ත්‍රීවීල් රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට රජය බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පාසල් අධ්‍යාපනය අවසන් කළ සැණින් තරුණයන් ත්‍රීවීල් රථ රැකියාව සඳහා යොමුවීම වැළැක්වීම මෙහි මූලික අරමුණ බවයි.
"පාසලෙන් අයින් වුණ ගමන් ත්‍රීවීල් එකක් අරන් පාරට එන්න බැහැ. ඒ නිසා අපි අධ්‍යාපනයේ වෙනසක් කරනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
තරුණ පරපුර වඩාත් ඵලදායී වෘත්තීන් සහ අධ්‍යාපන අවස්ථා සඳහා යොමු කිරීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට රජයේ අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ඒ අනුව ඉදිරියේදී ත්‍රීවීල් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා නව වයස් සීමාවන් හඳුන්වා දීමට නියමිතය.
Government Plans to Raise Minimum Age for Three-Wheeler Driver Licenses to 40
The government intends to increase the minimum age limit for acquiring a three-wheeler driver’s license to 40 years, as disclosed by Deputy Minister Nalin Hewage.
Speaking at a recent event, the Minister highlighted that the primary aim of this initiative is to discourage individuals from entering the three-wheeler driving profession right after completing their school education.
"Once students leave school, they should not just pick up a three-wheeler and hit the road. Therefore, we are making a change in education policy," he emphasized.
He further noted that the government's focus is on guiding the youth towards more productive careers and educational opportunities.
Accordingly, new age restrictions for the issuance of three-wheeler driver licenses are expected to be introduced in the near future.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

malimava patta gahana mama mekata ekenma support .. meka jathika avasyathavayak. habai aragala karanna 40 eun ena ekak nehe. eath ekenma respect....
ReplyDeleteමම ඇත්තටම මුංට පළු යන්න බනිනවා කොමෙන්ට් වල ..හැබැයි මේ කරන වැඩේ නම් හොදයි..මෝටර් බයික් ලයිසන් දෙන වයසත් වැඩි කරන්න පුළුවන් නම්..පුද්ගලික බස් වල කොන්දොස්තර රියදුරු රස්සා දෙන වයසත් වැඩි කරන්න....ච්
ReplyDeleteටුකු ටුකු නැති කරලම දාල බස් ටිකක් වැඩිකරන වනම් හොදටම හොදයි.
ReplyDeleteනියමයි. ඉක්මනට කරන්න පටන්ගන්න.රට හදනව නම් ඔහොමයි කරන්න ඕනෙ.බලය ගත්තට පස්සෙ කරන්න හදන එකම හොද වැඩේ.හැබයි දැන් තියෙන ඒව කැන්සල් කරල අලුතින් දෙන්න ඕනෙ.ලොතරැයි විකුණන එක ආබාධිත අයට හා මහලු අයට විතරක් දෙන්න.පාර දෙපැත්තෙ සර්වපාක්ෂික හා ලක්ෂ ලට්ට ලොට්ට විකුණන අයත් එවලා දාන්න නිෂ්පාදනය වැඩබිම්මේ වලට. වගේ දේවල් කරල පෙන්නන්න.කියල විතරක් මදි කරල පෙන්නන්න. එහෙම නම් අයපි ආණ්ඩුව රකින්නන්.කොහෙද ඔයාල පිස්සුද කෙලින්නෙ
ReplyDeleteVitz වගේ වෙයිද
ReplyDeleteoka karanna beri wedak, adu wayasen marry karala job nethi ewunn godak karanne three wheel job eka thamai
ReplyDeleteමේකෙ ගොඩක්ම වීල් වලට බනින්නෙ බයික් එකක්වත් නැති එවුන්. ත්‍රීවිල් එලවන එකත් නාකින්ට විතරද? දැන් නාකින්ට සලකන ආන්ඩුවක් ගේන්නද කජුකිරි කොල්ලො අරගල කලේ. ඔහොම ඒවා කරන්න ආන්ඩු මොකටද? ත්‍රීවිල් නියාමනය කරනින හරි ක්‍රම වෙදයක් හදල මාර්ග නීති හරියට පාලනය කරානම් ඒ මින්ස්සුන්ටත් ගෞරවනීය විදියට රස්සාව කරන්න පුලුවන්
ReplyDelete