" යන පැරණි කියමන සිහිපත් කරමින් ඔහු පවසන්නේ, නීතියේ ආධිපත්‍යය සහ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට තමන් සැමවිටම කැපවන බවයි.





Sri Lanka Bar Association President Addresses Allegations Amidst Controversial Complaints

In a significant development, Rajiv Amarasinghe, the President of the Sri Lanka Bar Association, has issued a detailed clarification regarding recent personal attacks aimed at him and complaints lodged with the Commission to Investigate Allegations of Bribery or Corruption.

Amarasinghe vehemently rejected accusations suggesting that he entered into a secret agreement with the opposition leader. He also refuted claims made by Nagananada Kodithuwakku, who filed a complaint with the bribery commission, labeling them as unfounded.

Responding to inquiries regarding a case involving a motor vehicle importer’s licensing agent, Amarasinghe stated his involvement was solely to represent his client as a legal practitioner. He emphasized that appearing before the Court of Appeal and the Supreme Court alongside several prominent attorneys is merely part of fulfilling his professional obligations.

Highlighting the context of the complaint, Amarasinghe pointed out that Kodithuwakku had previously participated as a mediator in related legal proceedings. However, following his disbarment on February 29, 2024, by the Supreme Court, these interventions ceased.

Describing the accusations against him as malice-driven, Amarasinghe reminded that false or malicious complaints under Section 119 of the Prevention of Corruption Act are punishable offenses. He underscored that the law not only holds individuals accountable for such claims but also provides compensation to the aggrieved parties.

Despite facing these personal assaults, Amarasinghe remains steadfast and committed to his professional responsibilities, asserting that he will not succumb to any form of intimidation. He referenced the old adage, “The tallest tree catches the most wind,” reaffirming his dedication to upholding the rule of law and maintaining professional integrity at all times.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

23 Comments

  1. මෙයාටත් රෙවිලා වගේ

    ReplyDelete
    Replies
    1. ඌට කෙසේ වෙතත් ආන්ඩුවටනම් එහෙම වෙලා බවයි අපිට පේන්නේ.

      Delete
    2. ආණ්ඩුවට රෙවිලද නැද්ද කියන එක 2029 කෝටියක් ඡන්ද ලැබෙනකොට ඕගොල්ලන්ට බලාගන්න පුළුවන්.

      Delete
    3. ආණ්ඩුව මේ වේලාවේ තමන්ට පක්ෂපාති ඕනෑම පාදඩයෙක්ද පාතාලෙයෙක්ද පාදිලියෙක්ද පාණ්කඩයෙක්ද පාහරයෙක්ද පාණ්ඩුවෙක්ද පරදේශක්කාරයෙක්ද පරපණනසන්නෙක්ද පිංගුත්තරයෙක්ද පල්ලිකාරයෙක්ද නොබලා ඔහු හෝ ඇයගෙන් ඕනෑම සහායක් ලබාගන්නවා නියතය.

      Delete
    4. ආණ්ඩුවට රෙවිලා තියෙන්නේ.දැන් හැමතැනම කක්කා දදා යනවා

      Delete
    5. අන්න ඉන්දියාවෙන් කියලා ඡන්දෙ තියන්න කියලා.
      දැන් ඡන්දෙ තියල බලපල්ලකො.

      Delete
    6. කැට තියලා කියන්නේ ඊළඟ ඡන්දෙන් මාලිමාවට කෝටියයි ♥️

      Delete
    7. ඌට ගෙවිලා තියෙනවා දැක්කා නමි උඹට ඒ ටික හෝදලා දාන්න තිඛුනනේ මේකේ වැලපෙන්නේ නැතුව.

      Delete
  2. අඩු කුලේ අමන සූරිය හොරා පකේ වෘත්තීය ගරුත්වය ආරක්ශා කරනව. නාගානන්ද 100% හරි, මූ පොඩි ගාණක් නෙවෙයි, බිලියන් 16ක් ගහල මාට්ටු

    ReplyDelete
    Replies
    1. අලුත් බොරු ගොතන්න ඉස්සෙල්ලා රාජපක්ශලා හොරකම් කරලා උගන්ඩාවට ගෙනිච්ච කියපු ඩොලර් බිලියන 18 (රුපියල් කෝටි 612000) ගෙනත් ඉඳපන්.

      Delete
    2. කොච්චර හොරකම් කරත් රෑට නින්ද යන්නෙ නැත්තං ඇති වැඩක් තියෙනවද බං

      Delete
    3. අනිවා කජු පොන්ටින්ට හේත්තු වෙලා ඉන්න එකෙක් කියන්නේ මූ අමනම හොරෙක් තමයි

      Delete
    4. නාගානන්ද කියන්නේ අර රේගු වංචාවක් කරලා අධිකරණෙන් වරදකරු කරපු හොර ගෙඩියා නේද?

      Delete
  3. ඩෝබි සෙට් එක බැහැලා දෙන ගේම දැක්කම හිතාගන්න පුලුවන් මොකද්ද නිව්ස් එක කියලා
    කියලා
    උබලගෙ ලොක්කන්ට කියලා නාගවයි පොන්නසෙක වයි ඇමති වරු කරපල්ලකො

    ReplyDelete
    Replies
    1. උඹල හිතන් ඉන්නේ ආණ්ඩුව හෝදන්න ඕනේ කියලා. ආණ්ඩුව හෝදන්න කිසිම දෙයක් ඉතුරු කරලා නෑ යකෝ.
      තොපේ කාලකන්නි බල්ලො ටික තමයි හැමදාම නාන්නේ.
      නිකන් නෙවේ ඇදගෙන

      Delete
  4. කොටා සූරයාගේ කාලය දීර්ඝ කරන්ඩ පුලුවන් හැම සෙල්ලමක්ම දානව,
    නාගයාට ලොකු සන්තෝසමක් දීල රජීව්ට විරුද්ධව බොරු පැමිණිල්ලක් දාන්ඩ කියල ඇති.

    ReplyDelete
    Replies
    1. ඇයි නඩු අහලා ඉක්මනට තීන්දු දෙනකොට ඇඟට අමාරුයි වගේද? ලෙඩක් ඕක. නම බයිකුලප්පුව.

      Delete
    2. නඩු අහලා ඉක්මනට තීන්දු දීල වැඩක් නැහැ ඒ තීන්දුව ඇතුලේ නීතිය නැත්තන්. නීතිය නැවිල නම්. ඇඟට අමාරු තීන්දු හම්බෙයි ජෙප්පන්ට බලන් හිටපන්කො.

      Delete
    3. ඇයි නීතිය නැත්තේ? මොනවත් තියෙන අඩුපාඩු? ඔයාට තියෙනවා නම් ප්‍රශ්න ඔයාට පුළුවන් නීති ඉස්සරහට යන්න මෙතන නිකං කීබෝඩ් පලන්නේ නැතුව

      Delete
  5. නාගා නම් මම හිතන්නෙ attention seeking disorder එකක් තියෙන පොරක් - මිනිහා අදින සමහර cases වල පොඩි පදනමක් තියෙනවා - සමහර ඒවා නම් මිනිහාට lime light එකට එන්න ම කරන ඒවා

    ReplyDelete
    Replies
    1. තව කෙනෙක් ඉන්නව නේද ගම්මන්පිල්ලයන් කියලා ඔය ලෙඩේම තියෙන

      Delete
    2. ගූ ගානන්ද තට්ට පකය

      Delete
  6. හීනමානය ඇති අයට ඇතිවෙන දැඩි ඉරිසියාව නිසා,තමන්ට වඩා කුමන ආකාරයකින් හෝ උසස් පුද්ගලයන්ට මඩ ගැසීම, තමන්ගේ විශාල වරදවල් තිබියදී අනිකාගේ පොඩි පොඩි වරදවල් මහා විශාල ලෙස උලුප්පා දැක්වීම මේ දින සමාජ මාධ්‍ය වල අඩුවක් නැතිව පෙනෙන්න තියෙනවා. කොමෙන්ට් එක දකිද්දි කියන්න පුළුවන් මිනිහගේ පවුල් පසුබිම, මුහුණ කටේ සහ ශරීර ස්වභාවය සහ අධ්‍යාපන මට්ටම. ඒ එකක් හරි තියෙන අය අනිකුත් පුද්ගලයන්ට අශික්කිත ලෙස අපහාස කරනවා ඉතා අඩුයි.

    ReplyDelete
Previous Post Next Post